LSN News › Sri Lanka

සෞදි අරාබියේදී චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා සම්පූර්ණයෙන් නිදහස් — ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර!

ජනාධිපතිවරයාගේ මගපෙන්වීම, රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන් මෙම ප්‍රතිඵලය ලැබුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම, මෙහිදී සෞදි රජයට, එරට අධිකරණයට, සෞදි හා ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආයතන හා නිලධාරීන්ට මෙන්ම සෞදි අරාබියට ගිය ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායමටත් ගෞරවය හිමිවන බව ඔහු වැඩිදුරටත් කීය.

LSN Sri Lanka · 11 November 2026

සෞදි අරාබියේදී චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා සම්පූර්ණයෙන් නිදහස් — ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර!

සෞදි අරාබියේ අධිකරණයෙන් මරණ දඬුවම ඇතුළු සියලු දඬුවම් ලබා සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසා (Sivarasa Anojan) සම්පූර්ණයෙන් නිදහස් කර ඇති අතර, ඔහු ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.

අනෝජන්ගේ පවුලේ ඥාතීන් අද (නොවැම්බර් 11) විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ, ජනාධිපති අනුර කුමාර දිසානායක, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු සියලු රාජ්‍ය ආයතන හා නිලධාරීන්ට, තම පුත්‍රයා නිදහස් කර ගැනීම වෙනුවෙන් දැක්වූ කැපවීම පිළිබඳව ස්තුතිය පළ කළහ.

ජනාධිපතිවරයාගේ මගපෙන්වීම, රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන් මෙම ප්‍රතිඵලය ලැබුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම, මෙහිදී සෞදි රජයට, එරට අධිකරණයට, සෞදි හා ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආයතන හා නිලධාරීන්ට මෙන්ම සෞදි අරාබියට ගිය ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායමටත් ගෞරවය හිමිවන බව ඔහු වැඩිදුරටත් කීය.

නඩුවේ පසුබිම

කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අනෝජන් 2025 සැප්තැම්බර් මාසයේ සෞදි අරාබියට රැකියාවක් බලා ගොස් තිබේ. 2026 ජුනි මාසයේදී ෆේස්බුක් මගින් ඉස්ලාම් දහමට අපහාසාත්මක යැයි සැලකෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය. ඔහු එම ප්‍රකාශය කෙටි කාලයකින් මකා දමා සමාව ඉල්ලා වීඩියෝවක් පළ කළද, තිර රූ සෞදි බලධාරීන්ට හා සේවා යෝජකයාට යැවීමෙන් අත්අඩංගුවට පත් විය.

ජූලි 27: අල්-අහ්සා අපරාධ අධිකරණය විසින් වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කරන ලදී (Anti-Cyber Crime Law යටතේ).

සැප්තැම්බර් 17: නැගෙනහිර පළාතේ අභියාචනාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී (ෂරියා නීතිය යටතේ, අභිචෝදක පාර්ශවයේ අභියාචනයෙන් පසුව).

ඔක්තෝබර් 13: සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණ දඬුවම අහෝසි කර නඩුව නැවත විභාගයට යොමු කරන ලදී. මේ සඳහා ශ්‍රී ලංකාවෙන් ගිය විශේෂ නීතිඥ කණ්ඩායමක් (අතිරේක සොලිසිටර් ජනරාල් අසාඩ් නවාවි, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම ආදීන්) මැදිහත් විය.

නොවැම්බර් 9: සෞදි අභිචෝදක කාර්යාලය විසින් තවදුරටත් නඩු පවරා නොගැනීමට තීරණය කළ අතර, නඩුව විධිමත් ලෙස අවසන් කරන ලදී. ඒ අනුව මීට පෙර නියම කර තිබූ සියලු දඬුවම් අහෝසි වී ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශයට අනුව, සෞදි අභිචෝදක කාර්යාලයේ තීරණයෙන් පසුව අනෝජන් සම්පූර්ණයෙන් නිදහස් වී ඇති අතර, ඔහු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. මෙය ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස සැලකේ.