වැල්ලවායේ ගොවියෙකු වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට
LSN Sri Lanka ·

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෙලුල්ල ජනපදයේ නයිගල් ආර ගම්මානයේදී අද (16) උදෑසන සිදුවූ වන අලි ප්‍රහාරයකින් 69 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
</p>
<p>
මියගිය පුද්ගලයා කෘෂි කර්මාන්තයේ නියැලෙන එම ප්‍රදේශයේම පදිංචිව සිටි 69 හැවිරිදි අවිවාහකයෙකි.
</p>
<p>
ඔහු අද උදෑසන සිය කුඹුරේ වාඩියට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී මෙලෙස වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව ඇත.
</p>
<p>
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහුව රෝහල්ගත කිරීම සඳහා ගම්වාසීන් විසින් ට්‍රැක්ටර් රථයකින් රැගෙන යමින් සිටියදී අතරමගදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
</p>
<p>
සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.