LSN News › Sri Lanka

බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරයි!

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ ආන්දෝලනයට තුඩු දුන් බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පවතින නඩුව අද (11) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගන්නා ලදී. එහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු නඩුවේ නම් සඳහන් තවත් කිහිප දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

LSN Sri Lanka · 11 November 2026

බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරයි!

මේ වනවිට අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිට ඇති දන්සල් භූමියේ මාරාන්තික උපවාසයක් අරඹා ඇති බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත් අඩංගුවට ගැනිමේ වරෙන්තුවක් නිකුත් වී තිබේ.

ඒ ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදුකර ඇති බව කියන අනවසර ඉදිකිරීම් සහ ආන්දෝලනයට තුඩු දුන් බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් පවතින නඩුව අද (11) උදෑසන 10.10ට පමණ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ බලංගොඩ කස්සප හිමියන් එම නඩුව සඳහා අධිකරණයේ පෙනී නොසිටීම නිසාය.

එහිදී කස්සප හිමියන් හැර අනෙක් පුද්ගලයින් 13 දෙනාම අධිකරණයට පැමිණ සිටියද, නඩුවට පැමිණ නොසිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලදී.

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් වූ අතර, නඩුවේ වැඩිදුර විභාගය 2027 ජනවාරි 06 වැනිදා දක්වා කල් තබා ඇත.

මෙම නඩුව ත්‍රිකුණාමලය වෙරළබඩ ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් සහ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් දිගු කාලයක් පවතින ආන්දෝලනාත්මක සිද්ධියකි. කස්සප හිමියන් ඇතුළු පිරිසක් මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත නිදහස් කර තිබූ අතර, අද පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුව නිකුත් වීම අවධානයට ලක්ව ඇත.

මේ වනවිට බලංගොඩ කස්සප හිමියන් සත්‍යග්‍රහයක් සහ මාරාන්තික උපවාසයක් අරඹා ඇත්තේත් අධිකරණ නියෝග දෙකක් කඩකරමින් වීම විශේෂය.