රාජ්‍ය සේවක ප්‍රවාහන දීමනා දෙගුණයකින් ඉහළට – අයවැය යෝජනාවලියේ නවතම තොරතුරු මෙන්න!
රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව රුපියල් 100,000 දක්වා දෙගුණ කිරීම, රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම්, නව බඳවා ගැනීම්, නිවාස, ප්‍රවාහන, කෘෂිකර්ම සහ වරාය සංවර්ධනය ඇතුළු අයවැය යෝජනාවලියේ සම්පූර්ණ විස්තර මෙතැනින් කියවන්න.
LSN Sri Lanka ·

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවතින 2027 අයවැය යෝජනාවලිය මගින් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම, සමාජ ආරක්ෂණය, නිවාස සංවර්ධනය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, වනජීවී සංරක්ෂණය සහ ගුවන් හා නාවික ක්ෂේත්‍ර ඇතුළු අංශ ගණනාවක් සඳහා සුවිශේෂී ප්‍රතිපාදන වෙන් කර තිබේ.

රාජ්‍ය සේවක ප්‍රවාහන දීමනා, වැටුප් සහ බඳවා ගැනීම්
• විධායක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව රුපියල් 100,000 දක්වා ඉහළට: නිල වාහනයකට හිමිකම් ඇති නමුත් රාජකාරි කටයුතු සඳහා තම පෞද්ගලික වාහන භාවිතා කරන රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව රුපියල් 50,000 සිට රුපියල් 100,000 දක්වා දෙගුණයකින් වැඩි කිරීමට යෝජනා කර තිබේ. පෞද්ගලික වාහන රාජකාරි සඳහා යෙදවීමේදී ඉහළ ගොස් ඇති නඩත්තු, අලුත්වැඩියා සහ අනෙකුත් මෙහෙයුම් පිරිවැය සැලකිල්ලට ගනිමින් මෙන්ම, නිලධාරීන්ට රජයේ වාහනයක් ලබා දීමට වඩා ඔවුන්ගේ පෞද්ගලික වාහන භාවිතා කිරීම රජයට වඩාත් ලාභදායී වන බැවින් එය දිරිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

• රාජ්‍ය අංශයේ වැටුප් සහ විශ්‍රාම වැටුප්: 2025 පළමු අයවැය මගින් රාජ්‍ය අංශයේ අවම මාසික මූලික වැටුප රුපියල් 15,750කින් සහ වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80කින් ඉහළ නැංවීමට පියවර ගැනුණි. මෙම වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 330ක් වැය කෙරේ. අදියර 3ක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැටුප් සංශෝධනයේ අවසන් අදියර 2027 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ සඳහා අයවැයෙන් රුපියල් බිලියන 110ක් වෙන් කර තිබේ.

• රාජ්‍ය අංශයේ නව බඳවා ගැනීම්: රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කරමින්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කාර්ය මණ්ඩල කළමනාකරණය පිළිබඳ නිලධාරී කමිටුව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් පුරප්පාඩු 148,940ක් සඳහා බඳවා ගැනීමට දැනටමත් අනුමැතිය ලබා දී ඇත. ඉන් 40,000ක පමණ බඳවා ගැනීම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති අතර ඉදිරියේදී තවත් 110,000ක් බඳවා ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කෙරේ.

• රාජ්‍ය ආයතනවල පරිගණක පද්ධති යාවත්කාලීන කිරීම: රාජ්‍ය ආයතන සතුව ඇති පැරණි පරිගණක තොග වෙනුවට නව පරිගණක තොගයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 4,500ක් වෙන් කර ඇති අතර, ඊට අමතරව තවත් රුපියල් මිලියන 2,200ක් ලබා දීමට යෝජනා කර තිබේ.

