LSN News › Sri Lanka

සොහොන්වල ජප කරලා පාර්ලිමේන්තුවේ වස් කවි කියලා ආණ්ඩු පෙරළන්න හදන විපක්ෂයට ජනාධිපති ධර්මයෙන් කළ දේශනය....

“දේශපාලනය කරන්න ඕනේ මහපොළොවේ, ජනතාව අතරට ගිහින් මිසක් අර රාත්‍රියට සොහොන් පිටිවල නූල් බැඳලා නෙවෙයි, පාර්ලිමේන්තුවේ වස්කවි කිය කියා කාලය නාස්ති කරලා නෙවෙයි. හොඳට තේරුම් ගන්න දේශපාලනය කරන තැන කොතනද කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට වදාළ කිසිවක් අන්ධ ලෙස පිළිනොගෙන නුවණින් විමසිය යුතු බවට පෙන්වා දුන් කාලාම සූත්‍රය කියවලා අන්ධ විශ්වාසයට එරෙහිව බුදුරජාණන් වහන්සේ කළ විප්ලවය තේරුම් ගන්න. මිථ්‍යාවට එරෙහිව බුදු හිමි දේශනා කළ අග්ගඤ්ඤ සූත්‍රය හා බොරු මන්ත්‍ර වලට එරෙහිව දේශනා කළ කේවට්ට සූත්‍රය කියවලා බුදු හිමි කළ මතවාදී විප්ලවය තේරුම් ගන්න.“ - ජනාධිපති අනුර කුමාර දිසානායක...

LSN Sri Lanka · 12 November 2026

සොහොන්වල ජප කරලා පාර්ලිමේන්තුවේ වස් කවි කියලා ආණ්ඩු පෙරළන්න හදන විපක්ෂයට ජනාධිපති ධර්මයෙන් කළ දේශනය....

නූතන ලෝකයේ ආණ්ඩු පෙරළන්නේ ප්‍රගතිශීලී මතවාදී විප්ලවයන්ගෙන්, බුද්ධිමත් තීරණ වලින් සහ අනාගතයට ගැලපෙන දියුණු ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළක් සහිත ජනතා බලයකින් මිස රාත්‍රියට සොහොන් පිටිවල නූල් බැඳිමෙන් හෝ , පාර්ලිමේන්තුවේ වස්කවි කිය කියා කාලය නාස්ති කිරීමෙන් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ජනාධිපතිවරයා සිය අයවැය කතාව අවසානයේ දී බුදුන් වදාල තේවිජ්ජ සූත්‍රය උපුටා දක්වමින් පෙන්වා දුන්නේ ගඟග මෙගොඩ ඉවුරේ සිටිනා තැනැත්තෙක් එගොඩ ඉවුරට ගමන් කිරීම සදහා පිහිනීම හෝ ඔරුවක් හෝ තෝරාගන්නේ නැතිව එගොඩ ඉවුරට තමන් වෙත එන ලෙස කෑ ගැසූවිට ඉවර මෙගොඩට නොඑන බවය. මේ අවබෝධය සහිත ජනතාව අතරට ගොස් දේශපාලනය කර බලය ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා විපක්ෂ කණ්ඩායම්වලට ආරාධනා කළේය.

ඔහු පෙන්වා දුන්නේ ඉදිරිගාමී දේශයක් නිර්මාණය කිරීමේ දී අවශ්‍ය දියුණු චින්තන ප්‍රවාහයන් සහිත සමාජයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේ කාර්යයක් බවත් මාතෘභූමිය අවසානයේ දී ලබන ජයග්‍රහණය තුළ පක්ෂ පාට හෝ පුද්ගල කණ්ඩායම් නොව ඇති එකම නම ශ්‍රී ලංකාව බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අයවැය කතාව අවසාන කරමින් ජනාධිපතිවරයා කීවේ මෙසේය.

"මේ අයවැය යෝජනා අදහසකට පමණක් සීමා වෙන්නේ නෑ. ඒවා ප්‍රායෝගිකව මහපොළොව මත ක්‍රියාත්මක කරන ඒවයි. එබැවින් සෑම අලුත් යෝජනාවක්ම පැහැදිලි වගකිවයුතු ආයතනයක්, ප්‍රතිඵල දර්ශක, ජාතික ප්‍රමුඛතා, මුදල් ප්‍රවාහ සැලැස්මක් සහ මහජනතාවට පහසුවෙන් දැකබලා ගත හැකි විනිවිදභාවයකින් යුක්ත වෙනවා.

අප ගොඩනැගීමට උත්සාහ කරනුයේ පුරවැසියන්ගේ ගෞරවය රකින, දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන, ශ්‍රමයට නිසි වටිනාකමක් දෙන, දැනුමට අවස්ථාව සලසන, ස්වභාවික සම්පත් අනාගත පරපුර උදෙසා රැක දෙන රටක්. පැවති අභියෝගය ජය ගනිමින් ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගා ගත් අපේ මීළඟ ඉලක්කය වන්නේ 27 වසරේ ඉදිරිගාමී පරිවර්තනීය කාලපරිච්ඡේදයක් ආරම්භ කිරීමයි. ඒ සඳහා ඔබ සැමගේ සාමූහික ශක්තිය, දායකත්වය අපට අවශ්‍යයි.

