දකුණු ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට!
නාවික හමුදා මාධ්‍ය අංශය පවසන පරිදි, අදාළ යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින අතර, වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා අදාළ අංශ වෙත භාරදීමට නියමිතය. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල නිශ්චිත ප්‍රමාණය, සැකකරුවන්ගේ සංඛ්‍යාව සහ අනෙකුත් තොරතුරු ඉදිරියේදී අනාවරණය කිරීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.
LSN Sri Lanka ·

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී අද (නොවැම්බර් 12) සිදුකළ විශේෂ නාවික මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් භාරයට ගෙන තිබේ.
</p>
<p>
නාවික හමුදා මාධ්‍ය අංශය පවසන පරිදි, අදාළ යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින අතර, වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා අදාළ අංශ වෙත භාරදීමට නියමිතය. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල නිශ්චිත ප්‍රමාණය, සැකකරුවන්ගේ සංඛ්‍යාව සහ අනෙකුත් තොරතුරු ඉදිරියේදී අනාවරණය කිරීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.
</p>
<p>
මෙය පසුගිය නොවැම්බර් 4 සහ 5 දිනවල දකුණු ගැඹුරු මුහුදේදී සිදුකළ සමාන මෙහෙයුමකට පසුව සිදුවූ තවත් වැටලීමකි. නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ එම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබී අයිස් (ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින්) කිලෝග්‍රෑම් 132.026ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 57.220ක් ඇතුළත් මුළු කිලෝග්‍රෑම් 189කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබුණි. රුපියල් බිලියන 4.2ක පමණ දළ වීදි වටිනාකමකින් යුත් එම මත්ද්‍රව්‍ය තොගය සමඟ දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි ධීවරයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදී.
</p>
<p>
‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා නාවික හමුදාව විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,773කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 2,130කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒවායේ සමස්ත දළ වීදි වටිනාකම රුපියල් බිලියන 114කට අධික වේ. තවද, 2026 වසරේ මේ දක්වා සිදුකළ නාවික හමුදා මෙහෙයුම්වලින් රුපියල් බිලියන 73කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බව නාවික හමුදාව පෙන්වා දෙයි.
</p>
<p>
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වැළැක්වීම සඳහා දිගින් දිගටම විශේෂ මෙහෙයුම් දියත් කරන බව නාවික හමුදාව අවධාරණය කරයි. අද අත්අඩංගුවට ගත් යාත්‍රාව පිළිබඳ සම්පූර්ණ විස්තර ලැබුණු විගස යාවත්කාලීන කිරීමට නියමිතය.