රාජ්‍ය පරිපාලනය, ප්‍රාදේශීය සංවර්ධනය සහ පරිසරය

• දිස්ත්‍රික් සංවර්ධන සහ විමධ්‍යගත අයවැය වැඩසටහන: දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන සහ විමධ්‍යගත අයවැය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික්කයකට රුපියල් මිලියන 2,000 බැගින් රුපියල් මිලියන 50,000ක් වෙන් කර ඇත. ඉන් රුපියල් මිලියන 47,750ක් දිස්ත්‍රික් මට්ටමින් හඳුනාගත් විශේෂ සංවර්ධන වැඩසටහන් සඳහා ද, ඉතිරි රුපියල් මිලියන 2,250 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 10 බැගින් විමධ්‍යගත අයවැය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ද වෙන් කෙරේ.

• පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම: පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන හැකියාව ඉහළ නැංවීම, පවතින සම්පත් ඵලදායී ලෙස භාවිතා කිරීම සහ මූල්‍ය තිරසාරභාවය ශක්තිමත් කිරීම සඳහා සිව් අවුරුදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. මේ හරහා පළාත් පාලන ආයතනවල අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. එමෙන්ම කුරුණෑගල මහ නගර සභාව විසින් ආරම්භ කර අතරමග අතහැර දමා තිබූ 'කැපිටල් ස්කොයාර්' (Capital Square) ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කිරීමට පළාත් සභා අරමුදල්වලින් රුපියල් මිලියන 575ක් වෙන් කර ඇත.

• ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන: දැනට සියයට 32ක්ව පවතින අපද්‍රව්‍ය එකතු කිරීමේ අනුපාතය 2029 වන විට සියයට 60 දක්වා ඉහළ නැංවීමටත්, ආරක්ෂිත අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කරමින් සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීමටත් අපේක්ෂා කෙරේ. 'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) වැඩසටහන යටතේ තෝරාගත් පළාත් පාලන ආයතන 100ක් පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.

• ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) වැඩසටහන: ජීවන තත්ත්වය, ගෞරවය, ආරක්ෂාව, සමාන ප්‍රවේශය, අන්තර්කරණය, ප්‍රජා සහභාගීත්වය සහ සමාජ සංහිඳියාව ශක්තිමත් කිරීම; පාරිසරික කුළුණ යටතේ පරිසර ආරක්ෂණය, සංරක්ෂණය, ජෛව විවිධත්වය, වගකීම් සහගත සම්පත් භාවිතය සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම; සහ ආචාරධර්ම කුළුණ යටතේ පොදු සම්පත් සම්බන්ධයෙන් වගකීම, අවංකභාවය, විනය, සාධාරණත්වය, කාර්යක්ෂමතාව සහ වගවීම ශක්තිමත් කිරීම යන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 6,000ක් වෙන් කර තිබේ.

• සංස්කෘතිය සහ උරුමයන්: ජාත්‍යන්තරව මෙන්ම දේශීයව භාවිතා වන ත්‍රිමාණ ලේසර් ස්කෑන් (3D Laser Scanning) වැනි ඩිජිටල් තාක්ෂණික නවෝත්පාදනයන් හරහා පූජනීය ස්ථාන, ඓතිහාසික පුරාවස්තු සහ සංස්කෘතික අනන්‍යතා ඩිජිටල්කරණය කර සංරක්ෂණය කිරීමට පියවර ගැනේ. මේ තුළින් ස්වභාවික විපත් හෝ කාලගුණික බලපෑම් හමුවේ වුවද ජාතික උරුමයන්ගේ නිවැරදි ත්‍රිමාණ ආකෘති ස්ථිරවම පවත්වා ගැනීමට හැකි වේ. විවිධ ජාතීන්ට සහ ආගම්වලට සම්බන්ධ කලා කටයුතු ප්‍රවර්ධනය සහ සංවර්ධනය සඳහා මෙම අයවැයෙන් රුපියල් මිලියන 7,000ක් වෙන් කර ඇත.

ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය

• ජාතික ආරක්ෂාව: ආරක්ෂක අමාත්‍යාංශයේ ඩිජිටල් සහ සයිබර් ආරක්ෂණ පද්ධති නවීකරණය කිරීමට, ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයක් (Digital Forensic Laboratory) ස්ථාපිත කිරීමට සහ දේශසීමා ආරක්ෂණ තාක්ෂණික පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගැනේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නිවේදන හා තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ නිරීක්ෂණ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා නව මුර සංචාරක යාත්‍රා, ටග් යාත්‍රා සහ නවීන රේඩාර් පද්ධති ලබා දීමටත් අපේක්ෂා කෙරේ.

• බන්ධනාගාර පද්ධතිය ප්‍රතිස්ථාපනය: වැලිකඩ බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුළු කොළඹ බන්ධනාගාර සංකීර්ණයේ පවතින දැඩි තදබදය හේතුවෙන් එම බන්ධනාගාර සංකීර්ණ මිල්ලෑව ප්‍රදේශයට ගෙන යාමේ කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම වත්මන් ගාල්ල බන්ධනාගාරය බූස්ස ප්‍රදේශයට ගෙන යාම ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.

• රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව: රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 60ක් වෙන් කර තිබේ.

• දේශසීමා පාලනය සහ ආගමන විගමන: ආගමන හා විගමන පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති සහ ප්‍රමිතීන්ට අනුකූලව දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීම, වීසා අර්බුද හා සංකූලතා හේතුවෙන් තාවකාලිකව රඳවා සිටින විදේශිකයන් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පහසුකම් සහිතව වත්තල තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම, කලාපීය මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා ත්‍රිකුණාමලයේ නව කාර්යාල සංකීර්ණයක් ස්ථාපිත කිරීම සහ ආගමන හා විගමන කටයුතු ඩිජිටල්කරණය කිරීම ඇතුළු කටයුතු සඳහා රුපියල් මිලියන 6,200ක් වෙන් කර ඇත.

• අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID): කොළඹ කොටුවේ දැඩි ලෙස අබලන් වූ ගොඩනැගිල්ලක ක්‍රියාත්මක වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා මැඩලීම වැනි විකාශනය වන අපරාධ විමර්ශනය කිරීමට අවශ්‍ය නවීන පහසුකම් සහිත 15 මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යයන සහ සැලසුම් සකස් කිරීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබේ.

• ශ්‍රී ලංකා පොලිසිය සහ මහජන ආරක්ෂාව: මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් කොළඹ නගරයේ විවිධ ස්ථානවල කුලී පදනම මත ලබාගත් ගොඩනැගිලිවල ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ කොට්ඨාස තනි ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීම සඳහා නව පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යයන සහ සැලසුම් සකස් කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා කර ඇත. මීට අමතරව ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි ඩිජිටල්කරණය කිරීම, ජාතික පොලිස් විද්‍යාපීඨය සම්පූර්ණයෙන් නවීකරණය කිරීම, නාරාහේන්පිට පොලිස් රෝහල සහ අත්තිඩිය පොලිස් අභ්‍යාස විද්‍යාලය සංවර්ධනය කිරීම, මිරිහාන පොලිස් ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සහ ගෝනහේන, කුරුණෑගල, අරන්තලාව, කෑගල්ල සහ කිරිඳිවැල යන විශේෂ කාර්ය බලකා කඳවුරුවල පහසුකම් හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 9,500ක් වෙන් කර තිබේ.

නිවාස, නැවත පදිංචි කිරීම සහ පානීය ජල සම්පාදනය

• අතරමග නතර වූ නිවාස සඳහා ආධාර: 2015 – 2019 වර්ෂවලදී රුපියල් 20,000 සහ රුපියල් 40,000 වැනි සුළු මූල්‍ය ආධාර මත ආරම්භ කර අතරමග අතහැර දමන ලද නිවාස ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක හිමිකරුවන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. අඩක් නිම කළ එම නිවාසවල ඉතිරි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට රුපියල් 500,000 දක්වා මූල්‍ය ආධාර ලබා දීමට රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.

