පක්ෂ මහලේකම්ගේ ලිපිය නොතකා සජබ මන්ත්‍රීවරුන් පන්විල ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මත කර ගනී!... මාලිමා මන්ත්‍රී කෙනෙක් ඡන්දය දෙන්න ඇවිත් නෑ...
ජාතික ජනබලවේගයට මන්ත්‍රී ධුර 05 ක් හිමිව තිබෙන අතර ඉන් සිව් දෙනෙකු අයවැයට විපක්ෂව ඡන්දය ලබා දී ඇත. ජාතික ජනබලවේගය නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙකු ද, ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනා හා සර්ව ජනබලයේ මන්ත්‍රීවරයා ද මෙදින සභාවට නොපැමිණීම විශේෂත්වයකි.
LSN Sri Lanka ·

සමගි ජනබලවේගයට බලය හිමිව තිබියදී අයවැය පරාජය කරන ලෙස පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ අත්සනින් යුත් ලිපියක් යොමු කිරීම නිසා මහත් ආන්දෝලනයකට තුඩු දුන් පන්විල ප්‍රාදේශීය සභාවේ 2027 අයවැය ඡන්ද විමසීම පෙරේදා (11) පැවැති අතර, වැඩි ඡන්ද 04 කින් අයවැය සම්මත කර ගැනීමට එහිදී සමගි ජනබලවේගය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමත්ව තිබේ.
</p>
<p>
පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරශාන්ත පෙරේරා 2027 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්ද 08 ක් ද, විපක්ෂව ඡන්ද 04 ක් ද ලැබී ඇත.
</p>
<p>
එහිදී සභාව නියෝජනය කරන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 06 දෙනා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.