LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සාමුහිකව එක් වී සිදුකළ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ගර්හිතම සිද්ධිය ගැන උස්මාන් කවාජා පොතක් ලියා හෙළි කරයි... පැට් කමින්ස් කවාජා ගේ ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කරයි!

2018 මාර්තු මාසයේදී කේප් ටවුන් හි දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් තරගය අතරතුර, ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වැලි කඩදාසි වලින් පන්දුව පළුදු කරන සැලසුම මුලු කණ්ඩායමම දැන සිටි බවත්  ඊට තරග කීපයකට පෙර සිට එම සැලසුම අනුගමනය කළ බවත් උස්මාන් කවාජා සිය නවතම කෘතියෙන් හෙළි කිරීමත් සමග ඔස්ට්‍රේලියානු ක්‍රිකට් යළි ඇවිලී තිබේ.

LSN Sri Lanka · 13 November 2026

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සාමුහිකව එක් වී සිදුකළ මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ගර්හිතම සිද්ධිය ගැන උස්මාන් කවාජා පොතක් ලියා හෙළි කරයි... පැට් කමින්ස් කවාජා ගේ ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කරයි!

2018 වසරේදී සිදු වූ පන්දුව පළුදු කිරීමේ (Ball-tampering) සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා විසින් සිදු කර ඇති ප්‍රකාශයන් ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක පැට් කමින්ස් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර, හිටපු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් නායක කමින්ස්ට එරෙහිව අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, කමින්ස් විසින් කවාජාව "අමාරුවේ දමා අත්හැර දැමූ" (threw under the bus) බවය.

සිකුරාදා (නොවැම්බර් 13) සිඩ්නි නුවර පැවති මාධ්‍ය හමුවකදී පැට් කමින්ස් මිනිත්තු 70ක පමණ කාලයක් මේ පිළිබඳව අදහස් දැක්වීය. එහිදී ඔහු කියා සිටියේ 2018 දකුණු අප්‍රිකානු තරගාවලියේදී වැලි කඩදාසි (Sandpaper) භාවිත කිරීම පිළිබඳව මුළු ඔස්ට්‍රේලියානු කණ්ඩායමම දැන සිටි බවට කවාජා කරන ප්‍රකාශය "සම්පූර්ණයෙන්ම විකාර සහගත අසත්‍යයක්" බවය.

එම නීතිවිරෝධී සැලසුම පිළිබඳව තමාට කිසිදු දැනුමක් නොතිබූ බව පැවසූ කමින්ස්, තමා හෝ වෙනත් ක්‍රීඩකයින් එය සැලසුම් කිරීමට උදව් කළ බවට නැගෙන අදහසද ප්‍රතික්ෂේප කළේය. ක්‍රීඩා පිටියට වැලි කඩදාසි රැගෙන යන බව සියලුම ක්‍රීඩකයින් දැන සිටි බවට කවාජා කරන ප්‍රකාශය "සියයට සියයක්ම වැරදි" බව ඔහු අවධාරණය කළේය.

උස්මාන් කවාජාගේ නවතම ස්වයං චරිතාපදාන ග්‍රන්ථය වන 'සබ්ර්' (Sabr) හි ඇතුළත් මෙම චෝදනා පිළිබඳව කමින්ස් සිය කනගාටුව පළ කළ අතර, එම ප්‍රකාශයන් හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ කීර්ති නාමයට හානි සිදුව ඇති බවද සඳහන් කළේය.

සිකුරාදා එංගලන්තයට එරෙහිව පැවති ඔස්ට්‍රේලියාවේ පළමු එක්දින ජාත්‍යන්තර තරගයේ 'ෆොක්ස් ක්‍රිකට්' (Fox Cricket) විකාශනය අතරතුරදී ඩේවිඩ් වෝනර් මීට ප්‍රතිචාර දැක්වීය. කවාජා වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු මෙසේ පැවසීය:

"මම තවමත් උසී (කවාජා) සහ ඔහු එම පොතේ ලියා ඇති දේ වෙනුවෙන් පෙනී සිටිනවා, මොකද ඒක තමයි ඇත්ත. මම ඔහුට ඇත්තටම සහයෝගය දෙනවා. මේ මොහොතේ මට ඔහු ගැන ඇත්තටම දුකක් දැනෙනවා. අද නායකයා විසින් උසීව අමාරුවේ දමා අත්හැර දැමූ බව මට හැඟෙනවා. ඒ ගැන මම ඉතාමත් කනගාටු වෙනවා."

ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය විසින් සිදු කළ මුල් විමර්ශනය නිසි ලෙස කළමනාකරණය නොකළ බවත්, ලබා දුන් දඬුවම් ඉතා දැඩි බවත් වෝනර් නැවත නැවතත් පවසා තිබේ. ඔහු තවදුරටත් කවාජා ඉදිරිපත් කරන සිදුවීම් පෙළට සිය සහයෝගය පළ කරයි.

වසර අටකට වැඩි කාලයකට පසුව මෙම මතභේදය නිසා පැරණි කේප් ටවුන් සිදුවීම නැවතත් කරළියට පැමිණ තිබේ. 2018 වසරේදී ස්ටීව් ස්මිත්ට සහ ඩේවිඩ් වෝනර්ට මාස 12ක තරග තහනමක් පැනවූ අතර, කැමරන් බැන්ක්‍රොෆ්ට්ට මාස නවයක තරග තහනමක් පනවන ලදී.

මෙම ගැටුම ආරම්භ වූයේ ඇයි?

2018 මාර්තු මාසයේදී කේප් ටවුන් හි දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් තරගය අතරතුර, ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව මත වැලි කඩදාසියක් අතුල්ලන ආකාරය කැමරාවල සටහන් විය. වැලි කඩදාසි භාවිතයෙන් පන්දුව රළු කිරීම නීතිවිරෝධී වන්නේ, එමගින් පන්දුව වැඩි වශයෙන් 'රිවර්ස් ස්වින්ග්' (Reverse-swing) වීමට උපකාරී වන බැවිනි.

ක්‍රිකට් ඔස්ට්‍රේලියා පැවැත්වූ විමර්ශනයේ දී අනාවරණය කරගන්නේ මේ සඳහා ක්‍රීඩකයින් තිදෙනෙක් පමණක් සම්බන්ධ බවය.

* නායක ස්ටීව් ස්මිත්

* උප නායක ඩේවිඩ් වෝනර්

* කැමරන් බැන්ක්‍රොෆ්ට්

ඔවුන්ට දීර්ඝ කාලීන තරග තහනම් පනවන ලදී. පන්දු යවන්නන් ඇතුළු කණ්ඩායමේ සෙසු සාමාජිකයින් මෙම වැලි කඩදාසි සැලසුම ගැන කිසිවක් නොදැන සිටි බව නිල වශයෙන් ප්‍රකාශ විය.

උස්මාන් කවාජා ද එම කණ්ඩායමේ සාමාජිකයෙකු විය. ඔහු සිය නවතම කෘතිය වන 'සබ්ර්' හි සඳහන් කරන්නේ සිදුවෙමින් පැවති දේ පිළිබඳව මුළු කණ්ඩායමම දැන සිටි බවය. එම තරගාවලියේ මීට පෙර තරගවලදී පවා වැලි කඩදාසි භාවිත කළ බවත්, ස්මිත්, වෝනර් සහ බැන්ක්‍රොෆ්ට් අසාධාරණ ලෙස සියලු වරද භාරගත් බවත් ඔහු චෝදනා කරයි. තමාද ඒ පිළිබඳව දැන සිටි නමුත් නිහඬව සිටි බව කවාජා පවසයි.

එවකට එම කණ්ඩායමේ තරුණ පන්දු යවන්නෙකු වූ සහ වත්මන් නායක පැට් කමින්ස් සැමවිටම පවසා ඇත්තේ ක්‍රීඩා පිටියට වැලි කඩදාසි රැගෙන යන බව තමා නොදැන සිටි බවය. විශේෂයෙන්ම තමා සහ අනෙකුත් ක්‍රීඩකයින් මෙම වංචාව සැලසුම් කළ බවට කවාජා කරන ඉඟි කිරීම් ඔහු දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

තරග තහනමට ලක් වූ ක්‍රීඩකයින් තිදෙනාගෙන් අයෙකු වන ඩේවිඩ් වෝනර්, කවාජාගේ කතාවට සහය දක්වයි. ඔහු පවසන්නේ කවාජාට මෙතරම් ප්‍රසිද්ධියේ සහ දැඩි ලෙස පහර දීමෙන් කමින්ස් වරදක් කළ බවය.

මෙම ප්‍රසිද්ධ මතභේදය හේතුවෙන් ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම ආන්දෝලනයක් නැවතත් විවෘත වී තිබේ.