පූජා භූමියේ 'සදාචාරාත්මක භීතිකාව' සහ දේශපාලන මංකොල්ලය: අටමස්ථානයේ නායක හිමිවරුන්ගේ හඬට සවන් දිය යුත්තේ ඇයි?
අටමස්ථානයට ඇති සැබෑ ගෞරවය මැනිය යුත්තේ ඒ වෙනුවෙන් අප කොතරම් කෝප වන්නේද හෝ කොතරම් පොල් ගසන්නේද යන්නෙන් නොව, එහි ඓතිහාසික උරුමයත් එහි පැමිණෙන මිනිසාගේ ගෞරවයත් රැකීමට අප කොතරම් බුද්ධිමත්ව සහ වගකීමෙන් මැදිහත් වන්නේද යන්න මත බව වැළලෙන්නට හදන මහත්ම මහත්මීන්ට ගෞරවයෙන් දන්වා සිටිමු.
LSN Sri Lanka ·

අනුරාධපුරය යනු හුදු භූගෝලීය අවකාශයක් හෝ ශිලාමය නටබුන් සමූහයක් පමණක් නොවේ. සමාජ විද්‍යාත්මක අර්ථයෙන් ගත් කල, එය පරම්පරා ගණනාවක සාමූහික මතකය (Collective Memory), සංස්කෘතික අනන්‍යතාව සහ අධ්‍යාත්මික අපේක්ෂා කේන්ද්‍රගත වූ ජීවමාන සමාජ ආයතනයකි. ශ්‍රී මහා බෝධිය අබියස දොහොත් මුදුන් තබන මිනිසාත්, රුවන්වැලිසෑ මළුවේ නිහඬව හිඳින ගැහැනියත් එහි පැමිණෙන්නේ පැරණි ගොඩනැගිල්ලක් නැරඹීමේ සංචාරක කුතුහලයකින් නොවේ. ඔවුන් එහිදී සම්බන්ධ වන්නේ තමන්ට වඩා විශාල ඓතිහාසික ප්රවාහයකටත්, ජීවිතයේ අනිත්‍ය බව සහ දුක දරාගැනීමට ශක්තිය සපයන ආධ්‍යාත්මික විශ්වයකටත්ය.

එබැවින් අටමස්ථාන භූමියේ සිදුවන කවර හෝ වෙනසක් සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිවන සංවේදීතාව අතිශය ස්වාභාවිකය. එම සාමූහික සංවේදීතාවට ගරු කළ යුතුය. එහෙත්, ජනතාව තුළ පූජා භූමිය කෙරෙහි පවතින අව්‍යාජ භක්තිය සහ ආදරය සංවිධානාත්මක 'සදාචාරාත්මක භීතිකාවක්' (Moral Panic) බවට පරිවර්තනය කර, එම භීතිය පටු දේශපාලන බල ව්‍යාපෘතීන්ගේ ඉන්ධන බවට පත්කර ගැනීම හාත්පසින්ම වෙනස් සමාජ-දේශපාලන මංකොල්ලයකි. අද අප අභිමුව ඇති තීරණාත්මක අභියෝගය වන්නේ මේ අව්‍යාජ සංවේදීතාව සහ දේශපාලනිකව නිර්මාණය කළ භීතිය අතර ඇති රේඛාව පැහැදිලිව වෙන්කර හඳුනාගැනීමය.

අනුරාධපුර පූජා නගර සැලැස්ම පිළිබඳ වත්මන් ආරවුල තුළ අප දකින්නේ එම දෘෂ්ටිවාදී මෙහෙයුමය. භූමිය රැකගැනීමේ සාධාරණ සමාජ උනන්දුව අතරට 'රාම කෝවිලක් ඉදිකිරීම' වැනි අවිද්‍යාත්මක හා ප්‍රබන්ධාත්මක චෝදනා අවතීර්ණ වූ සැණින්, සමස්ත සමාජ සංවාදය වන්දනාකරුවන්ගේ පහසුකම්, පුරාවස්තු සංරක්ෂණය සහ පූජනීය පරිසරය පිළිබඳ තාර්කික තලයෙන් ඉවතට ඇදී යයි. එතැන් සිට එය හැසිරවෙන්නේ 'ආගම සහ ජාතිය අනතුරේ' යන මිථ්‍යා භීතිකාව වටා ගොනු වූ හැඟීම්බර කැළඹීමක් ලෙසය.

