LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

ක්‍රිකට් දන්නේත් නැති තමන්ගේ ක්‍රියාවේ වගකීම දන්නේත් නැති හුජ්ජ කොල්ලන් ලවා පිච් එක මැද දේශපාලනය කරවීමේ ඉන්දියානු නිඝන්ඨකම !

ක්‍රිකට් ක්‍රීඩාවේ සදාචාරය, ඉන්දීය ක්‍රිකට් ආධිපත්‍යය සහ ඉන්දියා–පාකිස්ථාන දේශපාලන ගැටුම පිළිබඳ විමසුමක්.

LSN Sri Lanka · 15 November 2026

ක්‍රිකට් දන්නේත් නැති  තමන්ගේ ක්‍රියාවේ වගකීම දන්නේත් නැති හුජ්ජ කොල්ලන් ලවා පිච් එක මැද දේශපාලනය කරවීමේ ඉන්දියානු නිඝන්ඨකම !

ක්‍රිකට් යනු පිත්තකින් පන්දුවකට පහර දීම නොවේ. එය විනයකි. ප්‍රතිවාදියාට ගරු කිරීමේ සදාචාර ලකුණකි. ජයග්‍රහණය නිහතමානීව භාර ගැනීමත් පරාජය ගෞරවයෙන් විඳ දරා ගැනීමත් උගන්වන සංස්කෘතියකි. ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස සම්භාවනාවට පත්වූයේ එබැවිනි.

එහෙත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර ක්‍රිකට් තරග දැන් ක්‍රීඩාවේ එම උත්තුංග සංස්කෘතිය ව්‍යසනයට ලක් කරමින් ඇත.

දේශපාලන එදිරිවාදිකම් ක්‍රීඩා පිටියට රැගෙන ඒම අලුත් දෙයක් නොවේ. අලුත් දෙය වන්නේ එම එදිරිවාදිකම ක්‍රීඩකයන්ගේ හැසිරීමේ සාමාන්‍ය අංගයක් බවට පත් කිරීමට ඉඩ සැලසීමය. එහි බරපතළම අනතුර මතුවන්නේ වැඩිහිටි ජාතික කණ්ඩායම්වලට සීමා නොවී, යොවුන් ක්‍රීඩකයන් ද එම සංස්කෘතියට ඇද වැටෙන විටය. මෙහිදී අප විමසිය යුත්තේ ඉන්දියාව පාකිස්ථානය පරාජය කළාද, පාකිස්ථානය ඉන්දියාව පරාජය කළාද යන්න නොව, ක්‍රිකට් පිටියට ගෙන එන දේශපාලන වෛරය පාලනය කිරීමට වගකිව යුතු ආයතන අසමත් වන්නේ ඇයිද යන්නය.

අවසන් පන්දුවෙන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණය අපකීර්තියට පත් කළ හැසිරීම

නොවැම්බර් 14 වැනිදා ඕමානයේ පැවැති අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරගය ක්‍රිකට් ක්‍රීඩාවේ තරගකාරිත්වය පෙන්නුවේය. අත් නොහැර සටන් කිරිමේ ලක්ෂණය පෙන්නුවේය.

පාකිස්ථානය කඩුලු නවයකට ලකුණු 337ක් රැස් කළේය. ඉන්දියාව ලකුණු 252කට කඩුලු අටක් අහිමි කරගෙන සිටියේය. ජයග්‍රහණය පාකිස්ථානය දෙසට හැරී තිබිණි. එහෙත් මනාල් චෞහාන් සහ මෝහිත් උල්වා ඉන්දියාව යළි තරගයට රැගෙන ආහ. අවසන් පන්දුවේදී ජයග්‍රහණයට ලකුණු තුනක් අවශ්‍යව තිබිණි. උල්වා එම පන්දුවට හතරේ පහරක් එල්ල කළේය.

ඉන්දියාව එක් කඩුල්ලකින් ආසියානු කුසලානය දිනා ගත්තේය. ජයග්‍රහණය තුළ සටන්කාමීත්වයක් තිබුණේය.

