‘දෙහිබාලේ මල්ලි’ අත්අඩංගුවට ගත් බවට පැතිරෙන තොරතුර තවමත් විමර්ශන අංශවලට තහවුරු වී නැහැ!
‘දෙහිබාලේ මල්ලි’ ලෙස හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශෙහාන් තත්සර එස්තෝනියාවේදී අත්අඩංගුවට ගත් බවට පැතිරෙන තොරතුරු තවමත් විමර්ශන අංශවලට හෝ අන්තර්ජාතික පොලිසියට නිල වශයෙන් තහවුරු වී නොමැති බව වාර්තා වේ.
LSN Sri Lanka ·

‘දෙහිබාලේ මල්ලි’ ලෙස හඳුන්වන ශෙහාන් තත්සර නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම පිළිබඳ තොරතුරු විමර්ශන අංශ වෙත මේ වන තුරුත් පිළිගත හැකි නිල මාර්ගයකින් ලැබී නොමැති බවත්, මෙම තොරතුරු සංසරණය වන්නේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පාතාල කණ්ඩායම් අතර බවත් විමර්ශන අංශ පවසයි.
</p>
<p>
මෙරට තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයේ විශාල කලාපයක් ආවරණය කරන ලද මෙම අපරාධකරු සම්බන්ධ විමර්ශන තීව්ර වත්ම, ඔහු තමන් රැඳී සිටි ඩුබායි රාජ්‍යයෙන් ජෝර්ජියාවට පලා ගොස් තිබුණු බවට තොරතුරු අනාවරණය වී තිබේ. එතැනින් එස්තෝනියාවට ගොස් එහි රැඳී සිට ඇත්තේ එස්තෝනියාවට ආසන්න රටක්වන පින්ලන්තයට පලා යෑමේ අරමුණින් බවට විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබුණු බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කරමින් සිටි බව වාර්තා වේ.
</p>
<p>
ඔහු එස්තෝනියාවේ රැඳී සිටින බවට වූ තොරතුරුත්, දින කීපයක සිට ඔහුගේ කිසිදු දුරකථනයක් භාවිත නොවීම සහ පාතාලය තුළ මේ වන විට සංසරණය වෙමින් ඇති ඔහු එස්තෝනියාවේදී අත්අඩංගුවට ගත් බවට කියැවෙන තොරතුරුත් මත පදනම්ව මෙම ප්‍රවෘත්තිය නිර්මාණය වී ඇති බව අනාවරණය වී ඇත.
</p>
<p>
මේ වන විට ‘දෙහිබාලේ මල්ලි’ පිළිබඳ සියලුම තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය විසින් අදාළ රටවලට යොමු කර ඇති බවත්, අන්තර්ජාතික පොලිසිය (Interpol) විසින් රතු නිවේදනය අත්අඩංගුවට පත් වූ බව කියන රාජ්‍යයට යොමු කර ඇති නමුත්, මේ දක්වා ඒ පිළිබඳ නිල තහවුරු කිරීමක් අන්තර්ජාතික පොලිසියට හෝ ලැබී නොමැති බව විමර්ශන අංශ පෙන්වා දෙයි.
</p>
<p>
කෙසේ වෙතත්, විමර්ශන අංශ තවමත් මෙම අත්අඩංගුවට ගැනීම නිල වශයෙන් තහවුරු නොකළද, පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය මෙම තොරතුරු හේතුවෙන් දැඩි කම්පනයට පත්ව ඇතැයි වාර්තා වේ.