නකල්ස් කලාපයෙන් හමුවුන දැරියන් දෙදෙනාගේ අනාගත යහපැවැත්ම වෙනුවෙන් කළ යුතු සියලු දේ කරනවා... කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය කියයි!
මේ අනාරක්ෂිත භාවය හුදකලා සිදුවීමක් නොව, සමාජ ආර්ථික සංස්කෘතික ගැටලු රාශියක සංකීර්ණ ප්රකාශනයක් බව පෙන්වා දෙන අමාත්‍යවරිය දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම සමස්ත සමාජයේම වගකීමක් වන බැවින්, රටේ දරුවන් පිළිබඳව වඩාත් සංවේදීව හා අවධානයෙන් කටයුතු කරන ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි.
LSN Sri Lanka ·

නකල්ස් ප්‍රදේශයෙන් වාර්තා වූ වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් අනතුරුව බිළිඳෙකු සමඟ සොයාගැනීමේ සිදුවීම මවක ලෙස තමන් ද බරපතල කම්පනයට පත් කළ බවත්, අදාළ දැරියගේ සහ බිළිඳාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය මෙන්ම අනාගත යහපැවැත්ම තහවුරු කිරීම සඳහා රජයේ පාර්ශ්වයෙන් සිදුකළ යුතු සියලු මැදිහත්වීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බවත්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.

මේ අනාරක්ෂිත භාවය හුදකලා සිදුවීමක් නොව, සමාජ ආර්ථික සංස්කෘතික ගැටලු රාශියක සංකීර්ණ ප්රකාශනයක් බව පෙන්වා දෙන අමාත්‍යවරිය දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම සමස්ත සමාජයේම වගකීමක් වන බැවින්, රටේ දරුවන් පිළිබඳව වඩාත් සංවේදීව හා අවධානයෙන් කටයුතු කරන ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි.

අනාරක්ෂිත භාවයට පත්වන දරුවන් වෙනුවෙන් 2027 වසරේ සිට නව "විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක්" ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇය සිය නිවේදනය මගින් අවධාරණය කරයි.

අමාත්‍යවරිය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

අමාත්‍යවරිය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

නකල්ස් ප්‍රදේශයෙන් වාර්තා වූ වයස අවුරුදු 15ක පමණ දියණියක් අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් අනතුරුව බිළිඳෙකු සමඟ සොයාගැනීමේ සිදුවීම මවක් ලෙස මටද අතිශය කම්පනකාරී පුවතකි.

කෙසේ වුවද, මෙම සිදුවීමට මුහුණ දුන් එම බාලවයස්කාර දියණියගේ සහ අලුත උපන් බිළිඳාගේ ජීවිත මේ වන විට ආරක්ෂිතව තිබීම සහනයට කරුණකි.
එම දරුවන් දෙදෙනාගේම ශාරීරික හා මානසික සෞඛ්‍යය මෙන්ම ඔවුන්ගේ අනාගත යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් සිදුකළ යුතු සියලුම මැදිහත්වීම් කඩිනමින් සහ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

මෙම සිදුවීම හුදෙකළා සිදුවීමක්, ලෙස අප නොසළකන අතර වත්මනේ පවතින ආර්ථික, සමාජයීය, දේශපාලනික ඇතුළු විවිධ සංකීර්ණතා හේතුවෙන් අප දරුවන් විවිධ මට්ටම් වලින් සහ විවිධ ආකාරයන්ගෙන් අනාරක්ෂිත වන බව පැහැදිලි අතර දෙමව්පියන් සහ දරුවන් අතර පැවතිය යුතු අන්‍යොන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය ක්‍රමයෙන් ගිලිහෙමින් යාම මෙවන් සිදුවීම්වලට දැඩි ලෙස සාධක වන බවද නිරීක්ෂණය වේ.

මේ හේතුවෙන් දරුවන්ට වඩාත් ආරක්ෂිත විය යුතු තම සමීපතම පරිසරය තුළ ඔවුන් අනාරක්ෂිත භාවයට පත්වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත.
කවර තත්ත්වයක් යටතේ වුවද "තම දෙමව්පියන් ළඟ තමා සුරක්ෂිතය" යන නොසැලෙන විශ්වාසය දරුවන් තුළ ගොඩනැගීමට දෙමව්පියන් ලෙස අප සැම උත්සාහ කළ යුතු බව මගේ හැඟීමයි.

පවුල තුළ එවැනි සුරක්ෂිත පරිසරයක් සහ විවෘත සංවාදයක් ඇති කිරීම තුළින් මෙවැනි අනතුරුදායක සහ කම්පනකාරී සිදුවීම් ඇතිවීම බොහෝ දුරට අවම කර ගත හැකි බව මාගේ විශ්වාසයයි.

එමෙන්ම, මෙවැනි තත්ත්වයන්හිදී අවදානමට හෝ අනාරක්ෂිතභාවයට පත්වූවන් සමඟ සෘජුව සහ වක්‍රව කටයුතු කරන, මැදිහත් වන සියලුම පාර්ශවයන් සහ රාජ්‍ය ආයතනද තව තවත් ජනතාවට සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ විශ්වාසවන්ත විය යුතුය යන පණිවිඩයද මෙම සිදුවීම තුළ ගැබ්ව ඇති බව අප පිළිගනිමු.

මෙවැනි සමාජයීය ගැටලු සහ අනාරක්ෂිත තත්ත්වයන් දීර්ඝකාලීනව නිරීක්ෂණය කරමින්, අනාරක්ෂිත භාවයට පත්වන දරුවන් වෙනුවෙන් විධිමත් විසඳුමක් ලෙස එළඹෙන 2027 වසරේ සිට නව "විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක්" ක්‍රියාත්මක කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මේ වන විටත් අයවැය ප්‍රතිපාදන වෙන්කර ගැනීම ඇතුළු සියලු කටයුතු වල නියැලෙමින් සිටින්නෙමු.

දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම සමස්ත සමාජයේම වගකීමක් වන බැවින්, රටේ දරුවන් පිළිබඳව වඩාත් සංවේදීව හා අවධානයෙන් කටයුතු කරන ලෙස සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි.

සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය