LSN News › Sri Lanka

නකල්ස් ගල් ගුහාවේ ළාබාල මවගේ බිළිඳියට උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීමට විවාහය බාධාවක් නොවේ – නීතිමය පැහැදිලි කිරීමක්!

දෙමව්පියන් විවාහ වී නොසිටියද, තම බිළිඳියගේ උප්පැන්න සහතිකයට පියා ලෙස නම ඇතුළත් කිරීමට එම පුද්ගලයා කැමැත්ත පළ කරන්නේ නම් ඒ සඳහා කිසිදු නීතිමය ගැටලුවක් නොමැති බව හෙතෙම පෙන්වා දෙයි. එමෙන්ම, පියාගේ නම නොමැති වුවද බිළිඳියගේ මවගේ නම පමණක් ඇතුළත් කර උප්පැන්න සහතිකය නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කරයි.

LSN Sri Lanka · 17 November 2026

නකල්ස් ගල් ගුහාවේ ළාබාල මවගේ බිළිඳියට උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීමට විවාහය බාධාවක් නොවේ –  නීතිමය පැහැදිලි කිරීමක්!

නකල්ස් කඳුකරයේ ගල් ගුහාවක සිටියදී සොයාගත් ළාබාල මවගේ බිළිඳියට උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීම සඳහා මව හා පියා නීත්‍යානුකූලව විවාහ වී නොසිටීම කිසිදු බාධාවක් නොවන බව වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ පවසයි.

</p>

<p>

මව සහ පියා නීත්‍යානුකූලව විවාහ වී නොසිටීම හේතුවෙන් මෙම බිළිඳියට උප්පැන්න සහතිකය ලබා ගැනීම ගැටලුවක් වී ඇති බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවද වෛද්‍ය සුභසිංහ අවධාරණය කරයි.

</p>

<p>

දෙමව්පියන් විවාහ වී නොසිටියද, තම බිළිඳියගේ උප්පැන්න සහතිකයට පියා ලෙස නම ඇතුළත් කිරීමට එම පුද්ගලයා කැමැත්ත පළ කරන්නේ නම් ඒ සඳහා කිසිදු නීතිමය ගැටලුවක් නොමැති බව හෙතෙම පෙන්වා දෙයි. එමෙන්ම, පියාගේ නම නොමැති වුවද බිළිඳියගේ මවගේ නම පමණක් ඇතුළත් කර උප්පැන්න සහතිකය නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කරයි.

</p>

<p>

උප්පැන්න සහතිකය තුළ 'මව හා පියා විවාහකද' යන්න විමසා ඇති ඡේදය තුළ 'විවාහක නොමැති බව' සඳහන් කිරීමට නීතියෙන් අවස්ථාව සලසා ඇති බවද වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ වැඩිදුරටත් පැහැදිලි කරයි.