නාකොටික් ලොක්කා මාරුවන තුරු ‘දෙහි බාලේ හොඳ ළමයා’ වෙලා හිටි හැටි – දකුණේ මුහුදු මාර්ගයේ මත්ද්‍රව්‍ය ඒකාධිකාරිය සහ පොලිස් නිහඬතාවයේ විසඳිය යුතු අභිරහස ගැන කතාවක්...
පොලිස්පතිවරයා ප්රමුඛ ඉහළ බලධාරීන් මෙම විමර්ශනය මගහරින්නේ කවර බලපෑමක් මතද යන ගැටලුව අද වන විට පොලිස් නිලධාරීන් අතරම ප්‍රශ්නයක් වී තිබේ. දූෂණයට එරෙහිව රොද බැඳගත් ජනතාවක් විසින් පත් කරගත් ආණ්ඩුවක රජය ප්‍රධාන මෙහෙයුම් බලයක් සහිත රාජ්‍ය නිලධාරියෙක් ලෙස වත්මන් පොලිස්පති ඒ කුජීත මට්ටමට නොවැටිය යුතු බව අපගේ විශ්වාසය ය.
LSN Sri Lanka ·

2025 ඔක්තෝබර් මාසයේ නාකොටික් ප්‍රධානියා මාරු කර යවන තුරු ‘දෙහි බාලේ’ ගැන වචනයක්වත් නාකොටික් ලිපිගොනුවල තිබුණේ නැත. දෙහිගෙදර බාලේ ඒ කාලේ හොඳ ළමයා ය. එහෙත් ලොක්කාගේ මාරුවෙන් පසු දකුණු මුහුදු තීරයෙන් අහුවෙන අහුවෙන කුඩු තොග හා සම්බන්ධ නමක් එළියට ආවේය. ඒ නම දකුණේ කුඩුවලට කියන තවත් නමක් තරමටම වැඩේ ඇදි ඇදී ගියේය. හැමෝම කවුද මේ දෙහි බාලේ යැයි අසන්නට පටන් ගත්තේ ඉන් පසුවය.

සියල්ල කරලියට එන්නේ රටම කම්පාකළ ද්විත්ව ඝාතනයකින් පසුය. ඝාතනය සිදුවන්නේ දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටය. 2025 මාර්තු 21 වනදා රාත්‍රී 11.45 ට පමණ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී පසිඳු තාරක සහ යොමේෂ් නදීෂාන් යන තරුණයන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේය.

එම ඝාතනයත් සමඟ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීතිය ක්‍රියාත්මක කරන ඉහළම ආයතන අතර පැවති බව කියන අඳුරු සබඳතාවල සළුපිළි ද එකින් එක ගැලවෙන්නට විය.

මෙම ද්විත්ව ඝාතනයේ සැලසුම්කරු ලෙස කරළියට ආවේ පටබැඳි ෂෙහාන් සත්සර හෙවත් ‘දෙහි බාලේ මල්ලී’ ය. කලක් ඩුබායි හි සැඟවී සිට පසුව ජෝර්ජියාව බලා පලා ගොස් සිටි ඔහු, දකුණු මුහුදු තීරය හරහා මෙරටට මත්ද්‍රව්‍ය ගෙන එන ජාලයේ ප්‍රධාන භූමිකාවක් රඟදැක්වූවෙකු බව අද වන විට තහවුරු වී තිබේ.

එහෙත්, මෙම සමස්ත සිදුවීම් පෙළ දෙස ගවේෂණාත්මකව ආපසු හැරී බලන විට මතුවන තියුණුම සහ බරපතළම ප්රශ්නය ඝාතනයට වඩා ගැඹුරු එකකි. එනම්, 2025 ඔක්තෝබර් මාසයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ස්ථාන මාරු කර යවන තුරු, ‘දෙහි බාලේ’ නමැත්තෙකු පිළිබඳ කිසිදු සටහනක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ලිපිගොනුවල හෝ නොතිබුණේ මන්ද යන්නය.