එහෙත් ඉන් අනතුරුව සිදුවූයේ කුමක්ද?

ඉන්දීය ක්‍රීඩකයෝ පිටියට දිව ආහ. ප්‍රීති ඝෝෂා කළහ. ඒ සියල්ල සාමාන්‍යය. එහෙත් ඇතැම් ක්‍රීඩකයෝ පරාජිත පාකිස්ථාන ක්‍රීඩකයන් ඉදිරියට ගොස් ආවේගශීලී අභිනයන් දැක්වූහ. ඇතැම් අභිනයන් අසභ්‍ය විය. අප දුටුවෙ උන් කෑ ගසමින් ස්වකීය ආවේගය පිටකරන ආකාරය ය. තත්ත්වය පාලනය කිරීමට ඉන්දීය පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් මැදිහත් විය.

ඉන්දියාවේ The Indian Express , India Today , Rediff සහ පාකිස්ථානයේ The Express Tribune මෙම සිදුවීම වාර්තා කළේය. ඇතැම් වාර්තා මනාල් චෞහාන් පාකිස්ථාන කඩුලු රකින්නා වූ හම්සා සහූර් වෙත කළ අභිනයන් විශේෂයෙන් සඳහන් කළේය.

අතට අත නොදීමෙන් ආරම්භ වූ දේශපාලනය

මෙය හුදෙකලා සිදුවීමක් නොවේ. 2025 සැප්තැම්බර් මාසයේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දීය ජාතික කණ්ඩායම පාකිස්ථාන ක්‍රීඩකයන් සමඟ අතට අත දීමෙන් වැළකී සිටියේය. එම තීරණය ගනු ලැබුවේ කාශ්මීරයේ පහල්ගාම් ප්‍රහාරයෙන් පසුව දෙරට අතර ඇතිවූ දේශපාලන හා යුදමය ආතතිය මධ්‍යයේය. ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් සිය කණ්ඩායමේ ස්ථාවරය ඉන්දීය රජයේ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මඟපෙන්වීම සමඟ සම්බන්ධ කළේය.

එතැනින් එය අවසන් වූයේ නැත. එම හැසිරීම කාන්තා ජාතික කණ්ඩායමටත්, යොවුන් කණ්ඩායම්වලටත් පැතිර ගියේය. 2026 සැප්තැම්බර් මාසයේ කාන්තා ආසියානු කුසලාන තරගයේදී ද දෙරටේ නායිකාවෝ අතට අත දීමෙන් වැළකී සිටියහ. ඊයේ මේ කජු කිරි කොල්ලන් අවසන් මහා තරගයේ කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවේත්, තරගය අවසානයේත් අතට අත දුන්නේ නැත. තරගය අවසානයේ දි සිදුවූයේ පකිස්ථාන තරුණයින් මරාගෙන කන්නට හදන ඉන්දිය ගැටවුන්ගේ වියරුවය.

මේ අර්බුදය මානව සදාචාරය ප්‍රශ්න කරන්නකි. රටවල් දෙකක් අතර දේශපාලන ගැටුමක් තිබිය හැකිය. දේශසීමා පිළිබඳ ආරවුල් තිබිය හැකිය. ත්‍රස්තවාදය පිළිබඳ චෝදනා සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලු තිබිය හැකිය. එහෙත් ඒවාට වගකිව යුත්තේ රාජ්‍ය පාලකයන්ය. එම ගැටලු විසඳීම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කාර්යයක් නොවේ. ඔවුන්ගේ ප්‍රධාන වගකිම ඇත්තේ ක්‍රීඩාවටය. විරෝධය ඇරඹුනේ අතට අත නොදීමෙනි. එය දේශපාලන විරෝධතාවක් ලෙස දිගින් දිගටම ක්‍රීඩා පිටිය තුළ ක්‍රියාත්මක වන විට ප්‍රශ්න කෙරෙන්නේ ප්‍රතිවාදියාට ගරු කිරීමේ සංස්කෘතිය ය. එහි ඊළඟ පියවර විය හැක්කේ ප්‍රතිවාදියා සතුරකු ලෙස සැලකීමය. අප ඊයේ යාර 70 තුළ දුටුවේ ඒ වියරුවේ ප්‍රකාශනයන්ය.

