ලක්ෂ තුනකට අධික සැකකරුවන් කොටු වූ “රටම එකට” මෙහෙයුමටත් අතීත අඳුරු හෙවනැලි වැටුණා ද? : වාර්තාගත මත්ද්‍රව්‍ය සංඛ්‍යාලේඛන අතර සැඟවුණු පොලිස් අභ්‍යන්තර අර්බුදය!
“රටම එකට” ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 321,072ක් අත්අඩංගුවට ගත්තද, සංඛ්‍යා පෙන්වීමට ජාවාරමුන් නොව මත්කුඩු ලෝලීන් ඇල්ලීමට පොලිසිය කටයුතු කර තිබුනේය. මේ අගතිගාමී හැසිරීම හේතුවෙන් මත්කුඩු වැටලීම් සඳහා ලබා දුන් රු. 5,000 ත්‍යාග මුදල ග්‍රෑම් 2ට වැඩි වැටලීම්වලට පමණක් සීමා කිරීමට පොලිස්පති තීරණය කර තිබේ.
LSN Sri Lanka ·

මෙරට ඉතිහාසයේ කවරදාවත් නොවූ තරමේ අතිවිශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් අනතුරුවය. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කළ වැඩිම අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව ද වාර්තා වන්නේ මෙම කාලවකවානුව තුළදීය. පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් විසින් ක්‍රියාත්මක කළ “යුක්තිය” මෙහෙයුමට පවා, වත්මන් “රටම එකට” ජාතික මෙහෙයුම ලබා ඇති මෙම සංඛ්‍යාත්මක ප්‍රගතිය අසලටවත් පැමිණීමට නොහැකි වී තිබුණ බව අද නිකුත් වූ පොලිස් වාර්තාවෙන් පෙනේ.

රටම එකට ජාතික ව්‍යාපාරය ආරම්භ කරන්නේ පුලුල් දැක්මක් සහිතවය. දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම, නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රජාව බලගැන්වීම යන බහුවිධ ප්රවේශයන් ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම “රටම එකට” ජාතික මෙහෙයුමේ අභිලාෂය ය. එම අරමුණුගත ඉලක්ක පිළිබඳ භෞතික යථාර්ථය පෙන්වන සංඛ්‍යා දත්ත සහිත වාර්තාව පොලිස්පතිවරයාගේ උපදෙස් මත අද නිකුත් විය. එය 2025 ඔක්තෝබර් 30 වන දින සිට 2026 නොවැම්බර් 14 වන දින දක්වා වූ වසරකට අධික කාලය තුළ සිදු කළ මෙහෙයුම්වල සමස්ත සංක්ෂිප්තය ගොනු වී තිබිණි.

වාර්තාගත සංඛ්‍යා දත්ත සහ පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ වාර්තාවට අනුව, අදාළ කාලසීමාව තුළ දිවයින පුරා සිදු කර ඇති මුළු වැටලීම් සංඛ්‍යාව 321,875ක් වන අතර, අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 321,072කි. මින් සැකකරුවන් 3,870 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කරන අතර, නීති විරෝධී වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් සැකකරුවන් 457 දෙනෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබේ. එමෙන්ම ඇබ්බැහිවූවන් 2,691 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇත.

2025.10.30 සිට 2026.11.14 දක්වා කාලය තුළ පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සහ වැටලීම් පහත පරිදි වේ:

අයිස් (Ice): කිලෝග්‍රෑම් 3,748 යි ග්‍රෑම් 693 ක් (වැටලීම් 126,114)

හෙරොයින් (Heroin): කිලෝග්‍රෑම් 2,978 යි ග්‍රෑම් 010 ක් (වැටලීම් 103,399)

ගංජා (Cannabis):කිලෝග්‍රෑම් 11,255 යි ග්‍රෑම් 756 ක් සහ ගංජා පැළ 17,198,964 ක් (වැටලීම් 69,269)

කොකේන් (Cocaine): කිලෝග්‍රෑම් 303 යි ග්‍රෑම් 875 ක් (වැටලීම් 274)

කුෂ් (Kush): කිලෝග්‍රෑම් 1,755 යි ග්‍රෑම් 289 ක්

හෂීෂ් (Hashish): කිලෝග්‍රෑම් 439 යි ග්‍රෑම් 031 ක්

මත්පෙති (Narcotic Pills): මත්පෙති 4,560,866 ක් (වැටලීම් 22,919)

මදනමෝදක: කිලෝග්‍රෑම් 1,368 යි ග්‍රෑම් 884 ක්

මාවා (Mawa): කිලෝග්‍රෑම් 614 යි ග්‍රෑම් 409 ක්

සංඛ්‍යා ලේඛන පිටුපස ඇති අභ්‍යන්තර අර්බුදය සහ අයුක්තිසහගත වැටලීම්

කෙසේ වෙතත්, මෙම දැවැන්ත සංඛ්‍යාත්මක සාර්ථකත්වය පිටුපස බරපතළ ගැටලුකාරී තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ. පසුගිය “යුක්තිය” මෙහෙයුමේදී ඇතැම් පොලිස් නිලධාරීන් අතින් සිදු වූ අයුක්තිසහගත ක්‍රියාකලාපයන් “රටම එකට” මෙහෙයුම තුළදී ද එලෙසම සිදුවීම වැළැක්විය නොහැකි වී ඇත. ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස්පතිවරයාට දැඩි දෝෂාරෝපණ එල්ල වෙමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා දක්වා එය දුරදිග ගියේ ද එම පසුබිම තුළය.