• නාගරික අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති: නාගරික අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස 50,000ක අවශ්‍යතාවක් හඳුනාගෙන ඇති අතර, ඉන් නිවාස 16,000කට වැඩි ප්‍රමාණයක ඉදිකිරීම් මේ වන විටත් සම්පූර්ණයෙන් අවසන් කර තවත් නිවාස 5,000ක ඉදිකිරීම් අර්ධ වශයෙන් අවසන් කර තිබේ. ටොරින්ටන්, කොළඹගේ මාවත, කොළොන්නාව, පෑලියගොඩ, මොරටුව, මහරගම සහ දෙමටගොඩ යන ප්‍රදේශවල අර්ධ වශයෙන් නිම කර ඇති නිවාස ව්‍යාපෘති 2027 දී අවසන් කෙරේ. මීතොටමුල්ල සහ කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශවල නව නිවාස සංකීර්ණ ඉදිකිරීම ආරම්භ කිරීමට ද යෝජනා කර ඇති අතර මේ සියලු නිවාස ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 26,820ක් වෙන් කර ඇත.

• අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම: උතුරු සහ නැගෙනහිර පැවති සන්නද්ධ ගැටුම් හේතුවෙන් අවතැන් වූ පවුල් 13,000ක් තවමත් නැවත පදිංචි කර නොමැත. වසර 2ක් ඇතුළත මෙම පවුල් නැවත පදිංචි කර අවසන් කිරීම රජයේ ඉලක්කය වන අතර ඒ සඳහා රුපියල් මිලියන 6,000ක් වෙන් කර ඇති අතර තවත් රුපියල් මිලියන 4,000ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

• 'තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්' නිවාස වැඩසටහන: අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ නිවාස 70,000ක් ඉදිකිරීමට නියමිත අතර 2027 වසරේදී නව නිවාස 10,000ක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ. මේ යටතේ නිවසක් සඳහා ලබා දෙන නිවාස ආධාරය රුපියල් මිලියන 1 සිට රුපියල් මිලියන 1.5 දක්වා ඉහළ නංවන අතර ඒ සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන රුපියල් මිලියන 15,000 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.

• පානීය ජල සම්පාදනය සහ අපජල කළමනාකරණය: ජනතාවට අඛණ්ඩව පිරිසිදු පානීය ජලය සැපයීම, සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම සහ කර්මාන්ත ඇතුළු ආර්ථික කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 77,000ක් වෙන් කර තිබේ. යාපනය, මන්නාරම, මුලතිව්, වවුනියාව, නාගදීප, වාලච්චේන සහ කෝට්ටේ ඇතුළු ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා නව ව්‍යාපෘති 13ක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 5,190ක් ද, දිවයින පුරා ප්‍රජා ජල සම්පාදන යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 2,000ක් ද වෙන් කර ඇත. මීට අමතරව විධිමත් ලෙස අපජලය කළමනාකරණය කිරීම සඳහා ඇල්ල, මොරටුව සහ ඒකල අපජල කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1,740ක් වෙන් කර තිබේ.

මගී ප්‍රවාහනය සහ දුම්රිය සේවය

• මගී ප්‍රවාහනය නවීකරණයට වාර්තාගත මුදලක්: දුම්රිය සහ මගී බස් රථ සේවා නවීකරණය කිරීම සඳහා වාර්තාගත රුපියල් මිලියන 95,000ක් යෙදවේ. දුර ගමන් මගීන්ට සුවපහසු සහ ආරක්ෂිත සේවාවක් සැපයීම සඳහා වායුසමනය කළ බස් රථ 600ක් ආනයනය කිරීමට දැනටමත් පියවර ගෙන ඇත. පටු කඳුකර මාර්ග සහිත ග්‍රාමීය ප්‍රදේශ සඳහා ආසන 22කින් යුත් කුඩා බස් රථ 50ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 1,000ක් ද, ග්‍රාමීය ප්‍රදේශවල මගී සේවා සඳහා ආසන 33කින් යුත් කුඩා බස් රථ 200ක් ලබා ගැනීමට රුපියල් මිලියන 4,000ක් ද වෙන් කෙරේ.

• නව දුම්රිය සහ දුම්රිය ස්ථාන අලුත්වැඩියාව: දුම්රිය සේවය සඳහා නව දුම්රිය 5ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 5,000ක් වෙන් කර ඇති අතර, දිගු කලක් නිසි ලෙස නඩත්තු නොකළ දුම්රිය ස්ථාන අලුත්වැඩියා කිරීමේ වැඩසටහන සඳහා 2027 වසරේදී රුපියල් මිලියන 2,000ක් වෙන් කර තිබේ.

• දුම්රිය විදුලිකරණය: දුම්රිය මාර්ග විදුලිකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 80,000ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.

පරිසර අවදානම්, වනජීවී සංරක්ෂණය සහ අලි-මිනිස් ගැටුම

• එල් නිනෝ (El Niño) අවදානම සඳහා පෙර සූදානම: ඉදිරියේදී අපේක්ෂිත එල් නිනෝ කාලගුණික අවදානම හේතුවෙන් ඇති විය හැකි අවශ්‍යතාවලට මුහුණ දීමේ පෙර සූදානමක් ලෙස රුපියල් මිලියන 5,000ක් වෙන් කෙරේ.

• වන අලි සම්බන්ධ වැරදිවලට දඩ මුදල් ඉහළට: වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත සංශෝධනය කරමින් වන අලියෙකු මරා දැමීම, දඩයම් කිරීම, වෙඩි තැබීම, තුවාල කිරීම හෝ අල්ලා ගැනීම සඳහා පවතින සිර දඬුවමට අමතරව දැනට පවතින රුපියල් 150,000 සිට රුපියල් 500,000 දක්වා වූ දඩය රුපියල් 500,000 සිට රුපියල් මිලියන 1 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත. එමෙන්ම 2005 අංක 12 දරන දඩ මුදල් වැඩි කිරීමේ පනත සංශෝධනය කරමින් නීතිවිරෝධී ලෙස අලියෙකු සන්තකයේ තබා ගැනීමේ දඩය දැනට පවතින රුපියල් 150,000 - 250,000 සීමාවේ සිට රුපියල් 500,000 සිට රුපියල් මිලියන 1 දක්වා වැඩි කිරීමට යෝජනා කෙරේ.

• අලි-මිනිස් ගැටුම් වන්දි ඉහළ නැංවීම: අලි-මිනිස් ගැටුම හේතුවෙන් නිවසකට සිදුවන හානියක් සඳහා ගෙවන වන්දිය රුපියල් 200,000 සිට රුපියල් මිලියන 1 දක්වාත්, වන අලින් ඇතුළු ආරක්ෂිත සතුන්ගේ පහරදීම්වලින් මිය යන හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයෙකු සඳහා ගෙවන වන්දිය රුපියල් මිලියන 1 සිට රුපියල් මිලියන 2 දක්වාත්, අර්ධ ආබාධිත තත්ත්වය සඳහා ගෙවන වන්දිය රුපියල් 150,000 සිට රුපියල් 500,000 දක්වාත්, නිවාස හැර වෙනත් දේපළ හානි සඳහා ගෙවන වන්දිය රුපියල් 200,000 සිට රුපියල් 500,000 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා වී ඇත.

• වනජීවී රෝහලක් සහ AI තාක්ෂණය: වන සතුන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇති රෝහලක් ඉදිකිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරගම් රක්ෂිත වනාන්තරය තුළ අක්කර 3ක භූමි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඒ සඳහා වනජීවී අරමුදලෙන් රුපියල් මිලියන 700ක් වෙන් කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම වන අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) සහ තාප කැමරා (Thermal Cameras) භාවිතා කරමින් ආරම්භ කළ නියමු ව්‍යාපෘතිය මගින් මේ වසරේ එවැනි මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකි වී ඇති බැවින් එම ව්‍යාපෘතිය ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජ ආරක්ෂණ සහ ක්‍රීඩා

• හෝටල් පාසල් සංවර්ධනය: පොළොන්නරුවේ ඉන්දියානු ආධාර යටතේ ඉදිවූ ත්‍රෛභාෂා පාසල් පරිශ්‍රය ත්‍රෛභාෂා ඉගැන්වීම් ඇතුළත් හෝටල් පාසලක් බවට පත් කිරීමට සහ පින්නවල හෝටල් පාසල සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.