භාරකාරත්වයේ බර සහ පිටස්තරයන්ගේ ඝෝෂාව

බුද්ධශාසන අමාත්‍යාංශයේ ඊයේ (16) පැවති මාධ්‍ය සාකච්ඡාව කියවාගත යුත්තේ මේ සමාජ-දේශපාලන පසුබිම තුළය. වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලිසෑ චෛත්‍යාධිකාරී ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමි සහ අභයගිරිය විහාරාධිපති හිමි එහිදී ඉදිරිපත් කළේ සමාජ මාධ්‍ය අවකාශයේ හෝ කොළඹ වායුසමනය කළ ශාලාවල සිට න්‍යාය පත්‍ර සකසන පුද්ගලයන්ගේ අදහස් නොවේ. තමන් භාරයේ ඇති ඓතිහාසික පූජා භූමිය පිළිබඳ සමස්ත ජාතියට සහ ඉතිහාසයට වගකියන නායක හිමිවරුන්ගේ ඍජු පැහැදිලි කිරීමකි.

මේ පුදබිම් සහ උන්වහන්සේලා අතර ඇති සම්බන්ධය උත්සවයකට පැමිණ පිටව යන ආරාධිතයකුගේ සම්බන්ධයක් නොවේ. දිනපතා මේ පින්බිමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්, ඔවුන්ගේ මූලික අවශ්‍යතා, භූමියට සිදුවන පාරිසරික හා භෞතික හානි සහ ඒවා වළක්වාගැනීමේ ප්‍රායෝගික දුෂ්කරතා උන්වහන්සේලා සියැසින් දකිති. පූජා භූමිය ආරක්ෂා කිරීම උන්වහන්සේලාට මාධ්‍ය නිවේදනයකට සීමා වූ සටන් පාඨයක් නොව, දෛනිකව උරදෙන ජීවිත වගකීමකි.

එම නිසා මේ ප්‍රකාශයට හිමි ආයතනික හා සදාචාරාත්මක බර සමාජය විසින් හඳුනාගත යුතුය. නිශ්චිත භූමියක ඓතිහාසික භාරකාරත්වය දරමින්, අදාළ තීරණ ගැනීමේ සාකච්ඡාවලට ඍජුව සහභාගි වී කරන වගකීම් සහගත පැහැදිලි කිරීමක් සහ පිටත සිට දේශපාලන වාසි තකා පතුරුවන චෝදනාවක් එකම සමාජ තලයක තැබිය නොහැකිය. නායක හිමිවරුන්ගේ ආයාචනය අතිශය සරලය: "මේ භූමිය රැකගැනීමට එක්වන්න. අදහස් ඉදිරිපත් කරන්න. අවශ්‍ය වෙනස්කම් සාකච්ඡා කරන්න. අනවශ්‍ය බියකින් වැඩ කඩාකප්පල් නොකරන්න." එහි ඇත්තේ වගකීම් සහගත පුරවැසි සහභාගිත්වයක් සඳහා සමාජයට කරන විවෘත ආරාධනයකි.

රාම කෝවිල් ප්‍රබන්ධය සහ 'අනෙකා' පිළිබඳ භීතිය
ඉන්දීය ආධාර යටතේ අනුරාධපුර පූජා නගරයේ රාම කෝවිලක් ඉදිකිරීමට යන බවට පැතිර යන ප්‍රචාරය, මෙම සංවාදයේ වඩාත්ම සංවේදී මෙන්ම පදනම් විරහිත කාරණය ලෙස භික්ෂූන් වහන්සේලා විසින් සෘජුවම ප්‍රතික්ෂේප කරනු ලැබූහ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට පැමිණි අවස්ථාවේදී, අපවත් වී වදාළ හිටපු අටමස්ථානාධිපති නායක හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ඉන්දීය ආධාර හිමිවන බව අභයගිරි විහාරාධිකාරී හිමියෝ පැහැදිලි කළහ. එහි එකම අරමුණ වූයේ බුද්ධගයාව සහ සාරානාත් වැනි ජාත්‍යන්තර මට්ටමේ පූජනීය ස්ථාන හා සමානව, මහා විහාරය ඇතුළු අටමස්ථානයට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පොදු පහසුකම් සංවර්ධනය කිරීම මිස වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමේ කොන්දේසියක් ඊට ඇතුළත් නොවන බව උන්වහන්සේ අවධාරණය කළහ.

ඉන්දියානු සහයෝගය මත ක්‍රියාත්මක වන මෙවැනි ව්‍යාපෘතීන් හමුවේ, අතිශය පටු දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් අතාර්කික විරෝධතා නිර්මාණය කිරීමේ අතීත අත්දැකීම් අප සතුව තිබේ. උදාහරණය 1990 සුවසැරිය ගිලන් රථ සේවය ය. එවකට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ මහජන බෙදාහැරීම් පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ මැදිහත් වීමෙන් ඉන්දීය ආධාර යටතේ මෙරටට සුවසැරිය ගිලන් රථ සේවය හඳුන්වා දුන්නේය. එම සද් ව්‍යාපෘතියට එවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මවන ලද එම විරෝධයේ ප්‍රමාණය කොතෙක්ද යත්, සුවසැරිය ගිලන් රථයක් රෝහල් භූමියක් තුළ නවතා තැබීමට පවා ඉඩ නොලැබුණු අතර, ඒවා නවතා තැබීමට සිදු වූයේ සමීපතම පොලිස් ස්ථාන භූමිවලය. එහෙත් අද වන විට මෙරට නිදහස් සෞඛ්‍ය සේවයේ අතිශය ප්‍රභාමත්ම අංගයක් බවට පත්ව ඇත්තේ එම ගිලන් රථ සේවයමය. අනුරාධපුර පූජා නගර සංවර්ධනය වටා ගෙතෙන "රාම කෝවිල්" භීතිකාව තුළ එම අතීත අඳුරේ පුනරුච්ඡාරණය දකිමින් සිටිමු.

මීට අමතරව, අටමස්ථානය වැනි යුනෙස්කෝ ලෝක උරුම පුරාවිද්‍යා බිමක පෞරාණික ස්වරූපය වෙනස් වන ආකාරයේ කිසිදු "නව ඉදිකිරීමක්" සිදු නොකරන බව ද මෙහිදී තහවුරු කෙරිණි. එවැනි නෛතික අවකාශයක් ද රටේ නීති රාමුව තුළ නැති බව අවධාරණය කෙරෙනි. සිදු කෙරෙන්නේ වන්දනාකරුවන්ගේ පහසුව උදෙසා වැසිකිළි පද්ධති වැඩිදියුණු කිරීම, මාර්ග තදබදය අවම කිරීම, පාපැදි හා පදික මංතීරු සැකසීම සහ කෞතුකාගාර පහසුකම් නංවාලීම වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පමණක් බව සහතික කෙරිනි.

වැටක් වටා ගොඩනැඟුණු දෘෂ්ටිවාදී බිය

වැට පිළිබඳ විවාදයට නායක හිමිවරුන් දුන් පිළිතුර තුළ ඇත්තේද ප්‍රායෝගික යථාර්ථයකි. කලකට පෙර ඉදිකළ වැටක ඉතිරි කොටස සම්පූර්ණ කිරීම සඳහා ඉල්ලීමක් තිබූ බව ඤාණතිලක හිමි පැවසූහ. සතුන්ගෙන් වන හානි, අපද්‍රව්‍ය බැහැර කිරීම, පුරාවස්තු මත වාහන නැවැත්වීම සහ අනවසර ඉදිකිරීම් පාලනය කිරීම එහි එකම අරමුණ විය. උන්වහන්සේලා කිව්වේ හැකිනම් අටමස්ථානය වටාම වැටක් ගැසීමේ ප්‍රායෝගික අවශ්‍යතාවයක් ඇති බවය.

දේශපාලන ප්‍රචාරය තුළ පූජා භූමිය බැතිමතුන්ගෙන් වෙන් කර කොටු කරන බියජනක සංකේතයක් බවට පත් කළ 'වැට', භාරකාර හිමියන්ගේ විස්තරය තුළ හුදු ප්‍රායෝගික ආරක්ෂණ අවශ්‍යතාවක් පමණක් බව තහවුරු වූයේය. එපමණක් නොව, එම වැට යෝජනාව දැන් අත්හැර ඇති බවත්, ඉසුරුමුණිය, වෙස්සගිරිය සහ රන්මසු උයන ආශ්රිත වැට පිළිබඳ අදහස්ද හුදු සංකල්ප මට්ටමේ පැවති දේ පමණක් බවත් උන්වහන්සේ පැහැදිලි කළහ. සැලැස්මේ සෑම අදහසක්ම වෙනස් කළ නොහැකි අවසාන තීරණයක් නොවන බවත් හිමිවරු අවධාරණය කළහ. මේ යෝජනා සංවාදයට විවෘතය. එමෙන්ම යෝජනාවක් අත්හැරීමටද ඉඩ තිබේ. එහෙත් යෝජිත දෙයක්, ක්‍රියාත්මක දෙයක් සහ අත්හැර දැමූ දෙයක් එකට මිශ්‍ර කර සමාජගත කළ විට ජනතාවට සත්‍යය අවබෝධ කරගැනීමට ඇති ඉඩකඩ ඇහිරී යයි. සිදුවී ඇත්තේ මෙයය.

