LSN News › Sri Lanka

බාල වයස්කාර දැරියකට දරුවෙකු ලැබීම උත්තරීතර ආදරයේ ප්‍රතිඵලයක් ලෙස හුවා දක්වන්න එපා - කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මාධ්‍යයෙන් ඉල්ලයි!

සිදු නොවුණු නපුර නොදැකීම ලංකාවේ තිබෙන ලොකුම ඛේදවාචකයක්. වැරදිලා හරි මල් කපන පිහිය උපයෝගී කර ගනිමින් කළ කැපුම් නිසා ආසාදනයක් සිදුවෙලා කැලය තුළම මව මිය ගියා නම් හෝ දරුවා මිය ගියේ නම් මොකද වෙන්නේ කියලා අපි කල්පනා කර බැලිය යුතුයි. යම් සංකූලතාවක් නිසා දරුවාට ආබාධිත තත්ත්වයක් වූවා නම් මොකද වෙන්නේ? මේ සිදු නොවුණු නපුර අපි දකින්න ඕන. එහෙම වුණා නම් මේ අපරාධය මීට වඩා භයානක තත්ත්වයකට ගමන් කරනවා.

LSN Sri Lanka · 15 November 2026

බාල වයස්කාර දැරියකට දරුවෙකු ලැබීම උත්තරීතර ආදරයේ ප්‍රතිඵලයක් ලෙස හුවා දක්වන්න එපා - කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මාධ්‍යයෙන් ඉල්ලයි!

බාල වයස්කාර දැරියක් පැහැරගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කිරීමෙන් පසු දරුවෙකු මෙලොවට බිහිවීම උත්තරීතර ආදරයේ ප්‍රතිඵලයක් ලෙස හුවා නොදැක්වීම ජනමාධ්‍යවල වගකීම බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පවසයි. වයස අවුරුදු දාසයට අඩු බාල වයස්කාර දරුවෙකුට දරුවෙකු ලැබීම අපරාධයක් පමණක් නොව ඛේදවාචකයක් යැයිද ඇය කීවාය.

උඩුදුම්බර පොලිස් වසමේ නකල්ස් රක්ෂිතයේ ගල්ගුහාවක් තුළ දරුවෙකු ප්‍රසූත කළ පහළොස් හැවිරිදි දැරියගේ සහ දරුවාගේ සුවදුක් විමසීම සඳහා අද (15) මහනුවර ජාතික රෝහලට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ සරෝජා පෝල්රාජ් ඇමතිවරිය මෙසේද පැවසුවාය.

මේක උත්තරීතර ආදරයක් නොව ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක්

"මේක කිසිසේත්ම උත්තරීතර ආදරයේ ප්‍රතිමූර්තියක් ලෙස හුවා දැක්වීම වැරදියි. මෙතන තිබෙන්නේ බලහත්කාරයෙන් පැහැරගෙන යෑමක්. වයස අවුරුදු 16ට අඩු දරුවෙක් සමඟ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වීම නීති විරෝධීයි. මේක පැහැදිලිවම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක්. ඒ නිසා මේක ප්‍රහර්ෂයට හෝ වීරත්වයට නැංවීම හෝ උත්තරීතර ප්‍රේමයේ ප්‍රතිමූර්තියක් ලෙස හුවා දැක්වීම හොඳ නැහැ.

බාල වයස්කාර මව්වරුන්ගේ අර්බුදය අපි තේරුම් ගත යුතුයි. මේක ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. බාල වයසේදීම දරුවන් මව්වරුන් බවට පත්වීම ඉතාම ඛේදනීය තත්ත්වයක්.

අවුරුදු පහළොවේදී මේ දරුවාට තවත් දරුවෙකු සමඟ සමාජයට මුහුණ දීමට සිදුවීම තුළ මේ දරුවාට තමන්ගේ ළමා කාලය අහිමි වෙලා තියෙනවා. අධ්‍යාපනය අහිමි වෙලා. ක්‍රීඩා උපකරණ, සංගීත උපකරණ, පොත්පත්, පෑන්, පැන්සල් පරිහරණය කරන්න ඕන වයසේ ඉන්න මේ දරුවාට තවත් දරුවෙකුගේ මළ මූත්‍රා අතගාමින් ඉතාම ලාබාල අවධියේදී භාරදූර වගකීම් දරන්න සිදුවෙලා. ඒක දරුවෙකුට විය හැකි නරකම දෙයක්. මේක වැඩිහිටි සමාජය ලෙස අම්මා තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනා තේරුම් ගත යුතුයි."

පවුල තුළ දරුවන් ආරක්ෂා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම

"තමන්ගේ දරුවා ඒ වගේ අනාරක්ෂිත තත්ත්වයකට පත් නොකර ආරක්ෂා කර ගැනීම සඳහා පවුල තුළ යහපත් සන්නිවේදනයක් තිබිය යුතුයි. පවුල ඇතුළේ දරුවන් රැක ගැනීම සිදුවිය යුතුයි.

