ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම අනුමත නොකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී සැපයුම විධිමත් කරන ලෙසත් නියෝග කළ හැටි!
අර්බුදය පසුපස යලිත් වරක් අපට පෙනෙන්නේ බදු වංවාකි. එය දේශපාලන රැකවරනය යටතේ සිදුවූ ක්‍රියාවලියක් බවට පසුගිය කාලය පුරාම සමාජ විවේචනයක් තිබිණි. වැරැද්ද නිවැරදි කරන්නට යනවිට තීව්ර අර්බුදයක් ඇතිවන තරමට ඒ වැරැද්ද රටේ ආර්ථික ක්‍රියාවලිය තුළ මුල් බැසගෙන තිබේ. අවසන් වින්දිතයා මේ රටේ අසරණ බදු ගෙවන ජනතාවය.
LSN Sri Lanka ·

දිවයින පුරා ගෑස් සැපයුම වහාම විධිමත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන්ට දැනුම් දුන්නේය. ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය ඇතුළු පිරිසක් අද (16) උදෑසන 10.00ට පමණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකර තිබිණි.

මෙම සාකච්ඡාව සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ප්රමුඛ අධ්යක්ෂ මණ්ඩලය, මිල කළමනාකරණ අධ්යක්ෂවරයා සහ අධ්යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වූහ. එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ලාෆ්ස් සමාගම වෙත ප්‍රධාන කරුණු තුනක් ඉදිරිපත් කළේය.

ගෑස් සිලින්ඩර වෙනුවෙන් පාරිභෝගිකයින් තැන්පත් කර ඇති මුදලට සාධාරණ මුදලක් ලබා දීම කළ යුතු බව පළමු කරුණය.

දිවයින පුරා ගෑස් සැපයුම විධිමත් කිරීම දෙවන කරුණය.

එමෙන්ම, ලාෆ්ස් සමාගම විසින් සිදු කළ ගෑස් මිල ඉහළ දැමීම අනුමත නොකරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම සමාගමේ ඉහළ නිලධාරීන්ට තරයේ දැනුම් දී තිබේ.

ලාෆ්ස් ගෑස් අර්බුදයේ පසුබිම

ශ්‍රී ලංකාවේ මාසික ගෑස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 38,000ක් වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 32,000ක් හෙවත් 80%ක ප්‍රමාණයක් සපයනු ලබන්නේ ලිට්රෝ ගෑස් සමාගම විසිනි. ඉතිරි මෙට්‍රික් ටොන් 6,000 හෙවත් රටේ මාසික ගෑස් අවශ්‍යතාවයෙන් 20%ක ප්‍රමාණය සපයනු ලබන්නේ ලාෆ්ස් ගෑස් සමාගමයි. කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපය පුරා ලාෆ්ස් ගෑස් සැපයුම දැඩි ලෙස අඩාල වූ අතර වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට එම සමාගම අපොහොසත් විය.

පසුගිය කාලසීමාව තුළ සැපයුම අඩු වීමට හේතු ලෙස ලාෆ්ස් සමාගම පෙන්වා දී තිබුණේ මැදපෙරදිග යුදමය අර්බුදය හමුවේ LPG ගෑස් මිල ඉහළ යෑම, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට ඇති වූ බාධා, ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල ගණන් මෙන්ම නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යෑම ආදී කාරණා ඊට ප්‍රධාන වශයෙන් බලපෑ බවය.

කහ පාට ගෑස් හිඟය දේශීය වෙළෙඳපොළට බලපෑ අයුරු

වෙළෙඳපොළ තුළ කහ පැහැති (ලාෆ්ස්) ගෑස් සිලින්ඩර හිඟ වීමත් සමඟ රට තුළ අඛණ්ඩ ගෑස් සැපයුමක් පවත්වා ගැනීම සඳහා තම සැපයුම් වැඩි වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමට ලිට්රෝ සමාගමට සිදු විය. ඒ අනුව ලිට්රෝ සමාගම සිය මාසික ගෑස් සැපයුම මෙට්‍රික් ටොන් 12,000කින් ඉහළ නංවා මාසික සැපයුම මෙට්‍රික් ටොන් 44,000ක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එය ලිට්රෝ ගෑස් සැපයුමේ 37.5%ක කැපී පෙනෙන වර්ධනයකි.

මෙම අධික ඉල්ලුමට මුහුණ දීම සඳහා මෙරටට ගෙන්වන ගෑස් ප්‍රමාණය ද ඉහළ නැංවීමට ලිට්රෝ සමාගම කටයුතු කළේය. මෙම මාසයේ පළමු දින තුන තුළ පමණක් ගෑස් මෙට්‍රික් ටොන් 11,700ක් මෙරටට ගෙන්වා ගැනීමට එම සමාගම මැදිහත් වී තිබිණි.

මිල සංශෝධනය සහ සමාගම් දෙකේ මිල පරතරය

මෙවන් පසුබිමක් තුළ ලාෆ්ස් ගෑස් සමාගම සිය මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළේය. ඒ අනුව රුපියල් 4,965ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ නංවනු ලැබීය. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දැමීමට ද එම සමාගම පියවර ගත්තේය.