ගරු කථානායකතුමනි, නූතන ලෝකයේ ආණ්ඩු පෙරළන්නේ ප්‍රගතිශීලී මතවාදී විප්ලවයන්ගෙන්, ජනතාවගෙන්, බුද්ධිමත් තීරණ වලින් සහ අනාගතයට ගැලපෙන දියුණු ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළින්. හැබැයි අපේ ප්‍රතිපක්ෂයේ සමහර අය තවමත් මිථ්‍යා මතවාද වල එල්බගෙන, පසුගාමී චින්තනයෙන් මිදෙන්නට නොහැකිව තිබෙනවා. දේශපාලනය කරන්න ඕනේ මහපොළොවේ, ජනතාව අතරට ගිහින් මිසක් අර රාත්‍රියට සොහොන් පිටිවල නූල් බැඳලා නෙවෙයි, පාර්ලිමේන්තුවේ වස්කවි කිය කියා කාලය නාස්ති කරලා නෙවෙයි. හොඳට තේරුම් ගන්න දේශපාලනය කරන තැන කොතනද කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට වදාළ කිසිවක් අන්ධ ලෙස පිළිනොගෙන නුවණින් විමසිය යුතු බවට පෙන්වා දුන් කාලාම සූත්‍රය කියවලා අන්ධ විශ්වාසයට එරෙහිව බුදුරජාණන් වහන්සේ කළ විප්ලවය තේරුම් ගන්න. මිථ්‍යාවට එරෙහිව බුදු හිමි දේශනා කළ අග්ගඤ්ඤ සූත්‍රය හා බොරු මන්ත්‍ර වලට එරෙහිව දේශනා කළ කේවට්ට සූත්‍රය කියවලා බුදු හිමි කළ මතවාදී විප්ලවය තේරුම් ගන්න.

ගඟක අනිත් කෙළවරට යන්න, මේ කෙළවරේ සිටින මිනිසෙක් පිහිනන්නේ නැතුව හෝ ඔරුවක් පාවිච්චි කරන්නේ නැතුව, අනිත් කෙළවරට 'මෙහාට වරෙන්, මෙහාට වරෙන්' කිව්වට එන්නේ නෑ. අනිත් ඉවුරට ප්‍රාර්ථනා කළොත් 'ඉවුර මෙහාට එයිද?' කියලත් තේවිජ්ජ සූත්‍රයේ බුදු හිමි විමසනවා. ඒවා තේරුම් ගන්න.

ගරු කථානායකතුමනි, අපේ මාතෘභූමිය සම්බන්ධයෙන් අපට තිබෙන්නේ ඉතා පැහැදිලි, ප්‍රගතිශීලී සහ අභිමානවත් සිහිනයක්. අපේ බලාපොරොත්තුව මේ රට නිකම්ම නිකම් දූපතක් නෙවෙයි. දැනුමෙන්, කුසලතාවයෙන් සහ නූතන තාක්ෂණයෙන් පිරිපුන්, ආසියාවේ විතරක් නෙවෙයි, ලෝකයේම දියුණුතම රට බවට පරිවර්තනය කිරීමයි. අද අපි ඒ වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. රට පුරා ඉන්න අපේ තරුණ පරපුරට, අපේ දරුවන්ට නූතන තාක්ෂණය, විද්‍යාව සහ ගෝලීය දැනුම ලබා දෙමින්, ඔවුන්ව පූර්ණ කුසලතාවයෙන් පිරි දියුණු පුරවැසියන් බවට පත් කිරීමේ පරිවර්තනය අපි ආරම්භ කරලා තිබෙනවා.

ගරු කථානායකතුමනි, අපට අවශ්‍ය වන්නේ ආර්ථික වශයෙන් දියුණු රටක් ගොඩනැගීම පමණක් නොවෙයි. ලෝකය හමුවේ ශ්‍රී ලාංකිකයා පිළිබඳ අලුත් ප්‍රතිරූපයක් ගොඩනැංවීමයි. අප සිහින දකින ශ්‍රී ලාංකිකයා කියන්නේ උගත්, බුද්ධිමත්, ශිෂ්ටසම්පන්න, ගෞරවනීය සහ විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙකු ලෙස ලෝකය තුළ ශ්‍රී ලංකාවේ සන්නාමය සන්නාමගත කිරීමයි. අප අපේක්ෂා කරන්නේ පුංචි රටක් වුවත්, අපේ රටේ මානව සම්පත අද්විතීය බුද්ධියකින් යුක්ත බව ලෝකය තුළ සලකුණු කිරීමයි. අපිට අවශ්‍ය, තමන් භාරගත් වගකීම ඉටු කරන, කැපවීමෙන් වැඩ කරන, නව අදහස් නිර්මාණය කරන, අභියෝග හමුවේ විසඳුම් සොයන සහ ලෝකය සමඟ උරෙනුර ගැටී ඉදිරියට යා හැකි පුරවැසි පරපුරක් අපට සිටින බව ලෝකයට ඔප්පු කිරීමයි. අප ගොඩනගන්නට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවට අලුත් ආර්ථිකයක් පමණක් නොවෙයි, ලෝකය හමුවේ ශ්‍රී ලාංකිකයාට අලුත් පිළිගැනීමක්, අලුත් ගෞරවයක් සහ අලුත් අභිමානයක්.

