LSN News › Sri Lanka

අධිකරණයට සහ විනිසුරුට අපහාස කිරීම ගැන බලංගොඩ කස්සප හිමියන් සමාව අයැද සිටී — ත්‍රිකුණාමලය නඩුවෙන් ඇප ලැබුණත් රුවන්වැලි සිද්ධියට තවදුරටත් රිමාන්ඩ්!

ත්‍රිකුණාමලය අධිකරණයට සහ අනුරාධපුර විනිසුරුට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අධිකරණයෙන් සමාව අයැද ඇප ලබාගත්තද රුවන්වැලි සෑය අසල ගැටුමේ නඩුවට තවදුරටත් රිමාන්ඩ්.

LSN Sri Lanka · 17 November 2026

අධිකරණයට සහ විනිසුරුට අපහාස කිරීම ගැන බලංගොඩ කස්සප හිමියන් සමාව අයැද සිටී — ත්‍රිකුණාමලය නඩුවෙන් ඇප ලැබුණත් රුවන්වැලි සිද්ධියට තවදුරටත් රිමාන්ඩ්!

ත්‍රිකුණාමලය අධිකරණයට සහ අනුරාධපුර අධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම මෙන්ම පෙර ලබා දී තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (17) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සමාව අයැද සිටියේය.

</p>

<p>

අද නඩුව කැඳවූ අවස්ථාවේදී උන්වහන්සේ සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට මෙම සමාව ඉල්ලීම ඉදිරිපත් කළ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් කස්සප හිමි ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

</p>

<p>

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීම හරහා වෙරළ ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට අදාළ නඩුව නොවැම්බර් 11 වැනිදා කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කස්සප හිමිට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් වී තිබුණි. ඒ අනුව ඊයේ (16) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

</p>

<p>

කෙසේවෙතත්, අද ත්‍රිකුණාමලය අධිකරණයෙන් ඇප හිමි වුවද බලංගොඩ කස්සප හිමියන්ට තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුව තිබේ. ඒ, අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්මට එරෙහිව පැවැත්වූ සත්‍යග්‍රහයක් අසල රුවන්වැලි මහා සෑ පුදබිම ආසන්නයේ ඇතිවූ කලහකාරී සිද්ධියට අදාළව නොවැම්බර් 26 වැනිදා දක්වා රිමාන්ඩ් නියෝග ලැබී තිබීම හේතුවෙනි.