වන්දනාවේ ආධ්‍යාත්මිකත්වය පිටුපස ඇති නොපෙනෙන ශ්‍රමය

මාධ්‍ය සාකච්ඡාවේ වඩාත් මානුෂික හා සමාජ විද්‍යාත්මකව වැදගත් කොටස වූයේ පූජා භූමියේ දෛනික කළමනාකරණය පිළිබඳ විස්තරය ය. රුවන්වැලිසෑයට පැමිණ මල් පූජා කරන බැතිමතා තම පූජාවෙන් අධ්‍යාත්මික සැනසීමක් ලබයි. එහෙත් දහස් ගණනකගේ මල් පූජා අවසානයේ එකතු වන ද්‍රව්‍ය ඉවත් කරන්නේ කවුද? මළුව පිරිසිදුව තබන්නේ කවුද? වැසිකිළි පද්ධති පවත්වාගෙන යන්නේ කවුද?

නායක හිමියන් කතා කළේ ඒ නොපෙනෙන ශ්‍රමය සහ පරිපාලන වගකීම ගැනය. ඇතැම් දිනවල මල් ඉවත් කිරීමට ට්‍රැක්ටර් 12කට අවශ්‍ය වන බවත්, වැලි මළුව නඩත්තු කිරීමට වාර්ෂිකව ට්‍රැක්ටර් 200කට වැඩි වැලි ප්‍රමාණයක් අවශ්‍ය බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. මහා පරිමාණ පින්කම් සංවිධානය කරන සියලු දෙනා ඒවාට පැමිණෙන ජනතාවගේ මූලික සනීපාරක්ෂක පහසුකම් ගැන වගකීමක් නොගන්නා බවද උන්වහන්සේ සිහිපත් කළහ. එවැනි අවස්ථාවල දී දිය පොදක් නැතිව අසරණවන බැතිමතා වෙනුවෙන් කළ හැකි මැදිහත්වීමේ ප්‍රායෝගික සීමාවන් උන්වහන්සේලා හෙළි කළහ.

මෙය පූජා භූමියේ ආධ්‍යාත්මික අර්ථයෙන් වෙන් වූ භෞතික කතාවක් නොවේ. පිපාසයෙන් සිටින වන්දනාකරුවකුට පිරිසිදු ජලය තිබීමත්, වයෝවෘද්ධයකුට පහසුවෙන් ගමන් කළ හැකි වීමත්, දරුවකුට පිරිසිදු වැසිකිළියක් තිබීමත් වන්දනාවේ ගෞරවයට ඍජුවම අදාළය. සංස්කෘතිය රැකීම යනු පැරණි ගොඩනැගිල්ලක් දෙස දුර සිට ගෞරවයෙන් බැලීම පමණක් නොවේ. එය වඳින්නට එන මිනිසාගේ මනුෂ්‍ය ගෞරවය රැකීමද ඒ සන්ධර්භය තුළ තඅබේ.

ජීවමාන උරුමයක් සඳහා විද්‍යාත්මක දැනුම සහ ජනතා යහපත

අනුරාධපුරය සංරක්ෂණය කළ යුත්තේ මළ කෞතුකාගාරයක් ලෙස නොව, ජීවමාන පූජා නගරයක් ලෙසය. එහි පැරණි ස්මාරක මෙන්ම අද ජීවත් වන මිනිසුන්ගේ චලනයන්ද තිබේ. මේ ජීවමාන පැවැත්මත් පෞරාණිකත්වයත් එකවර ආරක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යාව, ජල කළමනාකරණය සහ නාගරික සැලසුම්කරණය වැනි විවිධ ක්ෂේත්රවල විද්‍යාත්මක දැනුම අත්‍යවශ්‍යය. විද්වත් සභාවක් පිහිටුවන ලෙස නායක හිමිවරුන් කළ ඉල්ලීම තුළ ඇත්තේ ආගමික භාරකාරත්වය සහ නූතන විශේෂඥ දැනුම ඒකාබද්ධ කිරීමේ දැක්මකි. මේ වනවිට 32ක ගේ සහභාගීත්වයෙන් යුතු එම බුද්ධි කේන්ද්‍රය පිහිටුවා තිබේ.