දරුවන්ගේ හැසිරීමට වගකිව යුත්තේ කවුද?

අවුරුදු 19ක්වත් නැති මේ පොඩි උන්ට බැන වැඩක් නැත. මේ හුජ්ජ කොල්ලන් ක්‍රිකට් දන්නේත් නැත. දේශපාලනය දන්නේත් නැත. මහත්මා ක්‍රීඩාවක් ගැන දන්නේත් නැත. උන්ට ඒ සඳහා ආදර්ශයක් ද නැත. ප්‍රශ්නය ඇත්තේ මේ පොඩි උන්ගේ නොවේ. උන්ට ක්‍රීඩාවේ සදාචාරය ගැන කියා දෙන්නට හැකි මහ උන් නැති කමය.

යොවුන් ක්‍රීඩකයකු ජාතික කණ්ඩායම නිරීක්ෂණය කරයි. එහි නායකයන් අනුගමනය කරයි. තම රටේ ක්‍රිකට් පාලකයන් අනුමත කරන හැසිරීම් ආදර්ශයට ගනී. දැන් විමසිය යුත්තේ ඉන්දියාව මෙතෙක් පෙන්වා ඇත්තේ මොන ජාතියේ ක්‍රිකට් ද යන්නය. වැඩිහිටි ක්‍රීඩකයන් ප්‍රතිවාදියාට අත නොදීම ජාතික අභිමානයක් ලෙස ඉදිරිපත් කරන පරිසරයක, යොවුන් ක්‍රීඩකයකු ප්‍රතිවාදියා අවමානයට පත් කිරීම දේශප්‍රේමයේ කොටසක් ලෙස වරදවා වටහා ගැනීම පුදුමයක් නොවේ.

ක්‍රිකට් නීතිවල පදනම වූ ක්‍රීඩාවේ ජීවගුණය පිළිබඳ ප්‍රකාශනයේ විශේෂයෙන් සඳහන් වන්නේ යොවුන් ක්‍රීඩාවේ විනය රැකීමේ වගකීම ගුරුවරුන්, පුහුණුකරුවන් සහ දෙමාපියන් වෙත ද පැවරෙන බවය. ප්‍රතිවාදියාට ගරු කිරීමත් තරගය අවසානයේ ඔහුට ස්තුති කිරීමත් එහි මූලික සාරධර්මය. ඊයේ පිටියේදී ඉන්දීය ක්‍රීඩකයන් පාලනය කිරීමට පුහුණුකරුවන්ට මැදිහත් වීමට සිදුවිය. එය සාමාන්‍ය දෙයක් නොවේ. එය ඔවුන්ගේ පුහුණු ක්‍රමයේ සදාචාරාත්මක අංශය ලෝකය අභිමුව නිරුවත්වීමය. අප දුටුවේ ඒ ජුගුප්සාජනක නිරුවතය.

ක්‍රිකට් වෙළෙඳපොළේ බලය සහ සදාචාරාත්මක වගකීම

ඉන්දියාව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත ආර්ථික බලවතාය. එහි ප්‍රේක්ෂක වෙළෙඳපොළ, විකාශන ආදායම්, අනුග්‍රාහකත්වය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් ආර්ථිකය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. මෙවැනි බලයක් සමඟ පැමිණිය යුත්තේ ඊට සමානුපාතික වගකීමකි. වගකීම අවලමේ යවා එය ක්‍රීඩාවේ සදාචාරය අත්හිටුවීමට ලබා දෙන බලපත්‍රයක් ලෙස භාවිතා කිරීම සමස්ථ ක්‍රීඩාව විෂයෙහිම මේ මොහොතේ අත් දකින ඛේදවාචකය බව ලියා තැබිය යුතුය.