නමුත් ලාෆ්ස් සමාගමේ අවශ්‍යතාවයන් ද ආවරණය වන පරිදි වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන ලිට්රෝ සමාගම අවසන් වරට ගෑස් මිල ඉහළ දමා තිබුනේ පසුගිය අප්‍රේල් 5 වැනිදා මැදපෙරදිග අර්බුදය හේතුවෙනි. ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම ගෑස් මිල අඩු කිරීමට ලිට්රෝ සමාගම කටයුතු කළේය. ඒ අනුව මේ වන විට ලිට්රෝ සහ ලාෆ්ස් යන සමාගම් දෙකෙහි කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල අතර පරතරය රුපියල් 2,375ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලාෆ්ස් සමාගමේ ස්ථාවරය සහ රජයේ පාර්ශ්වයේ පිළිතුරෙ

මෙලෙස මිල ඉහළ දැමීමට සිදු වූ හේතු පැහැදිලි කරමින් ලාෆ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මාධ්‍ය හමුවේ සාමගම පැත්තෙන් කරුණු කීවේය.

"ආයෝජන මණ්ඩල (BOI) රෙගුලාසි යටතේ ස්ථාපිත කර ඇති හම්බන්තොට පිහිටි මෙට්‍රික් ටොන් 30,000ක ගෑස් පර්යන්තය ඉදිකර ඇත්තේ රජය විසින් දුන් බදු සහන යටතේයි. එහිදී අපට කොන්දේසි කිහිපයකට එකඟ වීමට සිදු වුණා. ඒ ටැංකි සහ යන්ත්‍රෝපකරණ ගෙනැවිත් එකලස් කරන විට රජය අපට බදු සහන ලබා දුන්නා. එහි කොන්දේසිය වන්නේ අප ගෙනැවිත් ගබඩා කරන මේ ගෑස් පිටරටට අපනයනය (Export) කළ යුතු වීමයි. එලෙස අපනයනය කරන ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 100ක් අපනයනය කළහොත්, මෙට්‍රික් ටොන් 40ක් රට ඇතුළට ලබා ගැනීමට අපට අවසර දී තිබෙනවා. නමුත් 2019 සිට 2024 කාලය දක්වා එන විට කොවිඩ් වසංගතය, අරගලය සහ ඩොලර් අර්බුදයට රට මුහුණ දුන්නා. ඒ අවස්ථාවේදී අපි අපනයනයට ප්‍රමුඛතාවය නොදී රටේ පාරිභෝගිකයා ගැන සිතා එම ගෑස් ප්‍රමාණය රට ඇතුළට ලබා ගත්තා. BOI එක සිදු කළ විගණනයක (Audit) ප්‍රතිඵලයක් ලෙස අපට එලෙස රට ඇතුළට ගෑස් ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා."

කෙසේ වෙතත්, ලාෆ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා නගන මෙම චෝදනාවට කර්මාන්ත අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැහැදිලි පිළිතුරක් ලබා දෙමින් මෙසේ සඳහන් කළේය:

"2019 සිට මේ අය, ලාෆ්ස් සමාගම, වෑගපිටිය සමාගම BOI පහසුකම් (Facility) පාවිච්චි කර තිබෙනවා. හැබැයි ඒ අදාළ සැපයුම (අපනයනය) සිදු කර නැහැ. ඒ අය දේශීය වෙළෙඳපොළට තමයි විකුණා තිබෙන්නේ. ඕක තමයි ඇත්ත කතාව. ඒ නිසා අපි රජය හැටියට කිව්වා එක්කෝ BOI පහසුකම් ගන්නවා නම් BOI නීතිවලට අනුව කටයුතු කරන්න. නැත්නම් BOI එකෙන් ඉවත් වී දේශීය වෙළෙඳපොළටම සම්පූර්ණයෙන් ගෑස් ලබා දෙන්න, හැබැයි ඒ ආකාරයට බදු ගෙවන්න. මොකද මෙතැන විශාල පරතරයක් ඇති වෙනවා. රජයේ ආයතනයක් වන ලිට්රෝ සමාගම දේශීය වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන්නේ බදු ගෙවලා දේශීය මිල ගණන්වලටයි. හැබැයි ලාෆ්ස් සමාගම BOI බදු සහන සියල්ල ලබා ගන්නා අතරම බදු නොගෙවා දේශීය වෙළෙඳපොළටම විකුණන්න ඉල්ලනවා. එය වැරදියි. 2019 සිට ඔවුන් බදු ගෙවා නැහැ. ඕක තමයි සැබෑ අර්බුදය."

අර්බුදය පසුපස යලිත් වරක් අපට පෙනෙන්නේ බදු වංවාකි. එය දේශපාලන රැකවරනය යටතේ සිදුවූ ක්‍රියාවලියක් බවට පසුගිය කාලය පුරාම සමාජ විවේචනයක් තිබිණි. වැරැද්ද නිවැරදි කරන්නට යනවිට තීව්ර අර්බුදයක් ඇතිවන තරමට ඒ වැරැද්ද රටේ ආර්ථික ක්‍රියාවලිය තුළ මුල් බැසගෙන තිබේ. අවසන් වින්දිතයා මේ රටේ අසරණ බදු ගෙවන ජනතාවය.