LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

රාවල්පිණ්ඩි වර්ණවත් කරමින් ශ්‍රී ලංකා පිතිකරුවන් කාලයකින් පෙන්වන ක්‍රිකට් පිතිකරණ පෙළහර ගැන කතාව...

ධනංජය යළිත් සිය ප්‍රභාමත් ටෙස්ට් ක්‍රීඩා පිතිකරණ විලාශය පෙන්වමිනි. ඔහු පන්දු 241කට මුහුණ දී හතරේ පහර 20ක් සමග මනරම් ලකුණු 167ක් සහිතව කඩුල්ලේ රැඳී හිඳී. නායකත්වයෙන් ඉවත් වූ හිටපු නායකයා කණ්ඩායමේ බර සිය දෙවුර මතට ගෙන ඇති ආකාරය ආදරයෙන් යුතුව බලාගෙන සිටිමු. නායක කුසල් මෙන්ඩිස් යළිත් සිය රිද්මය සොයාගෙනය. ඔහු පන්දු 188ක් ක්‍රීඩා කරමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 04ක් සමග ලකුණු 117ක් නොදැවි ලබා ගෙනය.

LSN Sri Lanka · 11 November 2026

රාවල්පිණ්ඩි වර්ණවත් කරමින් ශ්‍රී  ලංකා පිතිකරුවන්  කාලයකින් පෙන්වන  ක්‍රිකට් පිතිකරණ පෙළහර ගැන කතාව...

රාවල්පිණ්ඩි පළමු ටෙස්ට් තරගය තුන්වන දිනය වනවිට තරගයේ පූර්ණ ගෞරව ශ්‍රී ලංකා කණ්ඩායම සතුවය. ධනංජය යළිත් සිය ප්‍රභාමත් ටෙස්ට් ක්‍රීඩා පිතිකරණ විලාශය පෙන්වමිනි. ඔහු පන්දු 241කට මුහුණ දී හතරේ පහර 20ක් සමග මනරම් ලකුණු 167ක් සහිතව කඩුල්ලේ රැඳී හිඳී. නායකත්වයෙන් ඉවත් වූ හිටපු නායකයා කණ්ඩායමේ බර සිය දෙවුර මතට ගෙන ඇති ආකාරය ආදරයෙන් යුතුව බලාගෙන සිටිමු.

නායක කුසල් මෙන්ඩිස් යළිත් සිය රිද්මය සොයාගෙනය. ඔහු පන්දු 188ක් ක්‍රීඩා කරමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 04ක් සමග ලකුණු 117ක් නොදැවි ලබා ගෙනය. පකිස්ථානය කඩුළු 09ක් දැවි ලබා දුන් ලකුණු 434ක ඉලක්කයට ලකුණු 30ක් පමණක් පසුපසින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 04ක් පමණක් දැවී මේ වික්‍රමය කරන්නේය.

ධනංජය සහ කුසල් කඩුල්ලට එන විට ශ්‍රී ලංකාව සිටියේ බිඳී ගිය තැනකය. ලහිරු උදාර ලකුණු 42ක් ලැබූ බව සැබෑය. ලකුණු 42ක් යනු ටෙස්ට් තරගයක බාග ලකුණුය. පසිඳු සූරියබණ්ඩාර දැවී යන්නේ ලකුණු නොලබමිනි. දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ අත් දැකීම් බහුලම ක්‍රීඩකයා ලකුණු 01කට දැවී යන්නේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු තුන බිඳ වැටෙන්නේ මුලු ලකුණු සංඛ්‍යාව 65ක් තුළය.

අනතුරුව කමිඳු මෙන්ඩිස්ට එක්වන ධනංජය ද සිල්වා ක්‍රමයෙන් ඉනිම ගොඩනගන්නේය. අද දිනය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාව ලකුණු 114කට කඩුළු 03ක් බිඳ වැටී තිබියදී ය. කමිඳු ලකුණු 58ක් ලබාගෙන සිටිය දී සිවුවන කඩුල්ල ලෙස ඉනිමේ මුල් කාර්තුවේ දී දැවී යනවිට ලකුණු 90ක සබඳතාවයක්  ධනංජය සහ කමිඳු අතර ඇති වී තිබුණේය. සිව්වන කඩුල්ල බිඳ වැටෙන විට අපේ මුළු ලකුණු සංඛ්‍යාව 155කි.

කමිඳගේ කඩුල්ල අද දිනය පුරාම දැවී ගිය එකම කඩුල්ලය. කමිඳු මෙහොමඩ් අබ්බාස්ගේ පන්දුවකට කඩුළු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දි දැවී යනවිට අනෙක් අන්තයේ සිටි ධනංජය ද සිල්වා සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගෙන ලකුණු 55ක් සහිතව සිටියේය.

එතැන් සිට අද තුන්වන දිනය අවසන්වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 404ට කඩුළු 04කි. අද දිනය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 290ක් රැස් කර තිබිණි. දිවා ආහාරයෙන් පසුව පාකිස්තානයට කිසිදු කඩුල්ලක් ලබාගත නොහැකි විය.

අප දකිමින් සිටින්නේ කාලයකින් නොදුටු ටෙස්ට් පිතිකරණ අසිරියකි. කුසල් මෙන්ම ධනංජය ශතක ඉක්මවා යමිනි. අවශ්‍ය සංයමය පවත්වාගෙන ගියහොත් ඔහුගේ ද්විත් ශතක ඉලක්කය දුරක නොවේ. පස්වන කඩුල්ල වෙනුවෙන් මේ වනවිට ධනංජය සහ කුසල් අතර ගොඩනැගී ඇති සම්බන්ධතාවය නොදැවුණු ලකුණු 249කි.

ඉදිරි දින දෙක තීරණාත්මක වනු ඇති බව සිතේ. මේ ක්‍රීඩා විලාශය අනුව ලකුණු පිරුණු රාවල්පිණ්ඩි ක්‍රීඩාංගනය ක්‍රිකට් සැනකෙළියක් නිර්මාණය කරමින් ඇත. එය ටෙස්ට් ක්‍රික්ට් ක්‍රීඩාවේ ජීව ගුණය රකින තරගයක් වනු දැකීම ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂාවය.