LSN News › Sri Lanka

විජයාරම මහින්දගේ නිල නිවස ‘කෘත්‍රිම බුද්ධි විශිෂ්ටතා මධ්‍යස්ථානයක්’ පිහිටුවයි !

මහජනතාවගේ මුදල් කෝටි ගණනක් වියදම් කර පැවති ස්ථාන මෙලෙස ඵලදායී ලෙස භාවිතයට ගන්නා බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රාජ්‍ය මුදල් භාවිතයෙන් වැඩි දියුණු කර සදාගත් ඔහුගේ නිල නිවස මේ කටයුත්ත සඳහා වෙන් කර තිබේ.

LSN Sri Lanka · 12 November 2026

විජයාරම මහින්දගේ නිල නිවස ‘කෘත්‍රිම බුද්ධි විශිෂ්ටතා මධ්‍යස්ථානයක්’ පිහිටුවයි !

ජාතික ඒ.අයි (AI) ධාරිතාවක් ගොඩනැගීමේ සහ වගකීම්සහගත ලෙස කෘත්‍රිම බුද්ධිය භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් විජයරාම මාවතේ පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (12) පාර්ලිමේන්තුවේ දී අයවැය කතාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

මහජනතාවගේ මුදල් කෝටි ගණනක් වියදම් කර පැවති ස්ථාන මෙලෙස ඵලදායී ලෙස භාවිතයට ගන්නා බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රාජ්‍ය මුදල් භාවිතයෙන් වැඩි දියුණු කර සදාගත් ඔහුගේ නිල නිවස මේ කටයුත්ත සඳහා වෙන් කර තිබේ.

රාජ්‍ය, විද්වත් ප්‍රජාව සහ කර්මාන්ත ක්ෂේත්‍රය යන අංශ තුනම එකම වහලක් යටට ගෙන එමින් මෙම මධ්‍යස්ථානය පිහිටුවන බව ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.

ඩිජිටල් ආර්ථික ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, අත්‍යවශ්‍ය සයිබර් ආරක්ෂණය සඳහා වූ සයිබර් ආරක්ෂණ පනත මේ වන විටත් නිෂ්කාශනය වෙනුවෙන් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවය. ඒ අනුව, එම පනත යටතේ 2027 වසරේ දී 'සයිබර් ආරක්ෂණ අධිකාරියක්' පිහිටුවීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහි දී විශේෂ අවධානයක් යොමු කළේය. ඩිජිටල් විසඳුම් සහ පහසුකම් මිල දී ගැනීමේ දී දැනට පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැටලු සහගත බැවින්, ඒ සඳහා විශේෂිත වූ රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකස් කර මේ වන විටත් ප්‍රසම්පාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර ඇති බව ඔහු පැවසීය.

එම නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 2027 වසරේ මුල් භාගයේ දී හඳුන්වා දීමට කටයුතු කරන බවත්, ඊට අදාළ නව ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තවද, ඩිජිටල් පොදු යටිතල පහසුකම් සඳහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ප්‍රමිතියට සමගාමීව මෘදුකාංග ප්‍රසම්පාදනයේ දී නව නිපදවීම් සිදු කිරීමට පෙර, දැනට පවතින ප්‍රමිතිගත විසඳුම් මිල දී ගැනීමට සහ පොදු භාවිතයට ප්‍රමුඛතාව දීමේ ප්‍රතිපත්තිය ස්ථාපිත කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය කතාවේ දී අවධාරණය කළේය.