LSN News › Sri Lanka

22 වැනි සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක් නෑ: එක්සත් ජාතීන්ගේ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි!

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නැගූ චෝදනා සහ කනස්සල්ල ශ්‍රී ලංකා රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

LSN Sri Lanka · 30 August 2026

22 වැනි සංශෝධනයෙන් අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක් නෑ: එක්සත් ජාතීන්ගේ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි!

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නැගූ චෝදනා සහ කනස්සල්ල ශ්‍රී ලංකා රජය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට රජය බැඳී සිටින බව නැවතත් අවධාරණය කරන රජය, මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ කිසියම් නිශ්චිත විනිසුරුවරයෙකුගේ ධුර කාලය දීර්ඝ කිරීමට හෝ ආසන්න ආයතනික අරමුණක් වෙනුවෙන් අධිකරණයේ සංයුතිය වෙනස් කිරීමට නොවන බව පෙන්වා දෙයි.

ජිනීවාහි පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය හරහා පිටු හයකින් යුත් සවිස්තරාත්මක පිළිතුරක් යොමු කරමින් රජය පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත සහ නීතිමය රාමුව තුළ අධිකරණ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා පූර්ණ ආරක්ෂණ වැඩපිළිවෙලක් පවතින බවය. එම සන්දර්භය තුළ හිඳිමින් මෙම සංශෝධනය දෙස බැලිය යුතු බව රජය සඳහන් කරයි.

මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ වන්නේ අධිකරණ පද්ධතියේ ධාරිතාව වැඩිදියුණු කිරීම, නඩු ප්‍රමාදය සහ ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව අවම කිරීම, ජනතාවට සාධාරණය ඉටුකර ගැනීමේ ප්‍රවේශය පහසු කිරීම, ප්‍රාදේශීය මට්ටමින් අභියාචනාධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමට මග පාදා ගැනීම සහ අධිකරණයේ ප්‍රවීණතාව මෙන්ම ආයතනික දැනුම රැකගැනීම බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මීට පෙර, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වේට් (Margaret Satterthwaite) මගින් පෙන්වා දී තිබුණේ, මෙම විශ්‍රාම වයස දීර්ඝ කිරීම දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ට ද අදාළ වන පරිදි සම්මත කිරීම මගින් අධිකරණ ස්වාධීනත්වයට සහ බලතල බෙදීමේ සද්භාවයට බාධා පැමිණිය හැකි බවය.

එහෙත් ඊට පිළිතුරු දෙමින් රජය පෙන්වා දෙන්නේ අධිකරණ සංඛ්‍යාව සහ විනිසුරු තනතුරු සංඛ්‍යාව ඉහළ නැංවීමට යෝජිත පසුබිමක, දැනට සේවයේ නියුතු පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය අඛණ්ඩව ලබාගැනීම පද්ධතියේ කාර්යක්ෂමතාවට අත්‍යවශ්‍ය කරුණක් බවයි. දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ ධුර කාලයට මෙයින් යම් බලපෑමක් සිදු වුවද, එය දේශපාලන ඇඟිලි ගැසීමක් ලෙස අර්ථ නිරූපණය කළ නොහැකි බව ද රජය වැඩිදුරටත් පෙන්වා දෙයි.

එසේම, කිසියම් නඩුවක තීන්දුවක් සම්බන්ධයෙන් විනිසුරුවරයෙකුට නියෝග දීමට හෝ තීන්දුවක් පදනම් කරගෙන විනිසුරුවරයෙකු ධුරයෙන් ඉවත් කිරීමට විධායකයට කිසිදු බලයක් මෙම සංශෝධනයෙන් හිමි නොවන බව ද රජය අවධාරණය කර ඇත.