LSN News › Sri Lanka

රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු දෙදෙනෙකු අත් අඩංගුවට!

සද්ධාරතන හිමි අත්අඩංගුවට ගනු ලබන්නේ අධිකරණය විසින් පොලිසියෙන් ඒ සම්බන්දව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි දිනට පසුවෙනිදා ය. පරීක්ෂණ දිගටම පවතින අතර, නොවැම්බර් 26 වැනිදා අධිකරණයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පෙනී සිට කරුණු දැක්වීමට නියමිතය.

LSN Sri Lanka · 18 November 2026

රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු දෙදෙනෙකු අත් අඩංගුවට!

අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පිහිටි දන්සැල් කලාපයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී නොවැම්බර් 12 වැනිදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන හිමි සහ තවත් පුද්ගලයෙකු අනුරාධපුර පොලිසිය විසින් අද (18) අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් වාර්තා අනුව, ඔවුන් අද පෙරවරුවේ අනුරාධපුර පොලිස් ස්ථානයට කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ගැටුමට මුල් වූ බවට චෝදනා එල්ල වී ඇති සද්ධාරතන හිමි ඇතුළු පිරිස පිළිබඳව පරීක්ෂණ දිගටම පවතී.

ගැටුමේ පසුබිම

නොවැම්බර් 7 වැනිදා සිට බලංගොඩ කස්සප හිමි ප්‍රමුඛ භික්ෂූන් කිහිප නමක් සහ ගිහි පිරිසක්, යෝජිත අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට විරෝධය පළ කරමින් රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.

එය පසුව මාරාන්තික උපවාසයක් දක්වා වර්ධනය කරන බව බලංගොඩ කස්සප හිමි ප්‍රකාශ කළහ. අධිකරණය එම පිරිසට ස්ථානයෙන් ඉවත් වන ලෙස නියෝග කර තිබුණද ඔවුන් එම නියෝගය නොසලකා හැර තිබිණි. එම අධිකරණ නියෝගය නිශ්ක්‍රීය කරන ලෙස ඉල්ලා කළ ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර මුල් නියොගය නැවතත් තහවුරු කළේය. එහෙත් මේ පිරිස එම භූමියෙන් පිටව ගියේ නැත.

නොවැම්බර් 12 වැනිදා රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු කණ්ඩායමක් සත්‍යග්‍රහ භූමියට පැමිණීමත් සමඟ දෙපාර්ශ්වය අතර වචන හුවමාරුවක් හටගෙන එය භෞතික ගැටුමක් දක්වා වර්ධනය විය. ගැටුමේදී සද්ධාරතන හිමිගේ හිසට තුවාල සිදුවී ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලදී.

පොලිසිය මැදිහත් වී බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නමක්, පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත්තේය

අධිකරණ නියෝග සහ නීතිඥවරුන්ගේ චෝදනා

නොවැම්බර් 17 වැනිදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ ට නියෝග කළේ, එළඹෙන 26 වැනිදා විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිට, සද්ධාරතන හිමි ඇතුළු පුද්ගලයන් 25කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි කරුණු දක්වන ලෙසය.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, බලංගොඩ කස්සප හිමි හැර සෙසු සැකකරුවන් හත් දෙනෙකු වෙනුවෙන් ඉන්දික ඉඹුල්පිටිය සහ නුවන් බැල්ලන්තුඩාව යන නීතිඥවරුන් ඉදිරිපත් කළ ඇප මෝසමක් සලකා බැලීමේදීය. ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරන ලදී.

නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ, ගැටුමට මුල් වූ බව කියන සද්ධාරතන හිමි ඇතුළු 25කට අධික පිරිසක් අත්අඩංගුවට ගත යුතු වුවද පොලිසිය එසේ කටයුතු නොකළ බවත්, ගැටුම වළක්වා ගැනීමට පොලිසියට හැකියාව තිබියදීත් එසේ නොකළ බවත්ය. එමෙන්ම, සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමේදී ගැටුම මෙහෙයවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිළිබඳවද සැකයක් මතුවන බවට ඔවුන් චෝදනා කර ඇත.

මේ වනවිට බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් හත් දෙනා නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අධිකරණය ඔවුන්ට මත්ද්‍රව්‍ය පරීක්ෂණ සහ මානසික සෞඛ්‍ය පරීක්ෂණ සිදු කර වාර්තා ඉදිරිපත් කරන ලෙසද නියෝග කර ඇත.

සද්ධාරතන හිමි අත්අඩංගුවට ගනු ලබන්නේ අධිකරණය විසින් පොලිසියෙන් ඒ සම්බන්දව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි දිනට පසුවෙනිදා ය. පරීක්ෂණ දිගටම පවතින අතර, නොවැම්බර් 26 වැනිදා අධිකරණයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පෙනී සිට කරුණු දැක්වීමට නියමිතය.