LSN News › Sri Lanka

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය හෙට සංකේත වැඩ වර්ජනයක!

අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහ සම්මේලනයේ භාණ්ඩාගාරික ටී.ඒ.ඩී. සුරංජීව සඳහන් කළේ මෙම සංකේත වැඩ වර්ජනය හේතුවෙන් හෙට දිනයේදී සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි පරිපාලන කටයුතු මුළුමනින්ම බිඳ වැටෙනු ඇති බවය.

LSN Sri Lanka · 17 November 2026

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය හෙට සංකේත වැඩ වර්ජනයක!

මෙවර අයවැය මගින් තෝරා ගත් පිරිසකට පමණක් දීමනා සහ අතිකාල දීමනා වැඩි කිරීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්, හෙට (18) දිනයේදී රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අනධ්‍යයන කාර්ය මණ්ඩලය තීරණය කර තිබේ.

</p>

<p>

අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහ සම්මේලනයේ භාණ්ඩාගාරික ටී.ඒ.ඩී. සුරංජීව සඳහන් කළේ මෙම සංකේත වැඩ වර්ජනය හේතුවෙන් හෙට දිනයේදී සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි පරිපාලන කටයුතු මුළුමනින්ම බිඳ වැටෙනු ඇති බවය.

</p>

<p>

පසුගිය අයවැය මගින් ද තමන්ගේ දීමනා සහ අතිකාල දීමනා කප්පාදුවකට ලක් කළ බව පෙන්වා දුන් සුරංජීව, එම අවස්ථාවේදී ගැටලු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද එය නොලැබුණු බව කියා සිටියේය. මෙවර අයවැයෙන් ද විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයට කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

</p>

<p>

මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කඩිනමින් අවස්ථාවක් ලබා නොදුනහොත්, ඉදිරි සතියේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවන බවත්, එය ඇතැම් විට අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා වුවද ව්‍යාප්ත විය හැකි බවත් ඔහු අනතුරු අඟවා සිටියේය.

</p>

<p>

තමන් ආරම්භ කරන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බලවත් අසාධාරණයක් සිදුවන නමුත්, එම තත්ත්වයට සෘජුවම වගකිව යුත්තේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය නොව වත්මන් ආණ්ඩුව බව ද සුරංජීව අවධාරණය කළේය.