LSN News › Sri Lanka

නාමල් රාජපක්ෂට ලබා දුන් ඇප නියෝගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්!

ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අල්ලස් කොමිසම ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

LSN Sri Lanka · 18 November 2026

නාමල් රාජපක්ෂට ලබා දුන් ඇප නියෝගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්!

ප්‍රශ්නගත ක්‍රිෂ් (Krrish) ගනුදෙනුවට අදාළව සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

</p>

<p>

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

</p>

<p>

ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබුණි.

</p>

<p>

එම මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර තිබූ අතර, එය සලකා බැලූ මහාධිකරණය විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ ඇප නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

</p>

<p>

අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව, එම ප්‍රතිශෝධන අයදුම්පත වැඩිදුර විභාග කිරීම සඳහා දින නියම කිරීමට ද කොළඹ මහාධිකරණය කටයුතු කර ඇත.