LSN News › Sri Lanka

ආනන්ද පාලිත අත්අඩංගුවට ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති නායකයෙකුගේ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින්!

2015 සිට 2018 දක්වා කාලය තුළ ආනන්ද පාලිත විසින් නීති විරෝධී අයුරින් රුපියල් ලක්ෂ 31කට (රු. 3,111,601) අධික අතිකාල දීමනා ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල 2024 ඔක්තෝබර් 07 වැනිදා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායකයෙක් විසින් ඉදිරිපත් කර තිබූ බවත් ඒ අනුව සිදුකළ අභ්‍යන්තර විගණන වාර්තාව මත පදනම්ව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CIB) සිදුකළ විමර්ශනයකින් පසුව අධිකරණ නියෝග මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත්, මෙහි කිසිදු දේශපාලන පළිගැනීමක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

LSN Sri Lanka · 18 November 2026

ආනන්ද පාලිත අත්අඩංගුවට ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති නායකයෙකුගේ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින්!

වෘත්තීය සමිති නායක ඩී.ඩී. ආනන්ද පාලිත අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් රංජිත් හෙට්ටිආරච්චි විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකෙරුණු විමර්ශනයකින් පසුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අද (18) ප්‍රකාශ කළේය.

</p>

<p>

අයවැය විවාදයට පෙරාතුව ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත පළ වූ අදහස් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

</p>

<p>

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ 2015 සිට 2018 දක්වා කාලය තුළ ආනන්ද පාලිත විසින් නීති විරෝධී අයුරින් රුපියල් ලක්ෂ 31කට (රු. 3,111,601) අධික අතිකාල දීමනා ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල 2024 ඔක්තෝබර් 07 වැනිදා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කර තිබූ බවයි. ඒ අනුව සිදුකළ අභ්‍යන්තර විගණන වාර්තාව මත පදනම්ව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CIB) සිදුකළ විමර්ශනයකින් පසුව අධිකරණ නියෝග මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත්, මෙහි කිසිදු දේශපාලන පළිගැනීමක් නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

</p>

<p>

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ තමා මේ සම්බන්ධයෙන් පළමුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබූ බවත්, ඛනිජ තෙල් සංස්ථාව තුළ සිදුවූ තවත් දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇති බැවින් ඒවා පිළිබඳවද නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්ය.

</p>

<p>

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ පැමිණිලි ඉදිරිපත් වී ඇති අනෙකුත් සියලුම දූෂණ වංචා සම්බන්ධයෙන්ද තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවයි.