LSN News › Sri Lanka

අනුරාධපුර සත්‍යග්‍රහ බිමේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට!

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදු කළ අනවසර ඉදිකිරීම් සහ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (නොවැම්බර් 11) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් හමුවේ විභාගයට ගැණිනි. එම අවස්ථාවේදී බලංගොඩ කස්සප හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුවක් නිකුත් කරන ලදී.

LSN Sri Lanka · 12 November 2026

අනුරාධපුර සත්‍යග්‍රහ බිමේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමි  අත්අඩංගුවට!

ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට අදාළව, අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක නිරතව සිටි බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (නොවැම්බර් 12) උදෑසන පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිකුණාමලය අධිකරණ වරෙන්තුව

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ සිදු කළ අනවසර ඉදිකිරීම් සහ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (නොවැම්බර් 11) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් හමුවේ විභාගයට ගැණිනි. එම අවස්ථාවේදී බලංගොඩ කස්සප හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුවක් නිකුත් කරන ලදී.

සැකකරුවන් 14 දෙනෙකුගෙන් සමන්විත මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස බලංගොඩ කස්සප හිමියන් නම් කර ඇති අතර, නඩුව ලබන ජනවාරි 6 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

2025 නොවැම්බර් 16 වැනිදා පමණ ත්‍රිකුණාමලය කොටුව ප්‍රදේශයේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරය අසල වෙරළ සංරක්ෂණ කලාපය තුළ අනවසර ඉදිකිරීම් සිදු කිරීම සහ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

මීට පෙර 2026 ජනවාරි මාසයේදී කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ සිවිල් පුද්ගලයන් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පෙබරවාරි 11 වැනිදා ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන්ට ඇප ලබා දී තිබුණි.

අනුරාධපුර සත්‍යග්‍රහ භූමියේ ඇති වූ උණුසුම් තත්ත්වය

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල දන්සල් භූමියේ මාරාන්තික උපවාසයක් යැයි කියමින් විරෝධතාවයක සිටියදී අද උදෑසන පොලිසිය විසින් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගනු ලැබීය.

රජංගනේ සද්ධාරතන හිමියන් ඇතුළු පිරිසක් සත්‍යග්‍රහ ස්ථානයට පැමිණීමත් සමඟ එහි ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, එහිදී සද්ධාරතන හිමියන්ගේ හිසට තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරුව පොලිසිය එම ස්ථානයට පැමිණ තාවකාලික ඉදිකිරීම් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමඟ තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇති අතර, එහිදී කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.

විරෝධතාවයේ පසුබිම

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් බලංගොඩ කස්සප හිමියන් පසුගිය නොවැම්බර් 7 වැනිදා සිට මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබුණි.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම ස්ථානයෙන් ඉවත් වන ලෙස නියෝග දෙකක් නිකුත් කර තිබුණද උන්වහන්සේ ඊට අවනත නොවූ බව පොලිසිය පවසයි. කිසිදු ලෞකික අධිකරණ නියෝගයකට තමන් අවනත නොවන බවත්, තමන්ට නියෝග නිකුත් කළ හැක්කේ සංඝ අධිකරණයකට පමණක් බවත් බලංගොඩ කස්සප හිමියන් මීට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.