තමන්ගේම පවුල තුළ දරුවන්ව අනාරක්ෂිත තත්ත්වයට පත් කරන දෙමව්පියන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා නීති අවශ්‍යයි. පියා අතින්ම තමන්ගේ දරුවන් දූෂණය වන යුගයක් මේක. ඒ නිසා අපි නීති පද්ධතිය ඇතුළේ මේ සම්බන්ධව මීට වඩා විධිමත්ව, වගකීම් සහගතව හා තදින් ක්‍රියා කළ යුතුයි.

මම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා මේක කිසිසේත්ම උත්තරීතර ආදරයක ප්‍රතිඵලයක් ලෙස බිහිවෙච්ච දරුවෙක් ලෙස හුවා දක්වන්න එපා කියලා. බාල වයස්කාර දැරියක්ව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් ලෙස තමයි අපි මේක දකින්නේ. වයස අවුරුදු දාසයට අඩු දරුවෙක් එක්ක ඒ දරුවාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සම්බන්ධතා පැවැත්වීම නීති විරෝධීයි. ඒ නිසා මේක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක්. වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයෙක් වයස අවුරුදු 16ට අඩු දැරියක්ව නොමඟ යවලා ඒ දරුවාව රැගෙන ගොස් දරුවාට සිද්ධ කරලා තිබෙන හානියක්. මේක නීතිමය වරදක් වගේම අපරාධමය වරදක්."

අනාරක්ෂිත පවුල් නිසා සමාජයට සහ ආර්ථිකයට ඇතිවන බර

"දැන් කෙසේ හෝ පුංචි පවුලක් ගොඩනැගිලා තියෙනවා. බාල වයස්කාර මවක් ඉන්නවා. කිසිදු වග විභාගයකින් තොරව හැසිරුණු පුද්ගලයෙක් පියෙක් බවට පත්ව තිබෙනවා. මේ කිසිවක් නොදන්නා අහිංසක කිරි කැටියෙක් මෙලොවට බිහිවෙලා තියෙනවා. මේ තුන්දෙනාම එකට ගත් විට අනාරක්ෂිත පවුලක් සහ අවදානම් දරුවෙක්.

මේ අනාරක්ෂිත පවුලට නිවසක් ලබාදීම, ජීවනාධාර සැපයීම කළ යුතුයි. මේ දරුවාට උප්පැන්න සහතිකයක් නැහැ. උප්පැන්නය ලියාපදිංචි කිරීම, ඩී.එන්.ඒ. පරීක්ෂා කිරීම, සමාජ රෝග වැළඳී තිබේද යන්න සොයා බැලීම, වෙනත් සංකූලතා තිබේද යන්න සොයා බැලීමත් ඇතුළු දීර්ඝ ක්‍රියාවලියක් තිබෙනවා. මොවුන්ට නිවසක් ලබාදීම, ජීවනාධාර සැපයීම ආදී සියල්ල බැලීමේදී මේ රටේ බදු ගෙවන ජනතාව සමඟ ගත්විට සමාජයට වගේම ආර්ථිකයට බරක්. ඒ නිසා වගකීමෙන් තොරව හැසිරෙන්න එපා කියන එක දරුවන්ගෙන් වගේම වැඩිහිටියන්ගෙනුත් ඉල්ලා සිටින්න කැමතියි. ඒ තත්ත්වයට දරුවන් පත් නොකරන ලෙස වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටිනවා.

බාල වයස්කාර දරුවෙක්ව මේ විදිහට අපයෝජනයට ලක් කළාම එතන මොනම විදිහකටවත් පවුල් සංස්ථාවක් ගොඩනැගෙන්නේ නැහැ. බාල වයස්කාර දරුවෙකුට දරුවෙකු ඉපදීම අපරාධයක් වගේම ඛේදවාචකයක්."

ලිංගික අධ්‍යාපනය සහ අනිවාර්ය පාසල් අධ්‍යාපනයේ වැදගත්කම

"පාසල් තුළදී දරුවන්ට හොඳ ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. මෙවැනි සිදුවීමකදී කුමන ආකාරයේ ප්‍රේමණීය කතා පැවසුවද අවසානයේ දරුවා සමඟ දුක් විඳීමට සිදුවන්නේ ගැහැණු ළමයාටයි. තමන්ගේ ශරීර අභ්‍යන්තරයට සිදුවන හානිය, රුධිර වහනය, ආපදාවට ලක්වීම, සංකූලතා, අධ්‍යාපනයෙන් පිටමං වීම, තරුණ අවධිය අහිමිවීම, අධ්‍යාපනයේ අවස්ථා නැතිවීම ආදී සියල්ලට මුහුණ දීමට සිදුවන්නේ ගැහැණු ළමයාටයි.