පෙරහැර බැලූ ආගන්තුකයා සහ මියගිය තරුණයාගේ සොහොයුරියගේ හෙළිදරව්ව

දෙවිනුවර ද්විත්ව ඝාතනයෙන් පසු වින්දිත පාර්ශවයන් සහ ප්‍රදේශවාසීන් විසින් සමාජය හමුවේ තැබූ තොරතුරු අතිශය ආන්දෝලනාත්මක විය. ඝාතනයට ලක් වූ එක් තරුණයෙකුගේ සහෝදරියක විසින් ප්‍රසිද්ධියේ මතු කළ කරුණු අනුව, එවකට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි උසස් පොලිස් නිලධාරියා සහ ‘දෙහි බාලේ’ ගේ පවුලේ ඥාතීන් අතර දීර්ඝකාලීන සමීප ඇසුරක් පැවති බව කියැවිණි.

යුද සමයේ අධ්‍යාපන කටයුතු සඳහා ත්‍රිකුණාමලයේ සිට දෙවුන්දර ප්‍රදේශයට පැමිණි අවධියේ සිට ගොඩනැගුණු මෙම හිතවත්කම මත, අදාළ උසස් පොලිස් නිලධාරියා වාර්ෂිකව දෙවුන්දර පෙරහැර නැරඹීමට පැමිණ ඇත්තේ ‘දෙහි බාලේ’ ගේ මවගේ සහෝදරයෙකුගේ නිවසට බවත්, එහිදී විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ සැලකිල්ලක් පවා එම පාර්ශවයට හිමි වූ බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ.

මෙම චෝදනා සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වීමත් සමඟ පොලිස් දෙපාර්තමේන්තුව තුළ ද යම් නොසන්සුන්තාවක් නිර්මාණය විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2025 ඔක්තෝබර් 02 වනදා සිදු වූ විශේෂ ස්ථාන මාරුවීම් යටතේ, නියෝජ්‍ය පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී ධුරයෙන් ඉවත් කර කෑගල්ල කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර යවනු ලැබීය. ඒ වෙනුවට බස්නාහිර පළාත උතුර භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව ප්‍රධානියා ලෙස පත් කෙරිණි.

ඔක්තෝබර් මාරුවට පෙර සහ පසු චිත්‍රය

නිල වශයෙන් මෙම මාරුවීම ‘සේවා අවශ්‍යතාවක්’ ලෙස අර්ථ දැක්වුවද, එම ස්ථාන මාරුවෙන් පසුව දකුණු මුහුදු තීරයේ සිදු වූ වෙනස්කම් විමසා බැලීමේදී පෙනී යන්නේ සේවා අවශ්‍යතාවට එහා ගිය යථාර්ථයකි.

විමර්ශන අංශ වෙතින් අනාවරණය වන තොරතුරුවලට අනුව, ‘දෙහි බාලේ’ යනු මුහුදේ සිට ගොඩබිමට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාලයේ ප්‍රබල ඒකාධිකාරියක් ගොඩනගාගෙන සිටි අයෙකි. ඔහුගේ අනුදැනුමකින් තොරව බාහිර පාර්ශවයකට දකුණු මුහුදු තීරය හරහා මත්ද්‍රව්‍ය ගොඩබෑම කළ නොහැකි මට්ටමේ පාලනයක් ඔහු සතුව පැවති බව කියැවිනි. පුදුමයට කරුණ නම්, 2025 ඔක්තෝබර් මාසයට පෙර කාලසීමාව තුළ ආරක්ෂක අංශ අතට පත් වූ මත්ද්‍රව්‍ය තොග බොහොමයක් ‘දෙහි බාලේ’ ගේ මෙම ඒකාධිකාරියට අභියෝග කරමින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමට උත්සාහ කළ ප්‍රතිවාදීන්ගේ තොග වීමය.

ඒ වන තෙක් ‘දෙහි බාලේ’ ගේ මත්ද්‍රව්‍ය තොග හසු නොවුණා පමණක් නොව, ඔහු මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ බවට හෝ කිසිදු වාර්තාවක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සටහන්ව තිබුණේ නැත.

දෙහි බාලේ හමුවීම

එහෙත්, ඔක්තෝබර් මාසයේ සිදු වූ නායකත්ව වෙනසත් සමඟ මෙතෙක් නොපෙනී තිබූ ‘දෙහි බාලේ’ ගේ ජාලය එකින් එක අනාවරණය වන්නට විය. ඔහුගේ සහෝදරයා වන ‘කළු මල්ලි’ හෙවත් තුෂාන් නෙත්සර ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන මත ඩුබායි හිදී අත්අඩංගුවට පත්වීමත්, ජෝර්ජියාවේ සිට ඇස්තෝනියාවට පැන ගොස් සැඟවී සිට එැතැනින් පින්ලන්තයට පනින්නට මාන බලමින් සිටි ‘දෙහි බාලේ’ එස්තෝනියාවේ ආරක්ෂක අංශ අතට පත්වීමත් මෙම ජාලයේ බිඳ වැටීමේ ප්‍රධාන සන්ධිස්ථාන විය.

රට තුළ දෙහිබාලේ ගේ උච්චතම අවස්ථාව සනිටුහන් වූයේ 2026 ඔක්තෝබර් 24 වනදා මාතර, තලල්ල සහ නාඔටුන්න වෙරළ තීරයේදී සහ ඒ ආසන්න මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක බලකාය එක්ව සිදු කළ මෙහෙයුමේදීය. සංචාරක බෑග් 11ක සහ ගෝනි 10ක අසුරා ඩිංගි බෝට්ටුවක් මගින් ගොඩබිමට රැගෙන විත් තිබූ කිලෝග්‍රෑම් 561කට අධික මත්ද්‍රව්‍ය තොගයක් එහිදී අත්අඩංගුවට ගැනුණි. මෙතෙක් ගොඩබිමදී සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් වන මෙම බිලියන ගණනක් වටිනා තොගයේ සෘජු හිමිකරු ‘දෙහි බාලේ’ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයම පසුව තහවුරු කළේය.

එකල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ලිපිගොනුවල නමවත් නොතිබූ පුද්ගලයෙකු, වසරක් ඇතුළත මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ‘අංක එකේ’ මහමොළකරු බවට නිල වශයෙන්ම නම් කෙරුණේ එලෙසය.

විමර්ශනයක් නොමැති නිහඬතාව

දකුණු වෙරළ තීරය හරහා මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ‘දෙහි බාලේ’ ට සහාය දුන් බවට සැකකෙරෙන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට වෙනම විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී. එහෙත්, දෙවිනුවර ද්විත්ව ඝාතනයත් සමඟ සෘජුවම චෝදනා එල්ල වූ හිටපු නාකොටික් ප්‍රධානියා සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් හෝ අපක්ෂපාතී විමර්ශනයක් මෙතෙක් සිදු නොවීම පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේම දැඩි කතාබහට ලක්ව තිබේ.

ප්‍රසිද්ධියේ චෝදනා එල්ල වූ නිලධාරියෙකු හුදෙක් ස්ථාන මාරුවකින් පමණක් නිදහස් වී තවදුරටත් සේවයේ රැඳී සිටීමත්, ඔහුගේ ධුර කාලය තුළ රටේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවී තිබීමත් අහම්බයක් ලෙස බැහැර කළ හැකිදැයි රටක් ලෙස අප විමසා සිටිය යුතුය.

පොලිස්පතිවරයා ප්රමුඛ ඉහළ බලධාරීන් මෙම විමර්ශනය මගහරින්නේ කවර බලපෑමක් මතද යන ගැටලුව අද වන විට පොලිස් නිලධාරීන් අතරම ප්‍රශ්නයක් වී තිබේ. දූෂණයට එරෙහිව රොද බැඳගත් ජනතාවක් විසින් පත් කරගත් ආණ්ඩුවක රජය ප්‍රධාන මෙහෙයුම් බලයක් සහිත රාජ්‍ය නිලධාරියෙක් ලෙස වත්මන් පොලිස්පති ඒ කුජීත මට්ටමට නොවැටිය යුතු බව අපගේ විශ්වාසය ය.

කිසිම රජයක පොලිස්පතිවරයෙක් මහජනතාව ඉදිරියේ බිහිසුණු විනිශ්ඡයන්ට ලක් විය යුුතු නැති බව කිව යුතුව ඇත. ඒ අත්දැකීම දැන් අපට හොඳටෝම ඇතිය.