• සෞඛ්‍ය පද්ධතියට නව ගිලන් රථ: සෞඛ්‍ය සේවයේ පවතින වසර 20කට වඩා පැරණි ගිලන් රථ 400න් සියයට 50ක් පමණ වසර 25කට වඩා පැරණි වන අතර, ඒවා වෙනුවට නව ගිලන් රථ එක් කිරීම සඳහා 2027 දී රුපියල් මිලියන 3,000ක් වෙන් කෙරේ. මීට අමතරව ගිලන් රථ 319කින් සමන්විත 1990 සුවසැරිය සේවාව පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 1,725ක ඉන්දියානු ආධාර යටතේ 2027 දී නව ගිලන් රථ 100ක් එක් කෙරේ.

• විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ විගමනික ශ්‍රමිකයන්: ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විදේශගත ප්‍රජාවේ දෙවන සහ තෙවන පරම්පරාවන් සඳහා "ගෝලීය ශ්‍රී ලාංකික උරුම පුරවැසි" (Global Sri Lankan Heritage Citizen) වැඩසටහන යටතේ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම්කරුවෙකුගේ කලත්‍රයාට, දරුවන්ට සහ තෙවන පරම්පරාවේ දරුවන්ට කිසිදු ගාස්තුවකින් තොරව ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට රජය පියවර ගනී. එමෙන්ම විගමනික ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා රුපියල් මිලියන 5ක් දක්වා සහනදායී නිවාස ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙන අතර, එහිදී රුපියල් මිලියන 3ක් දක්වා සියයට 10ක පොලී සහනාධාරයක් සහ ඉතිරි රුපියල් මිලියන 2 සඳහා සියයට 5ක පොලී සහනාධාරයක් ලබා දේ.

• සමාජ ආරක්ෂණය සහ සවිබල ගැන්වීම: අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණ දීමනා සඳහා 2027 වසරේදී රුපියල් බිලියන 230ක් වෙන් කර ඇත. වකුගඩු රෝගීන්ට සහ ආබාධ සහිත පුද්ගලයන්ට ලබා දෙන මාසික දීමනාව රුපියල් 10,000 සිට රුපියල් 12,500 දක්වා රුපියල් 2,500කින් වැඩි කෙරේ. ආබාධ සහිත පුද්ගලයන් සඳහා තාක්ෂණික උපකරණ සහ වෛද්‍ය ආධාර ලබා දීමට ජාතික මහලේකම් කාර්යාලය යටතේ රුපියල් මිලියන 150ක් වෙන් කර ඇති අතර සෑම අමාත්‍යාංශයකම, දෙපාර්තමේන්තුවකම සහ ප්‍රධාන රාජ්‍ය ආයතනයකම ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් (Disability Inclusion Focal Point) ස්ථාපිත කෙරේ. තවද 'ප්‍රජා ශක්ති' ජාතික ව්‍යාපාරය යටතේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 25,000ක් ද, සුදුසුකම් ලත් පවුල් සවිබල ගැන්වීමට රුපියල් මිලියන 4,500ක් ද, අවදානමට ලක්විය හැකි දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 182ක් ද වෙන් කර තිබේ.

