LSN News › Sri Lanka

නාමල් රාජපක්ෂට එරෙහි එයාර්බස් නඩු කටයුත්ත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසන් කෙරේ - නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට !

මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ මීට පෙර ඇප මත මුදා හැර තිබුණි. නමුත් අල්ලස් කොමිසම (CIABOC) විසින් එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති අධි චෝදනා නඩුවට අදාළව ඔහුව හෙට (19) දක්වා බන්ධනාගාර භාරයේ තබා ගැනීමට නියෝග කර තිබිණි.එනිසා අද ඔහුව අධිකරණයට රැගෙන ආවේ බන්ධනාගාර නිලධාරීන් මගිනි.

LSN Sri Lanka · 18 November 2026

නාමල් රාජපක්ෂට එරෙහි එයාර්බස් නඩු කටයුත්ත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසන් කෙරේ - නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (නොවැම්බර් 18) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබීය.

ශ්‍රී ලංකන් ගුවන්සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු කටයුත්ත අවසන් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ මුල් වාර්තාව සහ නඩු භාණ්ඩ මේ වන විටත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යොමුකර තිබෙන බවය.

CID විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර ඇති බැවින්, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම නඩු කටයුත්ත අවසන් කරන ලෙසය.

පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන මේ වන විටත් මියගොස් ඇති බවත්, ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් CID ආයතනයට ලැබී නොමැති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය. ප්‍රියංකා නියෝමාලි සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන සැකකරුවන් දෙදෙනාට විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන බවද කරුණු දැක්විණි.

සිව්වන සැකකරු වන නාමල් රාජපක්ෂට අදාළව CIABOC විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බවත්, හෙට (19) දිනය දක්වා බන්ධනාගාර භාරයේ තබා ගැනීමට නියෝග කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ. ඒ අනුව නඩුකරය මෙම අධිකරණයෙන් අවසන් කරන ලෙස ඉල්ලා සිටි අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු කටයුත්ත අවසන් කරන බවට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ මීට පෙර ඇප මත මුදා හැර තිබුණි. නමුත් අල්ලස් කොමිසම (CIABOC) විසින් එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති අධි චෝදනා නඩුවට අදාළව ඔහුව හෙට (19) දක්වා බන්ධනාගාර භාරයේ තබා ගැනීමට නියෝග කර තිබිණි.එනිසා අද ඔහුව අධිකරණයට රැගෙන ආවේ බන්ධනාගාර නිලධාරීන් මගිනි.

හෙට (19) දිනයේදී එම ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඔහුව ඉදිරිපත් කිරීමට නියමිතයි.

මහින්ද රාජපක්ෂගේ 81 වැනි උපන්දිනයට නාමල්ගෙන් සුබ පැතුම

අද විශේෂ සිද්ධියක් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වැනි උපන්දිනයට (1945 නොවැම්බර් 18) නාමල් රාජපක්ෂ මහතාට බන්ධනාගාරයේ සිට සුබ පැතීමට සිදුවීමයි. ඔහු සිය ෆේස්බුක් පිටුව හරහා පියා වෙත ආදරණීය සුබ පැතුම් පණිවිඩයක් එක්කර තිබූ අතර, එය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

පණිවිඩයේ ඔහු සඳහන් කර ඇත්තේ, “ආදරණීය තාත්තේ, මේ වසරේ ඔබගේ උපන්දිනය වෙනුවෙන්, ඔබ අසලින් සිටිමින් ඔබට සුබ පතන්නට නොහැකි ව පවුලෙන් සහ ආදරණීයයන්ගෙන් වෙන් ව මේ අසීරු කාලය ගත කිරීමට සිදු වුවද, සිර මැදිරියේ බැමිවලට එහා ඔබ වෙනුවෙන් මට ඇති ආදරයත්, ගෞරවයත් අසීමිතව දැනෙන බව සටහන් කරමි” යනුවෙනි. තවදුරටත් පියාගේ නායකත්වය, ඉවසීම සහ ධෛර්යය ගැන සඳහන් කරමින්, “දෑත් වලින් ඔබ ව වැළඳ ගත නොහැකි නිසා, අකුරුවලින් ඔබ වැළඳ ගැනීමට සිතුවෙමි” යනුවෙන් ලියා තිබේ. “සුබ උපන්දිනයක් වේවා මගේ ආදරණීය තාත්තේ! හදපිරි ආදරයෙන්, ඔබේ ආදරණීය ලොකු පුතා, නාමල්” යනුවෙන් පණිවිඩය අවසන් වේ.