LSN News › Sri Lanka

“රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙන් වසරකට වැඩි කාලයක් තුළ සැකකරුවන් ලක්ෂ තුනකට අධික පිරිසක් අත්අඩංගුවට!

වසරකට වැඩි කාලයක් පුරා දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් සැකකරුවන් 321,072ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම මෙහෙයුම් මගින් අයිස් කිලෝ 3,748ක්, හෙරොයින් කිලෝ 2,978ක් සහ ගංජා කිලෝ 11,255ක් ඇතුළු අතිවිශාල මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

LSN Sri Lanka · 15 November 2026

“රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙන් වසරකට වැඩි කාලයක් තුළ සැකකරුවන් ලක්ෂ තුනකට අධික පිරිසක් අත්අඩංගුවට!

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කර ගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බලගැන්වීම යන බහුවිධ ප්‍රවේශයන් ඔස්සේ රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීමේ අරමුණින් ක්‍රියාත්මක කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ සමස්ත ප්‍රගති වාර්තාව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අද (2026 නොවැම්බර් 15) නිකුත් කර තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලිසිය විසින් 2025 ඔක්තෝබර් 30 වන දින සිට 2026 නොවැම්බර් 14 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා මෙම විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. එම කාලසීමාව තුළ සිදු කරන ලද මුළු වැටලීම් සංඛ්‍යාව 321,875ක් වන අතර, ඊට අදාළව සැකකරුවන් 321,072ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 3,870 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කරන අතර, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් සැකකරුවන් 457 දෙනෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇත. ඊට අමතරව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් 2,691 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.

2025.10.30 දින සිට 2026.11.14 දින දක්වා කාලය තුළ පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සහ ඊට අදාළ වැටලීම් සංඛ්‍යාව පහත පරිදි වේ:

අයිස් (Ice):කිලෝග්‍රෑම් 3,748 යි ග්‍රෑම් 693 ක් සොයාගෙන ඇති අතර, ඊට අදාළව සිදු කර ඇති වැටලීම් ගණන 126,114 කි.

හෙරොයින් (Heroin): කිලෝග්‍රෑම් 2,978 යි ග්‍රෑම් 010 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදු කර ඇති වැටලීම් සංඛ්‍යාව 103,399 කි.

ගංජා (Cannabis): කිලෝග්‍රෑම් 11,255 යි ග්‍රෑම් 756 ක් සොයාගෙන ඇති අතර, ගංජා පැළ 17,198,964 ක් විනාශ කර හෝ අත්අඩංගුවට ගෙන තිබේ. ගංජා සම්බන්ධයෙන් සිදු කර ඇති මුළු වැටලීම් සංඛ්‍යාව 69,269 කි.

කොකේන් (Cocaine):කිලෝග්‍රෑම් 303 යි ග්‍රෑම් 875 ක් සොයාගෙන ඇති අතර, ඊට අදාළව වැටලීම් 274 ක් සිදු කර ඇත.

කුෂ් (Kush): කිලෝග්‍රෑම් 1,755 යි ග්‍රෑම් 289 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

හෂීෂ් (Hashish):කිලෝග්‍රෑම් 439 යි ග්‍රෑම් 031 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මත්පෙති (Narcotic Pills):මත්පෙති 4,560,866 ක් සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැටලීම් 22,919 ක් සිදු කර තිබේ.

මදනමෝදක: කිලෝග්‍රෑම් 1,368 යි ග්‍රෑම් 884 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මාවා (Mawa): කිලෝග්‍රෑම් 614 යි ග්‍රෑම් 409 ක් පොලිස් භාරයට ගෙන තිබේ.