අයවැය ප්රතිලාභ සෘජුවම ජනතාවට ගලා යන හැටි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දෙයි - ආචාර්ය හර්ෂ ද සිල්වාට පාර්ලිමේන්තුවේ දී ලැබුණු උත්තරය!
මූල්‍ය විනය සහ කළමනාකරණය මත පදනම්ව ආර්ථිකය ස්ථාවර කළ ආකාරය සහ අයවැය ප්රතිලාභ සෘජුවම ජනතාවට ලබා දෙන වැඩපිළිවෙළ පිළිබඳව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී ආචාර්ය හර්ෂ ද සිල්වාට පිළිතුරු දෙයි.
LSN Sri Lanka ·

දැඩි මූල්‍ය විනය සහ නිවැරදි මූල්‍ය කළමනාකරණය මත පදනම්ව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය සමත් වූ බවත්, 2027 අයවැය හරහා එහි සියලුම ප්රතිලාභ සෘජුවම ජනතාව වෙත බෙදී යන පරිදි වැඩපිළිවෙළ සකස් කර ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (16) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්රකාශයන්ට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පසුගිය රජයන් සමයේ දෙස් විදෙස් ආර්ථික විශේෂඥයන් සිටිය ද ඔවුන්ට කළ නොහැකි වූ ආර්ථික පරිවර්තනය වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලයේ දේශපාලන නායකත්වය හා මූල්‍ය විනය තුළින් යථාර්ථයක් කර ඇති බවය.

බදු වැඩි කිරීමකින් හෝ අමාත්‍යාංශ වියදම් කප්පාදු කිරීමකින් තොරව, ආර්ථික ස්ථාවරත්වය තුළින් උපයා ගත් ශක්තිය මත පදනම්ව අස්වැසුම, වැඩිහිටි හා ආබාධිත දීමනා, පාසල් දරුවන්ගේ සහනාධාර සහ ඉන්ධන සහනාධාර ඇතුළු දැවැන්ත සුබසාධන ප්රතිලාභ රැසක් ජනතාව වෙත බෙදා හැරීමට රජය පියවර ගෙන ඇති බව හෙතෙම අවධාරණය කළේය.

2021-22 කාලවකවානුවේ පැවති ආර්ථික, සමාජයීය හා දේශපාලන අර්බුදයෙන් පසු 2024 සැප්තැම්බර් ජනාධිපතිවරණයෙන් සහ නොවැම්බර් මහ මැතිවරණයෙන් ජනතාව තුනෙන් දෙකක ශක්තිමත් ජනවරමක් ලබා දුන් බව සිහිපත් කළ අමාත්‍යවරයා, පසුගිය වසර දෙක තුළ රට දේශපාලනිකව, සමාජයීයව සහ ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම ස්ථාවර කළ බවත්, 2027 අයවැය සාකච්ඡාවට ප්‍රවිෂ්ට වන්නේ එම ස්ථාවරත්වය මත පදනම් වූ පරිවර්තනීය සංවර්ධන යුගයක් කරා ගමන් කිරීමට බවත් පැවසීය.

රට අත්පත් කරගත් ආර්ථික ස්ථාවරත්වය ජාත්‍යන්තර ප්‍රජාව සහ ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පවා ඇගයීමට ලක් කර ඇති බව පෙන්වා දුන් වෛද්‍ය නලින්ද ජයතිස්ස, 2025 වසරේ දී 5%ක ආර්ථික වර්ධනයක් ද, 2026 පළමු කාර්තුවේ දී 5.1%ක වර්ධනයක් ද අත්පත් කර ගැනීමට හැකි වූ බව සඳහන් කළේය. 2026 පෙබරවාරි 27 වැනිදා සිට මැදපෙරදිග කලාපයේ පැනනැගුණු යුදමය වාතාවරණය හේතුවෙන් දකුණු කොරියාව, ජර්මනිය ඇතුළු G20 රටවල පවා ආර්ථික වර්ධනය විශාල ලෙස පසුබෑමට ලක්ව තිබියදී, ආනයනික තෙල් මත යැපෙන රටක් ලෙස ශ්‍රී ලංකාව 2026 දෙවන කාර්තුවේ දී 4.2%ක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමට සමත් වූ බව හෙතෙම පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසර සඳහා පුරෝකථනය කළේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික ශේෂයක් වුවද, ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් 5.4%ක ප්‍රාථමික ශේෂයක් අත්පත් කර ගැනීමට රජය සමත් වූ බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම 2026 අයවැයෙන් අපේක්ෂා කළ රුපියල් බිලියන 360ක ප්‍රාථමික ශේෂ ඉලක්කය ඉක්මවා යමින්, 2026 සැප්තැම්බර් අවසන් වන විට රුපියල් බිලියන 1,844ක ප්‍රාථමික ශේෂයක් වාර්තා කරමින් අපේක්ෂිත ඉලක්කය මෙන් 5.1 ගුණයක ප්‍රගතියක් ලබා ඇති බව ද හෙතෙම අනාවරණය කළේය.

වසර 68කට පසු අඩුම අයවැය හිඟය ලෙස 2025 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක අයවැය හිඟයක් වාර්තා කළ බවත්, 2022 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.2%ක්ව පැවති රාජ්‍ය ආදායම 2025 වන විට 16.6% දක්වා ඉහළ නංවමින් වසර 23කට පසු 16% සීමාව ඉක්මවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 2022 දී රාජ්‍ය ආදායමෙන් 79.1%ක් ණය පොලී ගෙවීමට වැය වුවද, 2026 සැප්තැම්බර් වන විට එය 39.6% දක්වා අඩු කර ගැනීමටත්, 2026 ඔක්තෝබර් වන විට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 ඉක්මවා වර්ධනය කර ගැනීමටත් හැකි වූ බව ඔහු පෙන්වා දුන්නේය.

මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ උද්ධමනය 2026 ඔක්තෝබර් වන විට 8.3% දක්වා යම් ඉහළ යාමක් පෙන්නුම් කළ ද, කොවිඩ් සමයේ මෙන් රට වසා නොදමා අඛණ්ඩ තෙල් හා විදුලි සැපයුමක් සහතික කිරීමට රජය කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසීය. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමේ පීඩනය ජනතාව මත නොපටවා, 2026 අප්‍රේල් මාසයේ දී රුපියල් බිලියන 100ක සහන පැකේජයක් ද, 2026 ඔක්තෝබර් මාසයේ දී තවත් රුපියල් බිලියන 47ක සහන පැකේජයක් ද වශයෙන් රුපියල් බිලියන 147ක මුදලක් (ඉන් බිලියන 99ක් ඉන්ධන සහනාධාර ලෙස) බදු වැඩි කිරීමකින් තොරව භාණ්ඩාගාරයෙන් ලබා දුන් බව හෙතෙම සඳහන් කළේය. තවද පසුගිය වසරේ නොවැම්බර් 28 වැනිදා ඇති වූ 'දිට්වා' සුළි කුණාටුවෙන් විපතට පත් ලක්ෂ 23ක ජනතාව වෙනුවෙන් නිවාස හා ඉඩම් වන්දි ලෙස රුපියල් ලක්ෂ 50 සිට 100 දක්වා ගෙවීමට රුපියල් බිලියන 500ක් වෙන් කළ බව ද ඔහු කීය.

අයවැය හරහා ජනතාව වෙත ලබා දෙන සුබසාධන ප්රතිලාභ පිළිබඳව කරුණු දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පහත සඳහන් තොරතුරු ඉදිරිපත් කළේය:

අස්වැසුම සහ සමාජ ආරක්ෂණය: සමාජ ආරක්ෂණ දීමනා සඳහා රුපියල් බිලියන 230ක් වෙන් කර ඇති අතර, දුප්පත් කාණ්ඩයේ දීමනාව රුපියල් 8,500 සිට 10,000 දක්වාත්, අන්ත දුප්පත් කාණ්ඩයේ දීමනාව රුපියල් 15,000 සිට 17,500 දක්වාත් වැඩි කර තිබේ. ඊට අමතරව නොවැම්බර් සහ දෙසැම්බර් මාස සඳහා රුපියල් බිලියන 6ක් වෙන් කරමින් එම දීමනාලාභීන්ට පිළිවෙළින් රුපියල් 4,000ක සහ රුපියල් 6,500ක අතිරේක දීමනාවක් ලබා දී ඇත.

වැඩිහිටි සහ ආබාධිත දීමනා: රුපියල් 7,500ක්ව පැවති වැඩිහිටි දීමනාව සහ ආබාධ සහිත පුද්ගලයන්ගේ මාසික ආධාරය මේ වන විට රුපියල් 12,500 දක්වා ඉහළ නංවා තිබේ. ආබාධිත පුද්ගලයන්ට රාජ්‍ය ආයතනවලට ප්‍රවේශ වීමේ පහසුකම් සැලසීමට රුපියල් මිලියන 1,000ක් ද, තාක්ෂණික හා වෛද්‍ය උපකරණ සඳහා රුපියල් මිලියන 150ක් ද, ආබාධිත දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා රුපියල් මිලියන 200ක් ද වෙන් කර ඇත.

ළමා සහ වැඩිහිටි රැකවරණය: ළමා නිවාසවල පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500ක්, අවදානමට ලක් වූ දරුවන්ගේ සුබසාධනයට මිලියන 182ක්, විකල්ප රැකවරණ ක්‍රම සඳහා මිලියන 102ක්, පන්නල වෙල්කම් විලේජ් වැඩිහිටි නිවාසය සඳහා මිලියන 100ක් සහ රිදීගම රැඳවුම් නිවාසය වෙනුවෙන් මිලියන 75ක් වෙන් කර තිබේ.

පාසල් සහ පිරිවෙන් සිසුන් සඳහා සහන:පාසල් සිසුන් ලක්ෂ 15කට ලිපිද්‍රව්‍ය සඳහා රුපියල් 6,000 බැගින් ද, සිසුන් 850,000කට පාවහන් සඳහා රුපියල් 3,000 බැගින් ද ලබා දීමට අමතරව අභ්‍යාස පොත් මත පැවති වැට් (VAT) බද්ද ඉවත් කිරීම නිසා දෙසැම්බර් 01 වැනිදා සිට අභ්‍යාස පොත් මිල 18%කින් අඩු වේ. තවද පිරිවෙන් පැවිදි සිසුන්ගේ දෛනික දීමනාව රුපියල් 15 සිට 50 දක්වාත්, ගිහි සිසුන්ගේ දීමනාව රුපියල් 5 සිට 25 දක්වාත් ඉහළ නංවා ඇති අතර දෘශ්‍යාබාධ සහිත පාසල් සිසුන්ට ඇස් කණ්ණාඩි ලබා දීමට රුපියල් මිලියන 100ක් වෙන් කර තිබේ.

ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මහ පොළොවේ යථාර්ථය වෙනස් බවත් මේ ආණ්ඩුව සිදුකරගෙන යන පරිවර්තනීය වෙනෙස සම්බන්ධව විපක්ෂයට නැති අවබෝධයක් ජනතාවට තිබෙන බවත්ය.