කඩුගන්නාව ගල විදපු ස්ථානය අසල නායයෑමක්: කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය හෙට උදෑසන දක්වා සම්පූර්ණයෙන්ම වසා දැමේ!
කඩුගන්නාව ගල විදපු ස්ථානයට ඉහළින් පස් කන්දක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් මාර්ගය අසල නතර කර තිබූ යතුරුපැදියක් ද ඊට යටවී ඇති බව පොලීසිය සඳහන් කරයි. සිද්ධියෙන් කිසිදු පුද්ගල හානියක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නොමැත.
LSN Sri Lanka ·

අධික වර්ෂාවත් සමඟ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව ගල විදපු ස්ථානය ආසන්නයෙන් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව පොලීසිය පවසයි.

අද (10) පස්වරු 5.30 ට පමණ මෙම නායයෑම සිදුව ඇති අතර, පස්වරු 6.15 දක්වා වාහන ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර තැබීමට පොලීසිය පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කඩුගන්නාව ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට තවත් පස් සමඟ විශාල ගල් කඩා වැටීමේ දැඩි අවදානමක් මතුව ඇත.

මේ හේතුවෙන් අදාළ මාර්ගයේ අධික වාහන තදබදයක් ඇතිවීම වැළැක්වීම සහ රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගය හෙට (11) පෙරවරු 6.00 දක්වා වසා තැබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත පවසයි.

ප්‍රධාන මාර්ගය වසා දැමීම හේතුවෙන් විකල්ප අතුරු මාර්ග භාවිත කරන ලෙස දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.