LSN News › Sri Lanka

මාදුරුඔය ජාතික උද්‍යානය හරහා වැටී ඇති පණිජ්ජා ඔය - කන්දේගම මාර්ගය රාත්‍රී කාලයේ වසා තැබේ !

රාත්‍රී කාලයේදී ජාතික උද්‍යානය හරහා ගමන් කරන රථවාහන හේතුවෙන් මාර්ගය හරහා මාරු වන වන සතුන් ඉතා අධික ලෙස අනතුරුවලට ලක්වීම සහ මියයෑම නිරීක්ෂණය වී ඇති බව බලධාරීන් පෙන්වා දෙයි. වන සතුන්ට සිදුවන මෙම හානි සහ අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LSN Sri Lanka · 14 November 2026

මාදුරුඔය ජාතික උද්‍යානය හරහා වැටී ඇති පණිජ්ජා ඔය - කන්දේගම මාර්ගය රාත්‍රී කාලයේ වසා තැබේ !

මහඔය - අරලගංවිල ප්‍රධාන මාර්ගයේ මාදුරුඔය ජාතික උද්‍යානය හරහා දිවෙන පණිජ්ජා ඔය සිට කන්දේගම දක්වා වූ මාර්ග කොටස ලබන නොවැම්බර් 20 වැනිදා සිට රාත්‍රී කාලයේදී වසා තැබීමට තීරණය කර තිබේ. පණිජ්ජා ඔය ප්‍රදේශයෙන් ආරම්භ වන මෙම මාර්ගය, මාදුරුඔය ජලාශයට නැගෙනහිරින් පිහිටි ඝන වනාන්තර කලාපය සහ කන්දේගම ධනාගල කඳුකර ප්‍රදේශය ස්පර්ශ කරමින් දිව යයි.

</p>

<p>

ඒ අනුව, 2026 නොවැම්බර් 20 වැනි දින සිට පස්වරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා පැය 12ක කාලයක් මෙම මාර්ග කොටස රථවාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

</p>

<p>

රාත්‍රී කාලයේදී ජාතික උද්‍යානය හරහා ගමන් කරන රථවාහන හේතුවෙන් මාර්ගය හරහා මාරු වන වන සතුන් ඉතා අධික ලෙස අනතුරුවලට ලක්වීම සහ මියයෑම නිරීක්ෂණය වී ඇති බව බලධාරීන් පෙන්වා දෙයි. වන සතුන්ට සිදුවන මෙම හානි සහ අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

</p>

<p>

එබැවින්, අදාළ රාත්‍රී කාලසීමාව තුළ ගමනාගමන කටයුතු සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.