ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන අර්ජුන, ගවස්කාර් ඇතුළු ලොව ප්‍රකට හිටපු නායකයින් 22ක් ල පාකිස්ථාන අගමැතිගෙන් යළි ලිඛිතව ඉල්ලයි!
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ලෝක සම්භාවනාවට පත් හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් 22 දෙනෙකු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් වෙත නැවතත් ලිපියක් යොමු කර තිබේ.
LSN Sri Lanka ·

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය සහ හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝග තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ලොව ප්‍රකට හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් 22 දෙනෙකු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් වෙත නැවතත් ලිපියක් යොමු කර තිබේ.

අර්ජුන රණතුංග, සුනිල් ගවස්කාර්, ඇලන් බෝඩර්, ග්‍රෙග් චැපල්, ඉයන් චැපල්, ඩේවිඩ් ගෝවර්, ක්ලයිව් ලොයිඩ්, ස්ටීව් වෝ සහ ජෝන් රයිට් ඇතුළු ප්‍රමුඛ පෙළේ හිටපු නායකයින් රැසක් මෙයට අත්සන් තබා ඇත.

ඉම්රාන් ඛාන් රෝහල් ගත කර, ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරුන් සහ සොහොයුරිය වන වෛද්‍ය උස්මා ඛාන් ඇතුළත් වෛද්‍ය මණ්ඩලයක් මගින් පරීක්ෂාවට ලක් කිරීමටත්, පවුලේ සමීපතමයන්ට සතිපතා ඔහුව හමුවීමට අවස්ථාව දීමටත් පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.

එහෙත් එම ලිපියේ දක්වා ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට පටහැනිව ඉම්රාන් ඛාන් රෝහලේ රඳවා තබාගෙන ඇත්තේ පැය කිහිපයක් පමණක් බවය. අධිකරණය නියම කළ පෞද්ගලික වෛද්‍යවරුන් සහිත මණ්ඩලය වෙනුවට රජය විසින් පත් කළ වෛද්‍ය කණ්ඩායමක් ලවා පරීක්ෂා කර, ඔහු "වෛද්‍යමය වශයෙන් සුදුසු තත්ත්වයේ සිටින බවට" ප්‍රකාශ කර අධිකරණ මණ්ඩලයේ කාර්යය නිම කිරීමට පෙර නැවත අඩියාලා බන්ධනාගාරයට යවා ඇති බවය. එම හිටපු නායකයින් මේ තිරණය කෙරෙහි තම කනගාටුව පළ කර සිටියි.

මෙම ලිපිය මගින් හිටපු නායකයින් ප්‍රධාන ඉල්ලීම් 3ක් අග්‍රාමාත්‍යවරයා හමුවේ තබා ඇත:

ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ පරිදි, ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික වෛද්‍යවරුන් ද ඇතුළත් මණ්ඩලයට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය (විශේෂයෙන්ම දකුණු ඇසෙහි පෙනීම අඩුවීම සම්බන්ධයෙන්) පූර්ණ හා ස්වාධීන පරීක්ෂාවක් කිරීමට ඉඩ දීම.

අධිකරණය මගින් යළි ලබා දුන් සතිපතා පවුලේ හමුවීම් කිසිදු පරිපාලනමය ප්‍රමාදයකින් හෝ බාධාවකින් තොරව සිදු කිරීමට ඉඩ සැලසීම.

එම ස්වාධීන වෛද්‍ය පරීක්ෂණයේදී නිර්දේශ වන සියලුම වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාදයකින් තොරව ලබා දීමට කටයුතු කිරීම.

මෙසේ හිටපු නායකයින් පාකිස්ථාන අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ දෙවන අවස්ථාව මෙයයි. පසුගිය පෙබරවාරි මාසයේදී ද හිටපු නායකයින් 14 දෙනෙකු ලිපියක් යොමු කරමින් ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ නිසි වෛද්‍ය සලකා බැලීමක් නොලැබීම හේතුවෙන් ඔහුගේ එක් ඇසක පෙනීම සම්පූර්ණයෙන්ම වාගේ අහිමි වී ඇති බවට පවුලේ අය කළ ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි කනගාටුව පළ කර තිබිණි.

"අප මෙසේ ලියන්නේ දේශපාලනඥයන් ලෙස නොව, ක්‍රිකට් පිටිය තුළ ගොඩනගා ගත් සහෝදරත්වය සහ මතකයන් පෙරදැරි කරගත් හිටපු සගයන් සහ ක්‍රිකට් නායකයින් ලෙසයි," යනුවෙන් ප්‍රකාශ කරන එම ක්‍රීඩකයින්, පාකිස්ථානයේ අභ්‍යන්තර නීතිමය ක්‍රියාවලියට මැදිහත් වීමේ කිසිදු අරමුණක් තමන්ට නොමැති බවද අවධාරණය කරයි.

2018 සිට 2022 දක්වා පාකිස්ථානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ 73 හැවිරිදි ඉම්රාන් ඛාන්, ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු දූෂණ චෝදනා ඇතුළු නඩු ගණනාවකට වරදකරු කරමින් වසර 10, 14 සහ 17 බැගින් වූ සිරදඬුවම් නියම කර ඇත. ඊට අමතරව 2024 මැතිවරණයට පෙර, ඔහුගේ වත්මන් බිරිඳ පූර්ව විවාහයෙන් දික්කසාද වී නියමිත කාල සීමාව අවසන් වීමට පෙර විවාහ වූවා යැයි පවසමින් වසර 7ක සිරදඬුවමක් ද නියම කෙරිණි.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් සහ ජාත්‍යන්තර මානව හිමිකම් සම්මේලනය වැනි සංවිධාන ද ඉම්රාන් ඛාන්ට එරෙහි නඩු විභාගවල සාධාරණත්වය සහ බන්ධනාගාරයේ පවතින තත්ත්වයන් පිළිබඳව කනගාටුව පළ කර ඇත. ඔහුගේ පුතුන් ප්‍රකාශ කර ඇත්තේ ඉම්රාන් ඛාන් මානසික වධහිංසාවලට ලක්වන බවය. කෙසේ වෙතත් පාකිස්ථාන රජය මෙම සියලු චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි.

ලිපියට අත්සන් තැබූ හිටපු නායකයින් 22 දෙනා:

මයිකල් ආතටන්, ඇලෙක්ස් බ්ලැක්වෙල්, ඇලන් බෝඩර්, මයිකල් බ්‍රියර්ලි, ග්‍රෙග් චැපල්, ඉයන් චැපල්, බෙලින්ඩා ක්ලාක්, ඇලස්ටෙයාර් කුක්, මයික් ගැටින්, සුනිල් ගවස්කාර්, ලී ජර්මන්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, ඩේවිඩ් ගෝවර්, කිම් හියුස්, නසාර් හුසේන්, ක්ලයිව් ලොයිඩ්, කපිල් දෙව්, අර්ජුන රණතුංග, ඇන්ඩෲ ස්ට්‍රෝස්, දිලිප් වෙන්ග්සාර්කාර්, ස්ටීව් වෝ සහ ජෝන් රයිට්.