නාගරික සංවර්ධන අමාත්යාංශයේ නාස්තියක් විගණනයෙන් හෙළිවේ: අනවශ්ය යැයි හඳුනාගත් සුඛෝපභෝගී වාහන 23ක් තවමත් භාවිතයේ!
අමාත්යාංශය විසින් තීරුබදු රහිතව හෝ විශේෂ කොන්දේසි යටතේ ආනයනය කරන ලද වාහන 13ක්, එම කොන්දේසි නිසි පරිදි අවලංගු කරගැනීමකින් තොරව අපහරණ ක්රියාවලියට යොමුකිරීම හේතුවෙන් අමාත්යාංශයට රුපියල් 5,513,873ක (පනස්පන්ලක්ෂ දහතුන්දහස් අටසිය හැත්තෑතුනක) මූල්ය පාඩුවක් සිදුව ඇති බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
LSN Sri Lanka ·

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්යාංශයට අයත් භාවිතයට අනවශ්ය සුඛෝපභෝගී වාහන 23ක් විශාල පිරිවැයක් දරමින් තවදුරටත් පරිහරණය කරන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවකින් අනාවරණය වේ.
</p>
<p>
මුදල්, ක්රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යාංශය විසින් 2024 දෙසැම්බර් 18 වැනි දින නිකුත් කරන ලද වත්කම් කළමනාකරණ චක්රලේඛයට අනුව, සුඛෝපභෝගී වාහන අපහරණය (ඉවත් කිරීම/විකිණීම) සඳහා හඳුනාගැනීමේ මණ්ඩලයක් අමාත්යාංශ ලේකම්වරයා විසින් පත්කර තිබුණි.
</p>
<p>
එම මණ්ඩලය මගින් අමාත්යාංශයට අයත් වාහන 39ක් ආර්ථිකමය වශයෙන් ඵලදායී නොවන, ආයතනික භාවිතයට අනවශ්ය සුඛෝපභෝගී වාහන ලෙස හඳුනාගනු ලැබීය.
</p>
<p>
කෙසේ වෙතත්, මෙලෙස හඳුනාගත් වාහන 39න් වාහන 23ක් (සියයට 59ක්) අමාත්යාංශය විසින් තවදුරටත් අධික වියදම් දරමින් භාවිත කිරීම නිසා අදාළ චක්රලේඛය නිකුත් කිරීමෙන් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට අපොහොසත් වී ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙයි.
</p>
<p>
ඊට අමතරව, අමාත්යාංශය විසින් තීරුබදු රහිතව හෝ විශේෂ කොන්දේසි යටතේ ආනයනය කරන ලද වාහන 13ක්, එම කොන්දේසි නිසි පරිදි අවලංගු කරගැනීමකින් තොරව අපහරණ ක්රියාවලියට යොමුකිරීම හේතුවෙන් අමාත්යාංශයට රුපියල් 5,513,873ක (පනස්පන්ලක්ෂ දහතුන්දහස් අටසිය හැත්තෑතුනක) මූල්ය පාඩුවක් සිදුව ඇති බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.