LSN News › Sri Lanka

අධික වැසියෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි: රථවාහන ගමනාගමනයට දැඩි බාධා!

පොලිසිය සඳහන් කරන්නේ සංඝරාජ මාවත, ඛෙත්තාරාම හන්දිය, ආමර් වීදිය (Armour Street), බත්තරමුල්ල සහ ඕල්කට් මාවත ඇතුළු ප්‍රදේශ රැසකට ඇදහැළුණු තද වැසි හේතුවෙන් ජලයෙන් යටවි ඇති බවය. මීට අමතරව මාලිගාවත්ත, නවම් මාවත සහ බොරැල්ල අවට මාර්ගවලද ජලය රැඳී පැවතීම නිසා දැඩි රථවාහන තදබදයක් වාර්තා වී ඇත.

LSN Sri Lanka · 11 November 2026

අධික වැසියෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි: රථවාහන ගමනාගමනයට දැඩි බාධා!

අද (නොවැම්බර් 11) පස්වරුවේ කොළඹ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සංඝරාජ මාවත, ඛෙත්තාරාම හන්දිය, ආමර් වීදිය (Armour Street), බත්තරමුල්ල සහ ඕල්කට් මාවත ඇතුළු ප්‍රදේශ රැසකට ඇදහැළුණු තද වැසි හේතුවෙන් ජලයෙන් යටවි ඇති බවය. මීට අමතරව මාලිගාවත්ත, නවම් මාවත සහ බොරැල්ල අවට මාර්ගවලද ජලය රැඳී පැවතීම නිසා දැඩි රථවාහන තදබදයක් වාර්තා වී ඇත.

බත්තරමුල්ල ප්‍රදේශයට පස්වරුවේ සිට නොකඩවා තද වැසි ඇදහැලෙමින් පවතින අතර, ප්‍රධාන මාර්ගවල ජලය පිරීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

පසුගිය නොවැම්බර් 6 වැනිදා ඇදහැළුණු අධික වර්ෂාවෙන් නාරාහේන්පිට කිරිමඬල මාවත හා ආසිරි සර්ජිකල් රෝහල අවට නිවාස සහ මාර්ග ජලයෙන් යටවී තිබිණි. එම අවහිරතා ඉවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතු කොළඹ මහනගර සභාව විසින් දැනටමත් පියවර ගනිමින් සිදු කරනු ලබයි.

පවත්නා තත්ත්වය හමුවේ බලපෑමට ලක් වූ ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී දැඩි අවධානයෙන් හා පරිස්සමෙන් කටයුතු කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින අතර, මාර්ගවල ජලය රැඳීම හේතුවෙන් ගමනාගමන ප්‍රමාදයන් සිදු විය හැකි බවද පෙන්වා දෙයි.

ඉදිරි දිනවලදීද තද වැසි අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන අතර, ජලය රැඳෙන පහත් බිම්වල පදිංචිකරුවන්ට සහ රියදුරන්ට නිරන්තර අවධානයෙන් පසුවන ලෙස උපදෙස් දී තිබේ.