බන්ධනාගාරගතව සිටි හිටපු සමූපකාර කොමසාරිස් සුනිල් සෙනෙවිරත්න හදිසි අසනීපයකින් මරුට!
2026 නොවැම්බර් 11 වැනිදා රාත්‍රියේ මෙම මරණය සිදුව ඇති අතර, මියයන විට ඔහු 78 වන වියේ පසුවිය. කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සුනිල් සෙනෙවිරත්න මුදල් වංචා සිද්ධියකට අදාළව බන්ධනාගාරගත කර සිටියේය.
LSN Sri Lanka ·

මුදල් වංචාවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි හිටපු සමූපකාර කොමසාරිස්වරයෙකු වන සුනිල් සෙනෙවිරත්න බන්ධනාගාරය තුළදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.
</p>
<p>
කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු 2026 නොවැම්බර් 11 වැනිදා රාත්‍රියේ හදිසි අසනිප තත්ත්වයකින් මිය ගොස් ඇත. මියයන විට ඔහු 78 වන වියේ පසුවිය. කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සුනිල් සෙනෙවිරත්න මුදල් වංචා සිද්ධියකට අදාළව බන්ධනාගාරගත කර සිටියේය.
</p>
<p>
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මෙම මරණය සිදුව ඇති බව මාධ්‍යයට තහවුරු කර ඇත.