එමෙන්ම, පූජා නගරයේ පදිංචි ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීමේ කිසිදු අදහසක් නොමැති බවත්, ලෝලුගස්වැවේ යෝජිත උප නගරය තුළ පාසල්, බැංකු සහ නීත්‍යානුකූල ඉඩම් හිමිකම සහිත පහසුකම් සපිරි පරිසරයක් නිර්මාණය වන්නේ පූජා නගරයෙන් ස්වේච්ඡාවෙන් ඉවත්වීමට කැමති සුදුසු පුද්ගලයන් වෙනුවෙන් බවත් ඤාණතිලක හිමි පැහැදිලි කළහ.

තවද, මුලදී ජනතාවට නිසි ලෙස කරුණු සන්නිවේදනය කිරීමට නොහැකි වීමේ අඩුව නිහතමානීව පිළිගත් නායක හිමිවරුන්, ගැසට් පත්‍රයේ සංශෝධන සහ මහජන අදහස් ලබාගැනීමටද විවෘත අවකාශයක් තබා ඇත.

'භක්තිමත් වෙළෙඳපොළ' සහ බුද්ධිමය පුරවැසියාගේ වගකීම

අවසාන වශයෙන්, අප මේ සමස්ත අර්බුදය දෙස ගැඹුරු සමාජ විද්‍යාත්මක කෝණයකින් බැලීමට සබුද්ධික සහෘදයන් වෙත ඇරයුම් කරමු.

ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන ඉතිහාසය තුළ 'ආගමික උරුමය අනතුරේ' යන සටන් පාඨය යනු ඕනෑම තාර්කික සංවාදයක් අඩපණ කළ හැකි ප්රබලතම දෘෂ්ටිවාදී අවියකි. පොල් ගැසීමෙන්, ශාප කිරීමෙන් හෝ අද්භූත විනාශයන් ප්‍රාර්ථනා කිරීමෙන් පුරාවිද්‍යාත්මක හෝ නාගරික සැලසුම් ගැටලු විසඳිය නොහැකි බව අප දැන සිටියද, ඇතැම් දේශපාලන බලවේගවලට අවශ්‍ය වන්නේ ප්රශ්නය විසඳීම නොව, 'ප්රශ්නය ජීවමානව තබාගැනීම' හරහා සිය දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමය. මෙය ආගමික සංවේදීතාව 'දේශපාලන වෙළෙඳපොළක' අලෙවි කිරීමේ ක්‍රියාවලියකි.

රජවරුන් 104 දෙනකු දිවි හිමියෙන් රැකගත්, තමන්ගේ ඇට, මස්, ලේ සහ නහර සමඟ බැඳුණු ඓතිහාසික උරුමය තමන් වහන්සේලාගේ භාරකාරත්වය යටතේ විනාශ වන්නට ඉඩ හරිනු ඇතැයි විශ්වාස නොකරන ලෙස අටමස්ථානයේ නායක හිමිවරු ඉල්ලා සිටිති. එම ඉල්ලීමේ වලංගුභාවය ප්‍රශ්න කරන අතීත අත්දැකීම් ඇති බව සැබෑය. එහෙත් මේ මොහොතේ උන්වහන්සේලා ඉල්ලා සිටින්නේ අන්ධ භීතියක් වෙනුවට ප්‍රඥාවන්ත සංවාද ප්රවේශයකි. වෙනස ඇත්තේ එතැනය.

මේ පසුබිමේ දි අද අප හමුවේ ඇති තේරීම පැහැදිලිය. අප තෝරාගන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ වෛරය සහ බිය වපුරන 'පිටස්තර ඝෝෂාව' ද, එසේත් නැතිනම් පූජා භූමියේ දෛනික දුක-සැප උසුලන 'භාරකාර නායක හිමිවරුන්ගේ ප්‍රායෝගික අත්දැකීම් සහිත වගවීමේ ප්රකාශනය ද යන්නය. එය අප තීරණය කළ යුතුය.

අටමස්ථානයට ඇති සැබෑ ගෞරවය මැනිය යුත්තේ ඒ වෙනුවෙන් අප කොතරම් කෝප වන්නේද හෝ කොතරම් පොල් ගසන්නේද යන්නෙන් නොව, එහි ඓතිහාසික උරුමයත් එහි පැමිණෙන මිනිසාගේ ගෞරවයත් රැකීමට අප කොතරම් බුද්ධිමත්ව සහ වගකීමෙන් මැදිහත් වන්නේද යන්න මත බව වැළලෙන්නට හදන මහත්ම මහත්මීන්ට ගෞරවයෙන් දන්වා සිටිමු.