අධික වර්ෂාව සමග බෝ වීම වේගවත් වී ඇති මී උණ බැක්ටීරියාවෙන් අක්මාවට වඩා පෙනහළුවලට හානි – කායික රෝග විශේෂඥ කෝලිත් ජයසුන්දර
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ, මේ දිනවල පවතින අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වයත් සමඟ මී උණ බැක්ටීරියාව සීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවීම වැදගත් වන බවය.
LSN Sri Lanka ·
ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis) හෙවත් මී උණ බැක්ටීරියාවට නිසි වේලාවට ප්‍රතිකාර නොගැනීමෙන් අක්මාවට සිදුවන හානියට වඩා වැඩි හානියක් පෙනහළුවලට සිදුවන බව සොයාගෙන ඇතැයි කායික රෝග විශේෂඥ වෛද්‍ය කෝලිත් ජයසුන්දර සඳහන් කරයි.

පෙනහළු තුළට රුධිරය ඇතුළු වීමෙන් හුස්ම ගැනීමේ අවහිරතා මතු වන බවත්, එය මරණයට වුවද හේතු විය හැකි බවත් පෙන්වා දෙන විශේෂඥවරයා, මීට පෙර හඳුනාගෙන තිබුණේ මෙම බැක්ටීරියාව මගින් ප්‍රධාන වශයෙන් අක්මාවට හානි සිදුවන බව පමණක් යැයිද පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ, මේ දිනවල පවතින අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වයත් සමඟ මී උණ බැක්ටීරියාව සීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවීම වැදගත් වන බවය.

මී උණ වැළඳුණු රෝගියෙකුගේ මුත්‍රා තද පැහැයෙන් යුක්ත වන්නේ නම් එම බැක්ටීරියාව අක්මාවට සහ වකුගඩුවලට හානි කර ඇති බවටත්, කැස්ස සමඟ රුධිරය පිටවන්නේ නම් පෙනහළුවලට හානි කර ඇති බවටත් හඳුනාගත හැකි ලක්ෂණ වන බව වෛද්‍ය ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම බැක්ටීරියාව ස්නායු පද්ධතිය සහ හෘදය ඇතුළු ශරීරයේ සියලුම අවයවයන්ට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බැවින්, රෝගය සහ එය බෝවන ආකාරය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මීට පෙර කුඹුරු, පතල් සහ හේන් ආශ්‍රිතව සේවය කරන පුද්ගලයන්ට මෙම බැක්ටීරියාව ආසාදනය වන බවට ප්‍රධාන වශයෙන් හඳුනාගෙන තිබුණද, වර්තමානයේ නාගරික ප්‍රදේශවල පවතින අපිරිසිදුතාව නිසා එම ප්‍රදේශවල ජනතාවටද මී උණ වැළඳීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

වර්ෂාවත් සමඟ ඩෙංගු, චිකන්ගුන්යා සහ ඉන්ෆ්ලුවන්සා වැනි වෛරස් රෝගද පැතිර යන අතර, ඒවයේ රෝග ලක්ෂණ මී උණ රෝග ලක්ෂණයන්ට බෙහෙවින් සමාන වන බැවින් නිවැරදි සායනික විස්තර වෛද්‍යවරයාට ලබාදීම ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දෙයි.

සියලුම රජයේ රෝහල්වල මේ සඳහා අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් පවතින බැවින් සංකූලතා ඇතිවීමට පෙර සුදුසු ප්‍රතිකාර වෙත යොමුවීමෙන් රෝගය පහසුවෙන් සුවකර ගැනීමේ හැකියාව පවතින බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.