LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් සේවයෙන් ඉවත් කළ දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන් නඩු මගට!

ක්‍රිකට් ආයතනයේ වසර 20 ක් පමණ සේවය කොට ඇති හර්ෂ ගම්මැදිකාරී පළාත් පුහුණුකරු විසින් ගොනු කර ඇති මෙම නඩුවේ විත්තිකාර ක්‍රිකට් පරිවර්තන කමිටුව ඇතුළු සෙසු අයට උත්තර බැඳීම මේ මස 17 වැනි දින සිදු කිරීමට අධිකරණය නියෝග කොට තිබේ.

LSN Sri Lanka · 16 November 2026

ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් සේවයෙන් ඉවත් කළ  දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන් නඩු මගට!

ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් සේවයෙන් ඉවත් කළ දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන් වෙනුවෙන් එක් හිටපු පළාත් පුහුණුකරුවකු කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

</p>

<p>

ක්‍රිකට් ආයතනයේ වසර 20 ක් පමණ සේවය කොට ඇති හර්ෂ ගම්මැදිකාරී පළාත් පුහුණුකරු විසින් ගොනු කර ඇති මෙම නඩුවේ විත්තිකාර ක්‍රිකට් පරිවර්තන කමිටුව ඇතුළු සෙසු අයට උත්තර බැඳීම මේ මස 17 වැනි දින සිදු කිරීමට අධිකරණය නියෝග කොට තිබේ.

</p>

<p>

තමන් ඇතුළු දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන් 35 දෙනකු අලුත් තෝරා ගැනීමේ පදනමක් මත සේවයෙන් ඉවත් කිරීම හා ඒ සඳහා උපයෝගී කර ගත් ක්‍රම වේදය අසාධාරණ බවත් එය විභාග කොට තමන් යළි සේවයේ පිහිටුවන ලෙසත් මෙම නඩුව පැවරූ පුහුණුකරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

</p>

<p>

මෙම නව පත්වීම් ලබා දීමේදී උසස් කාර්‍යසාධක මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී රුවන් කල්පගේ අනුගමනය කර ඇති ක්‍රියා පටිපාටිය සම්පූර්ණයෙන්ම වැරදි සහගත බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.