• ක්‍රීඩා ක්ෂේත්රය සහ පදක්කම්ලාභීන්ට මුදල් ත්‍යාග: ජාත්‍යන්තර තරගවලදී රන් පදක්කම් දිනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ඔලිම්පික් රන් පදක්කමකට රුපියල් මිලියන 100ක්, ලෝක මලල ක්‍රීඩා ශූරතා රන් පදක්කමකට රුපියල් මිලියන 100ක්, පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමකට රුපියල් මිලියන 75ක්, ආසියානු රන් පදක්කමකට රුපියල් මිලියන 50ක් සහ සාර්ක් (SAARC) රන් පදක්කමකට රුපියල් මිලියන 15ක් බැගින් ප්රදානය කිරීමට යෝජනා කර ඇත. රිදී සහ ලෝකඩ පදක්කම් සඳහා ද ඊට අනුරූපව මුදල් ත්‍යාග පිරිනැමේ. මීට අමතරව රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමට රුපියල් මිලියන 2,500ක් සහ සුගතදාස ජාතික ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය නවීකරණය කිරීමට හා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථයක් ඉදිකිරීමට රුපියල් මිලියන 1,500ක් වෙන් කර ඇත.

• පාසල් සිසුන්ට කොටස් වෙළඳපොළ අත්දැකීම්: වයස අවුරුදු 18 සහ ඊට වැඩි තෝරාගත් 13 ශ්‍රේණියේ උසස් පෙළ සිසුන්ට රුපියල් 10,000ක් දක්වා වටිනා කොටස් කළඹක් (Share Portfolios) ලබා දෙන විධිමත් වැඩසටහනක් හරහා කොටස් වෙළඳපොළට පිවිසීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.

කෘෂිකර්මාන්තය, වැවිලි සහ ධීවර කර්මාන්තය

• වතු කම්කරු දීමනා සහ යටිතල පහසුකම්: වතු කම්කරුවන්ට පසුගිය වසරේ හඳුන්වා දුන් රුපියල් 200ක දෛනික දිරි දීමනාව 2027 වසර පුරාම අඛණ්ඩව ලබා දීමට ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, වතු ආශ්රිත ක්ෂේත්‍ර විවේකාගාර, වැසිකිළි පහසුකම් සහ ප්‍රජා ශක්ති මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් බිලියන 3ක් වෙන් කර තිබේ.

• තේ, පොල් සහ තල් කර්මාන්ත සංවර්ධනය: රටේ තේ නිෂ්පාදනයෙන් සියයට 70කට පමණ දායක වන කුඩා තේ වතු හිමියන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පළාත් 6ක් පුරා තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 730ක් ද, පොල් වගා පුනරුත්ථාපන ව්‍යාපෘතිය හරහා පොල් කර්මාන්තයට රුපියල් බිලියන 2.5ක් ද, උතුරු, නැගෙනහිර, වයඹ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල තල් කර්මාන්තය නවීකරණය කිරීමට රුපියල් මිලියන 100ක් ද වෙන් කර ඇත.

• පශු සම්පත් සහ කිරි නිෂ්පාදනය: අතරමග නතර වී ඇති බඩල්ගම නව මිල්කෝ කිරි සැකසුම් කර්මාන්තශාලාවේ වැඩ අවසන් කිරීමට 2027 සඳහා තවත් රුපියල් බිලියන 3ක් වෙන් කර ඇති අතර, පුත්තලම, මන්නාරම සහ මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්කවල එළු පාලන ව්‍යාපෘති සඳහා දැනට පවතින රුපියල් මිලියන 200ට අමතරව තවත් රුපියල් මිලියන 300ක් වෙන් කර තිබේ.

• වී වගාව සහ ආහාර සුරක්ෂිතතාව: වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 30,000 බැගින් ලබා දෙන සහනාධාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 44ක් වෙන් කර ඇති අතර 2026/27 මහ කන්නයේ සිට කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් බෝග සඳහා ද මෙම සහනාධාරය පුළුල් කෙරේ. රසායනික සහ කාබනික පොහොර ඒකාබද්ධව භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීමේ සිව් අවුරුදු වැඩසටහන සඳහා 2027 දී රුපියල් මිලියන 47ක් ද, වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගැනීමට හා සහල් සැකසුම් යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට සමුපකාර සමිති සඳහා පවතින රුපියල් මිලියන 700ට අමතරව රුපියල් මිලියන 300ක් ද වෙන් කර ඇත. තවද පුරන් කුඹුරු සහ ඵලදායිතාව අඩු කුඹුරු ඉඩම්වල වෙනත් බෝග වගා කිරීම දිරිමත් කිරීමට රුපියල් බිලියන 1.55ක් වෙන් කෙරේ.

• ධීවර කර්මාන්තය: රැකියා ආශ්රිත අනතුරුවලින් මිය යන ධීවරයන්ගේ පවුල් සඳහා ගෙවන වන්දිය රුපියල් මිලියන 1 සිට රුපියල් මිලියන 2 දක්වා දෙගුණ කෙරේ. ලංකා ධීවර සංස්ථාවේ අලෙවි ජාලය වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 200ක්, ධීවර සම්පත් කළමනාකරණයට රුපියල් බිලියන 1ක්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ නවීකරණය කිරීමට රුපියල් බිලියන 1ක් සහ පේසාලේ ධීවර වරාය ඇතුළු උතුරු පළාතේ ධීවර යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් බිලියන 5ක් වෙන් කර තිබේ. 2030 වන විට ධීවර අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 300 සිට ඩොලර් මිලියන 600 දක්වා දෙගුණ කිරීම රජයේ ඉලක්කයයි.

ගුවන් තොටුපළ සහ වරාය සංවර්ධනය

• මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට නව ආයෝජකයන්: ඇමරිකානු ඩොලර් මිලියන 190ක ණය මුදලකින් ඉදිකර 2013 වසරේදී ගුවන් මෙහෙයුම් ආරම්භ කළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ මේ වන විට (2026) රුපියල් මිලියන 70,000කට අධික සමුච්චිත පාඩුවක් වාර්තා කර ඇති බවත් එම පාඩුව වාර්ෂිකව ඉහළ යන බවත් ජනාධිපතිවරයා පැවසීය. ඒ අනුව ගුවන් තොටුපළ මෙහෙයුම්, දත්ත මධ්‍යස්ථාන, ආහාරපාන සේවා සහ ගුවන් යානා නඩත්තු කටයුතු ජාත්‍යන්තර සමාගම් සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් (EOI) කැඳවා අවසන් කර ඇති අතර තෝරාගත් සමාගම්වලින් යෝජනා කැඳවීමට (RFP) පියවර ගනිමින් ඉදිරි වසර තුළ නව ආයෝජකයන් තෝරා ගැනීමට අපේක්ෂා කෙරේ.

• රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය: ගුවන් නියමු පුහුණුව, දේශීය, ව්‍යාපාරික සහ කලාපීය ගුවන් සේවා සඳහා රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කෙරේ. ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනට පවතින ධාවන පථය පුනරුත්ථාපනය කර මීටර් 1,400 සිට මීටර් 1,771 දක්වා දීර්ඝ කිරීමේ රුපියල් මිලියන 6,000ක ව්‍යාපෘතියක් 2027 දී ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ (AASL) අරමුදල්වලින් ආරම්භ කෙරේ. තවද ගුවන් තොටුපළ අවට වාහන තදබදය අවම කිරීම සඳහා AASL විසින් රුපියල් මිලියන 400ක වියදමින් නව රථ ගාලක් ද ඉදිකරනු ඇත.

• කොළඹ වරාය පුළුල් කිරීම: ලොව ප්‍රධානතම බහාලුම් වරායන් 20 අතර සිටින කොළඹ වරායේ බහාලුම් පරිමාව 2040 වන විට TEU මිලියන 30 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ ලෝක බැංකුවේ සහාය ඇතිව නව බටහිර බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇත. කිලෝමීටර් 3.2ක දියකඩනයකින් සමන්විත මෙම ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව TEU මිලියන 3.2ක බහාලුම් හැසිරවීමේ ධාරිතාවක් එක් කිරීමට අපේක්ෂා කෙරේ.