අම්මලා තාත්තලාගෙන් මා ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවා පරිස්සම් කර ගන්න කියලා. හොඳ ලිංගික අධ්‍යාපනයක් දරුවන්ට කුඩා වයසේ සිටම ලබා දිය යුතුයි. මේ රටේ සාමාන්‍ය පොදු නීතියත් දරුවන්ට ඉගැන්විය යුතුයි. නොදැනුවත්කම නිසා මෙවැනි සිදුවීම්වලට දරුවන් මුහුණ දීමෙන් රටේ අවදානම් පවුල් සංඛ්‍යාව ඉහළ යනවා. එය විශාල සමාජ ගැටලුවක්.

මේ වගේ තත්ත්වයකට දරුවන් මුහුණ දුන්නට පස්සේ බිහිවන දරුවන් රැක බලා ගැනීම සඳහා අපි රජයක් හැටියට විකල්ප රැකවරණ ක්‍රම හදනවා. නමුත් මේ ප්‍රශ්නයට උත්තරය ඒක නෙවෙයි. කිසිදු දරුවෙක් එවැනි තත්ත්වයකට පත් නොවන ලෙස දරුවන් ආරක්ෂා කර ගැනීමට අපට පූර්ව උපායමාර්ග තිබිය යුතුයි.

හැම අම්මා තාත්තා කෙනෙකුටම මම කියන්නේ ඔබේ දරුවාට හොඳින් උගන්වන්න කියලයි. දරුවා ඉගෙන ගත්තේ නැත්නම් රවට්ටන්න පහසුයි. එවැනි දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවීමට, අපරාධවලට යොමු කරවීමට, නොමඟ යැවීමට පහසුයි. දරුවා අධ්‍යාපනයෙන් සම්පූර්ණව දැනුවත්ව සිටිනවා නම් මේ දේවල්වලට දරුවන් යොමු කර ගැනීම පහසු නැහැ. ඒ නිසා වයස අවුරුදු දාසය වන තෙක් අනිවාර්ය අධ්‍යාපන අවධියේදී දරුවා පාසල් යනවාද නැද්ද කියන කාරණය සම්බන්ධව වගකීම අම්මා තාත්තා දැරිය යුතුයි. එහෙම නොවෙනවා නම් දෙමව්පියන්ට විරුද්ධව අපි නීතිය ක්‍රියාත්මක කරනවා."

ගෝත්‍රික ම්ලේච්ඡත්වය කරා සමාජය ආපස්සට යෑමට ඉඩ දෙන්නේ නැහැ

"ලංකාව ගෝත්‍රික රාජ්‍යයක් නෙවෙයි. මානව සංවර්ධන දර්ශක අනුව ගත්තම අපි ලෝකයේ ඉදිරියට යන රටක්. ජාතික ප්‍රතිශක්තීකරණ පද්ධතියට අපි දරුවෙක් ඇතුළත් කරනවා. දරුවෙක් බිහිවෙන්න ඉන්න අම්මා කෙනෙකුට අපි පිටගැස්ම එන්නත අනිවාර්යයෙන් විදිනවා. මේ බාල වයස්කාර මවට පිටගැස්ම එන්නතේ සිට අත්‍යවශ්‍ය පෝෂක හෝ සෙසු එන්නත් කිසිවක් ලැබී නැහැ. බිහිව සිටින දරුවාට උප්පැන්න සහතිකයක් නැහැ. මේ දරුවාට උපතේදී ලබාදෙන එන්නත පමණක් නොව මාස දෙකක් ඇතුළත කිසිදු එන්නතක් ලැබී නැහැ. ජාතික ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආරක්ෂා කර ගනිමින් අපි දරුවන්ට ලබා දෙන අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් කිසිවක් මේ දරුවාට ලැබී නැහැ.

සිදු නොවුණු නපුර නොදැකීම ලංකාවේ තිබෙන ලොකුම ඛේදවාචකයක්. වැරදිලා හරි මල් කපන පිහිය උපයෝගී කර ගනිමින් කළ කැපුම් නිසා ආසාදනයක් සිදුවෙලා කැලය තුළම මව මිය ගියා නම් හෝ දරුවා මිය ගියේ නම් මොකද වෙන්නේ කියලා අපි කල්පනා කර බැලිය යුතුයි. යම් සංකූලතාවක් නිසා දරුවාට ආබාධිත තත්ත්වයක් වූවා නම් මොකද වෙන්නේ? මේ සිදු නොවුණු නපුර අපි දකින්න ඕන. එහෙම වුණා නම් මේ අපරාධය මීට වඩා භයානක තත්ත්වයකට ගමන් කරනවා.

කොහොමත් මේවා සම්මත දේවල් නෙවෙයි. ගෝත්‍රික ම්ලේච්ඡත්වය කරා සමාජය ආපස්සට යෑමට මොනම හේතුවක් නිසාවත් අපි ඉඩ දෙන්නේ නැහැ. මේක සෞඛ්‍ය පද්ධතිය දියුණු රටක්. යුනෙස්කෝ සංවිධානය හඳුන්වා දී තිබෙන තිරසර සංවර්ධන ඉලක්කවලට අනුගත වූ රටක් මේක."