LSN News › Sri Lanka

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සරල බහුතරයෙන් සම්මත කළ හැකියි – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි!

මෙම පනත් කෙටුම්පත දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වා දීමට රජය විසින් ඉදිරිපත් කරන ලද්දකි. එයට එරෙහිව පෙත්සම් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, අධිකරණය දැන් ඉහත සංශෝධනවලට යටත්ව සරල බහුතරයෙන් සම්මත කිරීමට හැකි බව තීරණය කර ඇත.

LSN Sri Lanka · 13 November 2026

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සරල බහුතරයෙන් සම්මත කළ හැකියි – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” පනත් කෙටුම්පත (Protection of the State from Terrorism Bill / PSTA) සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීරණය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (නොවැම්බර් 12) පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ, පහත සඳහන් සංශෝධන කාරක සභා අවස්ථාවේදී සිදු කිරීමෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන්  සම්මත කළ හැකි බවය. මෙම සංශෝධන අතරින් තුනක් දැනටමත් අතිරේක සොලිසිටර් ජනරාල්තුමා විසින් සිදු කිරීමට එකඟ වී ඇත.

යෝජිත සංශෝධන පහත පරිදිය:

1. 26(2) වගන්තිය – “එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත” (on the application of such police officer) යන වචන ඇතුළත් කිරීම මගින් සංශෝධනය කළ යුතුය. එම ඇතුළත් කිරීමෙන් අනතුරුව 26(2) වගන්තිය මෙසේ විය යුතුය:

“(1) උපවගන්තිය යටතේ යම් සැකකරුවකු මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, වැඩිදුර විමර්ශන කිරීමේ අරමුණින් සැකකරු වැඩිදුරටත් දීර්ඝ කරන ලද කාලයක් සඳහා රඳවා තබා ගැනීමට අවශ්‍ය බවට විශ්වාස කිරීමට එම විමර්ශනය කරනු ලබන පොලිස් නිලධාරියාට සාධාරණ හේතු ඇති අවස්ථාවක දී, එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත, මහේස්ත්‍රාත්වරයා විසින් ලිඛිතව හේතු වාර්තා කරමින්, පැය විසිහතරක් නොඉක්මවන වැඩිදුර කාලසීමාවක් සඳහා එම සැකකරු අත්අඩංගුවේ තබා ගැනීම සඳහා බලය දෙනු ලැබිය හැකිය.”

2. 59(5)(ආ) වගන්තිය – ඵලදායී අධිකරණ අධීක්ෂණයක් සහතික කිරීම සඳහා “අභියාචනාධිකරණය” යන වචනය වෙනුවට “ශ්‍රේෂ්ඨාධිකරණය” යන වචන ආදේශ කළ යුතුය.

3. 60(7) වගන්තිය – අනවශ්‍ය (superfluous) ප්‍රතිපාදනයක් බැවින් එය පනත් කෙටුම්පතෙන් ඉවත් කළ යුතුය.

4.66(1) වගන්තිය – පහත පරිදි නැවත සකස් කළ යුතුය:

“මෙම පනත යටතේ නිකුත් කරන ලද හෝ කරන ලද විධායක නියෝගයක්, මෙහෙයුම් විධානයක් හෝ නියමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126, 140 හෝ 141 ව්‍යවස්ථා යටතේ වූ නඩු කටයුතුවලදී ප්‍රශ්න කරනු ලැබිය හැකිය.”

කථානායකවරයා වැඩිදුරටත් නියෝග කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීරණය පාර්ලිමේන්තුවේ නිල වාර්තාවේ (Official Report / Hansard) මුද්‍රණය කළ යුතු බවය.

මෙම පනත් කෙටුම්පත දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වා දීමට රජය විසින් ඉදිරිපත් කරන ලද්දකි. එයට එරෙහිව පෙත්සම් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, අධිකරණය දැන් ඉහත සංශෝධනවලට යටත්ව සරල බහුතරයෙන් සම්මත කිරීමට හැකි බව තීරණය කර ඇත.