මෙහි තවත් පරස්පරයක් තිබේ. පාකිස්ථානය සමඟ ක්‍රීඩා කිරීම ජාතික අභිමානයට හානියක් නම්, එම තරග පැවැත්වීම පිළිබඳ දේශපාලන තීරණය විවෘතව ගත යුතුය. එහෙත් තරගයට සහභාගි වී එහි ආර්ථික හා තරගකාරී ප්‍රතිලාභ භුක්ති විඳින අතර ප්‍රතිවාදියාට දක්වන මූලික ගෞරවය ප්‍රතික්ෂේප කිරීමේ තර්කය කුමක්ද? ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම පරස්පරයට පිළිතුරු දිය යුතුය.

ඒ සමඟම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් තම වගකීමෙන් නිදහස් නොවේ. ක්‍රීඩකයන්ගේ නොමනා හැසිරීම් පාලනය කිරීම සඳහා එම කවුන්සිලයට විධිමත් ආචාරධර්ම පද්ධතියක් තිබේ. එහි අරමුණ ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය සහ විශ්වාසනීයත්වය ආරක්ෂා කිරීමය. එසේ නම් ඊයේ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන්නේද? දර්ශන පරීක්ෂා කර වගකීම නිශ්චය කරන්නේද? අවශ්‍ය නම් විනය පියවර ගන්නේද? මේවා විමසිය යුතු නිශ්චිත ප්‍රශ්නය.

ජයග්‍රහණය කළේ ඉන්දියාවය. එහෙත් පරාජය වූයේ කුමක්ද?

ඊයේ ඉන්දීය යොවුන් කණ්ඩායම පෙන්වූ ක්‍රිකට් දක්ෂතාව වැඩිහිටියන් ලෙස අගය කළ යුතුය. ඒත් උන් තවම ක්‍රිකට් ඇසුරු කරමින් ක්‍රිකට් ඉගෙන ගන්නා දරුවන්ය. අවසන් පන්දුව තෙක් සටන් කර ලබා ගත් ජයග්‍රහණයක් ඔවුන් ජිවිතයේ ලබන දැවැන්ත අත්දැකීමක කොටසකි. ඒ ජයග්‍රහණය විශිෂ්ට ක්‍රීඩකයෙක් බිහි කරන්නට ප්‍රමාණවත් නැත. විශිෂ්ඨත්වය යනු වෙනත් ගැඹුරු මානයක පවතින අත්පත් කරගත යුතු පෞරුෂයකි. එවැනි විශිෂ්ඨ සම්ප්‍රදායක් ඉන්දියාවට තිබිණි. ලෝක ක්‍රිකට් සංස්කෘතියට ආභරණ වූ ක්‍රීඩකයෝ ඉන්දියාවෙන් බිහි වූහ. අද සිල්ලර ගෝත්‍රික දේශපාලනයට යට වී ඇත්තේ ඒ අනුලංඝණීය සම්ප්‍රදාය ය.

ඒ සඳහා ජීවිතය ගැන නොදන්නා, ක්‍රිකට් ගැන නොදන්නා, තමන්ගේ හැසිරීමේ ඇති බරපතල කම නොදන්නා දරුවන් පිරිසක් පාවිච්චි කිරීම ඉන්දියාව කළ දැවැන්තම අපරාධය ය. තම ජඩ දේශපාලන එදිරිවාදිකම් ඊළඟ ක්‍රිකට් පරම්පරාවේ හැසිරීම තුළ සාමාන්‍යකරණය වීමට හැරීම ඉන්දියාව විග්‍රහ කරන්නේ කෙසේ දැයි අපට වැටහීමක් නැත. ඇත්තනම් ඉන්දියාව ඊයේ දිනාගත් යොවුන් ආසියානු කුසලානය ක්‍රිඩාවට අබමල් රේනුවක දෙයක් එකතු කර නැති බවය. ලෝකය දැක්කේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාවේ මරණීය නිමිතිය. මේ ගෝත්‍රික නැටුමට ලෝක ක්‍රිකට් පරිපාලනය තවදුරටත් ඉඩ දෙනවා නම් ක්‍රිකට් ක්‍රීඩාවට අබ සරණය.