22 සංශෝධනයට එරෙහි වීමට අයිතියක් තිබුණත් රෝගීන් බිල්ලට තබා වර්ජන සැලසුම් කරන්න එපා - සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සGMOA එකෙන් ඉල්ලයි!
ව්‍යවස්ථා සංශෝධනයක් මුල් කරගෙන රෝගී ජීවිත අනතුරේ හෙළන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා නොකරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින බව සෞඛ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.
LSN Sri Lanka ·

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වීමට වෙනත් ඕනෑම සංවිධානයකට මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටද (GMOA) පූර්ණ අයිතියක් ඇති නමුත්, එම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගනිමින් රෝගීන්ගේ ජීවිත බිල්ලට තබා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට නොඑළඹෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටියි.

ඇමතිවරයා මේ බව පැවසූයේ අද (01) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

සංගීත ක්ෂේත්‍රයේ නිරත ඉරාජ් වීරරත්න පෙත්සමක් ඉදිරිපත් කළා සේම, 22 වැනි සංශෝධනයට එරෙහිවීමේ අවස්ථාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටද පවතින බවත්, ඔවුන්ගේ මධ්‍යම කාරක සභාව හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් ඊට විරුද්ධ වීමට තීරණය කර තිබිය හැකි බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, සමගි ජන බලවේගය හෝ වෙනත් දේශපාලන පක්ෂයක් 22 වැනි සංශෝධනය මුල් කරගෙන උද්ඝෝෂණය කළද එය රටට මහත් බලපෑමක් නොවන බවත්, නීතිඥ සංගමය වර්ජනයක් කළහොත් සිදු වන්නේ නඩු කල් යාම පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.

නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සංශෝධනය පදනම් කරගෙන වැඩවර්ජනයකට යොමු වුවහොත් එයින් මුළු මහත් ජනතාවම දැඩි පීඩාවට පත්වන බව පෙන්වා දුන් ඇමතිවරයා, ව්‍යවස්ථා සංශෝධනයක් මුල් කරගෙන රෝගී ජීවිත අනතුරේ හෙළන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා නොකරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින බව වැඩිදුරටත් පැවසීය.