නිකරුණේ අහිංසක පුද්ගලයින් අත්අඩංගුවට ගෙන, සාමාන්‍ය මත්කුඩු ලෝලියා පවා මහා පරිමාණ ජාවාරම්කරුවෙකු ලෙස හුවා නොදක්වන ලෙස පොලිස්පතිවරයා සූම් (Zoom) සාකච්ඡා හරහා කට කැඩෙන තුරු නිලධාරීන්ට උපදෙස් දුන්නද, යුක්තියට මුවා වී අයුක්තිය රජ කරවන ඇතැම් නිලධාරීන් නිසි මඟට ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පොලිස්පතිවරයාටම පෙනී ගොස් හමාරය. එහි අවසාන බිහිසුණු විවේචනය පොලිස්පතිවරයා වෙත ඍජුවම එල්ල වෙමින් තිබේ.

පොලිසිය විසින් සිදු කළ අභ්‍යන්තර විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, අත්අඩංගුවට ගත් බව කියන ලක්ෂ තුනකට අධික සැකකරුවන් අතරින් එකම පුද්ගලයා තුන් හතර වතාවක්ම අත්අඩංගුවට ගෙන සංඛ්‍යා දත්ත පුම්බා ඇති බවය.

ත්‍යාග මුදල් සංශෝධනය සහ විශේෂ කාර්යාංශය කැඳවීම

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් නිලධාරීන් දිරිමත් කිරීමේ අරමුණින් එක් වැටලීමකට රුපියල් 5,000ක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස්පතිවරයා මීට පෙර පියවර ගෙන තිබිණි. එහෙත් එම ත්‍යාග මුදල ඉලක්ක කර ගනිමින් මහා පරිමාණ ජාවාරම්කරුවන් අල්ලනු වෙනුවට එදා වේලට පැකට් එකක් ගහන මත්කුඩු ලෝලීන් අත්අඩංගුවට ගැනීමට ඇතැම් නිලධාරීන් දැඩි උනන්දුවක් දැක්වීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව වී තිබේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා දැන් දැඩි තීරණ කිහිපයකට එළඹ ඇත:

1. සංඛ්‍යාව වෙනුවට ප්‍රමාණයට මුල්තැන:වැටලීම් සංඛ්‍යාව පෙන්වීම වෙනුවට අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණයට මුල්තැන දීමට තීරණය කර තිබේ.

2. ත්‍යාග මුදල් සීමා කිරීම:රුපියල් 5,000ක ත්‍යාග මුදල මින් ඉදිරියට ලබා දෙන්නේ **ග්‍රෑම් 02කට වැඩි** මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පමණක් බවට නියෝග කර ඇත.
3. බුද්ධි අංශ පරීක්ෂණ සහ විනය පියවර: මත්කුඩු නොමැතිව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන, ව්‍යාජ ලෙස මත්කුඩු දමා අහිංසකයින් සිරගත කරන පොලිස් නිලධාරීන් පිළිබඳව සොයා බැලීමට පොලිස්පතිවරයා යටතේ ඇති බුද්ධි අංශය වන විශේෂ කාර්යාංශය (Special Bureau) යොදවා තිබේ.

ඒ අනුව සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මාලිගාවත්ත, මාරවිල සහ හුංගම යන පොලිස් ස්ථානවල නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව මේ වන විටත් දැඩි විනය පියවර ගැනීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇත.

පොලිසියේ මෙම අයුක්තිසහගත ක්‍රියා හේතුවෙන් ආණ්ඩුවට සහ පොලිස් දෙපාර්තමේන්තුවට එල්ල විය හැකි මහජන අප්‍රසාදය වළක්වා ගැනීම සඳහා පොලිස්පතිවරයා මෙලෙස දැඩි ස්ථාවරයකට පැමිණ තිබේ.

සිය රාජකාරිය කිරිම සඳහා ලබා දි ඇති වගකිම් සහිත නිදහස අවලමේ යවන පොලිසියේ ගුඩ්ඩන්ට සම්බන්ධයෙන් දියත් වි ඇති මෙම වැඩපිළිවෙළ ප්‍රමාද වි හෝ ආරම්භ විම රටට සුභදායක බව ලියා තැබිය යුතුය.