ආණ්ඩුව විවේචනය කරන්න. අපේ ප්‍රතිපත්ති ප්‍රශ්න කරන්න. අපේ වැඩපිළිවෙළට වඩා හොඳ විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න. ඒ සඳහා විපක්ෂයට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අපි සම්පූර්ණයෙන් ගරු කරනවා. නමුත් වස්කවි වෙනුවට විකල්ප ප්‍රතිපත්තීන්, කොඩිවින වෙනුවට නිර්මාණශීලී විසඳුම්, යාග හෝම වෙනුවට බුද්ධිමත් සංවාදයක් මේ රටේ දේශපාලනයට ගේන්න. අපේ රටේ ජනතාව තාක්ෂණයෙන්, බුද්ධියෙන් ඉදිරියට යන විට, අපේ රටේ විපක්ෂයේ දේශපාලනය විතරක් කණපිට හැරී පසුපසට යා යුතු නෑ නේද?

ලෝකය හමුවේ අපි ගොඩනගන්නට උත්සාහ කරන ශිෂ්ටසම්පන්න, ප්‍රබුද්ධ සහ අභිමානවත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයට ගැලපෙන දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයටත් පැවරුණු මූලික වගකීමක් බව මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මේ රටේ බුද්ධිමත් ජනතාව නැවත කිසිසේත්ම ඒ පැරණි අන්ධකාරයට පා තබන්නේ නෑ. යන්නේ නෑ. ඒකෙන් එළියට එන්න. ඒක අන්ධකාරයක්ම විතරයි. කවදාවත් තමුන්නාන්සේලාට සූර්යාලෝකය ලැබෙන්නේ නෑ ඒ අන්ධකාරයේ ජීවත් වෙනකම්.

ගරු කථානායකතුමනි, අනාගත පරම්පරාවට අපි ඉතිරි කර යා යුත්තේ අපේ පක්ෂවාද විවාද නොවෙයි, ඔවුන්ට විශ්වාසයෙන් අනාගතය භාරගත හැකි සමෘද්ධිමත් සහ සාධාරණ රටක්. එම නිසා ශ්‍රී ලාංකිකයා කියන නම අපි ආඩම්බරයෙන් උච්චාරණය කරන නමක් පමණක් නොව, ලෝකයම ගෞරවයෙන් පිළිගන්නා අභිමානවත් නමක් බවට පත් කරමු. ඒකට අපි එන්න ඕනේ. ඒ සඳහා වන අපේ පොරොන්දුව අපි හුදෙක් වචන වලින් නොව ක්‍රියාවෙන් ඔප්පු කරමු.

අද අපි මේ රටේ සියලු දේශපාලන පක්ෂ වලටත්, සියලු පාර්ශ්වයන්ටත්, ලෝකයේ කොතැනක හෝ ජීවත් වන සෑම ශ්‍රී ලාංකිකයෙකුටමත් විවෘත හදවතින් ආරාධනා කරනවා, එන්න, මේ රටේ අනාගතය ගොඩනැගීමේ කොටස්කරුවන් වෙමු. අපි හැමෝම එකම විදිහට හිතන්න අවශ්‍ය නෑ. එකම මතයක් දරන්න අවශ්‍යත් නෑ.

නමුත් අපේ වෙනස්කම් වලට වඩා අපේ රට විශාලයි.

අපේ තනි තනි අරමුණු වලට වඩා අපේ දරුවන්ගේ අනාගතය වටිනවා.

ඒ නිසා අපේ දැනුම, අපේ හැකියාවන්, අපේ ශක්තිය එකතු කරමු. අපට එකඟ විය හැකි තැනින් අපි පටන් ගමු. එකිනෙකාට වඩා ඉදිරියෙන් යන්න නොවෙයි, අපේ මාතෘභූමිය අපේ හැමෝටම වඩා ඉදිරියෙන් ගෙනියන්න එකතු වෙමු.

අවසානයේ අපේ දරුවන්ට අපි ඉතිරි කර යා යුත්තේ, අපි එකිනෙකාට වඩා කොතරම් ඉහළින් සිටියාද කියන කතාව නොවෙයි. අපි සියලු දෙනාම එකතු වී මේ රට කොතරම් ඉහළට ඔසවා තැබුවාද කියන කතාවයි.

ඒ කතාවේ ජයග්‍රහණය එක් පුද්ගලයෙකුට අයිති නොවේවි. එක් පක්ෂයකට අයිති නොවේවි. ඒක එක් පරම්පරාවකට පමණක් අයිති නොවේවි. ඒ ජයග්‍රහණය මේ රටේ සෑම පුරවැසියෙකුටම අයිති වේවි. ඒ ජයග්‍රහණය තිබිය යුත්තේ එකම නමයි..."

ඒ නම ශ්‍රී ලංකාව...