ශ්‍රී ලංකාවේ ප්‍රථම නියමු-රහිත මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා පරීක්ෂණ පියාසර කිරීම සාර්ථකයි – අමාත්‍ය අනුර කරුණාතිලකත් ගුවනට!
ඉදිරි මාස හය ඇතුළත ඩ්‍රෝන යානා භාවිතයෙන් වාණිජ මගී ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව රජය කියයි. මගී ප්‍රවාහනය, සංචාරක ව්‍යාපාරය සහ හදිසි අනිවාර්ය සේවා සඳහා විදුලි සිරස් අතට ගුවන්ගත වන සහ ගොඩබස්වන (eVTOL) යානා හඳුන්වා දීම සම්බන්ධයෙන්, චීනයේ ප්‍රමුඛ පෙළේ මගී ඩ්‍රෝන නිෂ්පාදකයකු වන යී හැං (Yi Hang) සමාගමේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ඉකුත් අගෝස්තු මාසයේ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
LSN Sri Lanka ·

ශ්‍රී ලංකා ගුවන් සේවා සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවමු පරිච්ඡේදයක් සලකුණු කරමින්, මෙරට ප්‍රථම නිල නියමු-රහිත මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා පරීක්ෂණ පියාසර කිරීම අද (11) කොළඹ පෝට් සිටි (Port City) පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.

මෙම විශේෂිත නිරූපණ පියාසර කිරීම සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක එක්වූ අතර, ඔහු ද අදාළ ඩ්‍රෝන යානයට නැඟී පියාසර අත්දැකීම ලබා ගැනීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවට විදුලි මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා (eVTOL) හඳුන්වා දීමේ දැවැන්ත ඉදිරි පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම අවස්ථාවට වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

පියාසර කිරීම අවසානයේ ගොඩබෑමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ, "මට හිතුණේ මමම ගුවනේ පියාසර කරනවා වගේ" යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පැවසුවේ, ඉදිරි මාස හය ඇතුළත ඩ්‍රෝන යානා භාවිතයෙන් වාණිජ මගී ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවය.

මගී ප්‍රවාහනය, සංචාරක ව්‍යාපාරය සහ හදිසි අනිවාර්ය සේවා සඳහා විදුලි සිරස් අතට ගුවන්ගත වන සහ ගොඩබස්වන (eVTOL) යානා හඳුන්වා දීම සම්බන්ධයෙන්, චීනයේ ප්‍රමුඛ පෙළේ මගී ඩ්‍රෝන නිෂ්පාදකයකු වන යී හැං (Yi Hang) සමාගමේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර ඉකුත් අගෝස්තු මාසයේ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතිය මුලින්ම පරීක්ෂණ මට්ටමින් ආරම්භ වන අතර, වාණිජ මෙහෙයුම් ඇරඹීමට පෙර කොළඹ පෝට් සිටි පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් මාස හයක කාලයක් පරීක්ෂණ පවත්වා මගී ආරක්ෂාව තහවුරු කිරීමට නියමිතය.

මෙම පරීක්ෂණ වැඩසටහන වෙනුවෙන් ආසන දෙකකින් යුත් E216 මාදිලියේ මගී ඩ්‍රෝන යානයක් මෑතකදී ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය. ප්‍රොපෙලර් 16ක්, බැටරි කට්ටල 12ක්, පියාසර පාලන පද්ධති 3ක් සහ අනුකලිත මධ්‍යම පරිගණක පද්ධතියකින් (integrated central computer system) මෙම යානය සමන්විත වේ.

මධ්‍යගත පාලන මධ්‍යස්ථානයක සිට දුරස්ථව මෙහෙයවනු ලබන මෙම නියමු-රහිත යානය, හදිසි අවස්ථාවකදී හෝ සන්නිවේදන බිඳවැටීමකදී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පරිදි ඉහළ ආරක්ෂිත මෙවලම්වලින් සූදානම් කර ඇත.

සිවිල් ගුවන් සේවා අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාව මෙන්ම සංචාරක හා ආයෝජන අධිකාරි රැසකගේ එකාබද්ධ සම්බන්ධීකරණයෙන් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක වේ.