LSN News › Sri Lanka

22 ට ජන මත විචාරණයක් නැති බව ජනපති අනුර දැනගත් හැටි විජිත කියයි!

2026 සැප්තැම්බර් 06 වන දා ඉරිදා බේරුවල පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් සම්මත කරගන්නා බවය.

LSN Sri Lanka · 8 September 2026

22 ට ජන මත විචාරණයක් නැති බව ජනපති  අනුර දැනගත් හැටි විජිත කියයි!

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට වූ දැනුම සාමාන්‍ය දැනීමක් බව විදේශ ඇමති විජිත හේරත් පුවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (08) කැබිනට් තීරණ ප්‍රකාශ කිරීම සඳහා කැඳවූ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි

2026 සැප්තැම්බර් 06 වන දා ඉරිදා බේරුවල පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු තුනෙන් දෙකක වැඩි ඡන්දයකින් සම්මත කරගන්නා බවය.

ජනමත විචාරණයක් ඉල්ලා නීතිඥ සංගමය ඇතුළු රටේ බහු ජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කර එම විභාගය අවසන් වී ඇති නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තවමත් ප්‍රකාශ වී නැති පසුබිමක ජනාධිපතිවරයා ජනමත විචාරණයක් නොමැති බව තහවුරු කරන ප්‍රකාශ නිකුත් කරන්නේ කවර පදනමක සිට දැයි මෙහිදී මාධ්‍ය විමසුවේය.

මේ ප්‍රකාශයේ ස්වරූපය සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය රැසක මතුකර තිබිණි. ජනාධිපතිවරයා තීන්දුව දන්නේ කෙසේ දැයි අද මාධ්‍ය විමසුවේය.

ඊට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය හමුවට පැමිණ සිටි විදේශ ඇමති විජිත හේරත් ප්‍රකාශ කළේ ව්‍යවස්ථාව පිළිබඳ නිවැරදිව අවබෝධයක් ඇති ඕනෑම පුද්ගලයෙකුට මේ ව්‍යවස්ථා සංශෝධනයට ජන මත විචාරණයක් අවශ්‍ය නැති බව තේරුම් ගත හැකි බවය.