තණමල්විල ප්රාදේශීය සභාවේ අයවැය දෙවනවර කියවීම සම්මතයි – සජබ මන්ත්රීවරියකගේ සහායත් හිමිවෙයි!
ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල ප්රාදේශීය සභාවේ 2027 අයවැය දෙවනවර කියවීම සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් සහ සමගි ජන බලවේගයේ මන්ත්රීවරියකගේ සහායෙන් අද සම්මත විය.
LSN Sri Lanka ·
ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල ප්රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා වූ අයවැය දෙවනවර කියවීම අද (13) පැවති ඡන්ද විමසීමේදී සම්මත වී තිබේ.
</p>
<p>
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 17ක් සහ විපක්ෂව ඡන්ද 17ක් ලැබී ඡන්ද සම තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් සභාපතිවරයාගේ තීරක ඡන්දය භාවිත කර අයවැය සම්මත කරගෙන ඇත. මෙම ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්රීවරියකද අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කිරීම විශේෂත්වයකි.
</p>
<p>
මීට පෙර නොවැම්බර් 4 වැනිදා පැවති පළමු ඡන්ද විමසීමේදී අයවැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 14ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 17ක් ලැබී තිබිණි. එදින ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් දෙදෙනකු අසනීප තත්ත්වයෙන් පසුවීමත්, විපක්ෂයේ මන්ත්රීවරයකු සභාවට නොපැමිණීමත් එම ඡන්ද ප්රතිඵලයට බලපා තිබිණි.
</p>
<p>
තණමල්විල ප්රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයට මන්ත්රී ආසන 16ක් හිමිව ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට ආසන 18ක් හිමිව තිබේ. අයවැය විවාදය පැවැති අවස්ථාවේදී සභාවේ මන්ත්රීවරුන් අතර උණුසුම් වාද විවාද කිහිපයක්ද ඇතිවිය.