LSN News › Sri Lanka

22 සංශෝධනය : පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලූ පෙත්සම්කාර ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් (Full Bench) හමුවේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශව කළ ඉල්ලීම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

LSN Sri Lanka · 1 September 2026

22 සංශෝධනය  : පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලූ පෙත්සම්කාර ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් (Full Bench) හමුවේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශව කළ ඉල්ලීම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ඉහාන් කුලතුංග යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදු කෙරේ.

නඩු විභාගය ශාලා අංක 501 වෙත මාරු කෙරේ

අද පූර්වාහනයේ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ 502 ශාලාවේදී ආරම්භ වූ අවස්ථාවේදී, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම ශාලාවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවය. මෙම නඩුව මහජන අවධානයට ලක්වූවක් බැවින් පැමිණ සිටින සියලු දෙනාට අසුන්ගත හැකි වෙනත් ශාලාවකට නඩු විභාගය මාරු කරන ලෙස නීතිඥවරු ඉල්ලා සිටියහ.

එම කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල, පෙත්සම් විභාගය වඩාත් ඉඩකඩ සහිත ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාව වෙත මාරු කිරීමට නියම කළේය.

පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටි හේතු

අනතුරුව පෙත්සම් විභාගය ආරම්භ වූ අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, යෝජිත 22 වන සංශෝධන පනත් කෙටුම්පත සමස්ත අධිකරණ පද්ධතියේ සිටින සියලුම විනිසුරුවරුන්ට බලපාන සංශෝධනයක් බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙය විමසන ලෙසය. සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද එම ඉල්ලීමට සහය පළ කළහ.

ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය:

"ස්වාමීනි, මෙම පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය සෘජුවම උල්ලංඝනය වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය සම්බන්ධ වන ඉතා වැදගත් කොටසක්. නමුත් මෙම යෝජිත පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් සිදු වෙනවා. එමගින් ජනතාවගේ පරමාධිපත්‍යයට හානි සිදු වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය සෘජුවම 4 වන වගන්තිය හා සම්බන්ධයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තියෙන් කියවෙන්නේ මූලික මිනිස් අයිතිවාසිකම්, ස්වෛරීභාවය පිළිබඳවයි. එබැවින් 4 වන වගන්තිය හා සම්බන්ධ වන යම් කරුණක් සංශෝධනය කරනවා නම් ඒ සම්බන්ධව ජනමත විචාරණයක් සිදු කිරීම අත්‍යවශ්‍යයි. මෙම පෙත්සම ගොනු කිරීමට පෙර නීතිඥ සංගමයේ මහා සභාවකුත් කැඳවූවා. සභාව ඒකමතිකව තමයි මෙම පෙත්සම දාන්න අපි තීරණය කළේ."

නීතිපති සහ අතිරේක සොලිසිටර් ජනරාල්ගේ තර්ක

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න කියා සිටියේ, නඩුකරයකට අදාළව විනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ සම්පූර්ණ අභිමතය සහ බලය අගවිනිසුරුවරයා සතු වන බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (3) ව්‍යවස්ථාව යටතේ විනිසුරු මඩුල්ලක විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරුවරයා සතු බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් පාර්ශවයකට හැකියාවක් නොමැති බවද සඳහන් කළේය.

මහාචාර්ය ජී. එල්. පීරිස් වෙනුවෙන් අලි සබ්රි මහතා දැක්වූ කරුණු

අනතුරුව පෙත්සම්කාර හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටියේ, යෝජිත පනත් කෙටුම්පත තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල හානි සිදුවන බවය.

ජනාධිපති නීතිඥ අලි සබ්රි වැඩිදුරටත් අධිකරණය හමුවේ මෙසේ සඳහන් කළේය:

"ස්වාමීනි, මෙම සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 වෙනි වගන්තිය සෘජුවම උල්ලංඝනය වෙනවා. සාමාන්‍යයෙන් රටක බලතුලනය සිදු වෙන්නේ පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය අතරයි. එවැනි වටපිටාවක අධිකරණයේ ස්වාධීනත්වයට යම් හෙයකින් හානි සිදුවුවහොත් එය එම බලතුලනයට සෘජුව බලපානවා.

18 සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දු අනුව මෙවැනි වගන්ති වල යම් සංශෝධනයක් කෙරෙනවා නම් එය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකින්ද සම්මත කළ යුතු වෙනවා."

අතරමැදි පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් කියා සිටියේ, නඩුකරයට අදාළව සුදුසු විනිසුරු මඩුල්ල අගවිනිසුරුවරයාට පත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

අධිකරණයේ තීරණය

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල උසාවි කටයුතු විනාඩි 15 කට කල් තැබූ අතර, අනතුරුව නැවත රැස්වෙමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන නිවේදනය කළේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ලබාදීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත්, දැනට පත්කර ඇති මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේම පෙත්සම් විභාගය සිදු කරන බවත්ය.

අනතුරුව පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරියට පවත්වන ලදී.