පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 ප්‍රකාශයට පත් කිරීමට තීරණය කරයි!
කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
LSN Sri Lanka ·

කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

අද (අගෝස්තු 24 වැනිදා) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබ ඇත. මෙම නඩුව විභාග කරනු ලබන්නේ මහාධිකරණ විනිසුරුවරුන්වන නවරත්න මාරසිංහ (සභාපති), රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මඩුල්ලක් ඉදිරියේ ය.

පාස්කු ඉරිදා දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයන්ට කුමන්ත්‍රණය කිරීමේ ප්‍රධාන චෝදනාව ඇතුළු චෝදනා 23,270ක් මෙහි විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නිතිපතිවරයා විසින් ගොනු කර තිබුණි. ඔවුන් අතර නවුෆර් මවුලවි ඇතුළු ප්‍රධාන චූදිතයො වෙති. සඟවා තිබූ බෝම්බ පුපුරන ද්‍රව්‍ය , කඩු, ගිනි අවි, බෝම්බ සෑදීමට ගන්නා රසායනික ද්‍රව්‍ය ආදී භාණ්ඩ 2076ක් නඩු විභාගයේ දී නඩු භාණ්ඩ ලෙස සලකුණු කර තිබේ. රජයේ රස පරික්ෂක වාර්තා ගණනාවක් සහ DNA වාර්තා, වෛද්‍ය වාර්තා, පශ්චාත් මරණ පරික්ෂණ වාර්තා විශාල ප්‍රමාණයක් ලකුණු කර තිබේ. චූදිතයින්ගේ පාපොච්චාරණ 10ක් ද සාක්ෂි ලෙස පිළිගෙන

මෙහි පැමිණිල්ලේ නඩුව අවසන් වූයේ ඉකුත් 13 වැනිදා පස්වරුවේ දීයි. පසුගිය අගෝස්තු 17 වැනිදා විත්තිකරුවන් තමන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

නඩුවේ විත්තියේ දේශන අද සවස 6.00ට පමණ අවසන් කර ඇති අතර, දෙපාර්ශවයේ ලිඛිත දේශන ලබන සැප්තැම්බර් මස 08 වැනිදාට ලබා දෙන ලෙස අධිකරණය නියම කර තිබේ.

2019 අප්‍රේල් 21 වැනිදා කොළඹ, මීගමුව සහ මඩකලපුව යන ප්‍රදේශවල පල්ලි සහ හෝටල් ඉලක්ක කරගනිමින් සිදු වූ මෙම ප්‍රහාර මාලාවෙන් 270කට අධික පිරිසක් මිය ගිය අතර සිය ගණනක් තුවාල ලැබූහ. එම ප්‍රහාරවලට වගකිව යුතු බවට චෝදනා එල්ල වන පුද්ගලයින්ට එරෙහිව අධිකරණය හමුවේ දීර්ඝ කාලයක් තිස්සේ විභාග වන මෙම නඩුව, දැන් තීන්දු අවස්ථාවට ළඟා වී තිබීම වින්දිතයින්ගේ පවුල්වලට සහ මහජනතාවට වැදගත් සන්ධිස්ථානයකි.

මෙම තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් වීමට නියමිත අතර, එය රටේ යුක්තිය ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලියේ තවත් වැදගත් පියවරක් ලෙස සැලකේ.