ඥානසාර හිමියන්ගේ සිව් වසරක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි!
මහාධිකරණ තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එම අභියාචනය අද දින විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය නියම කළ දඬුවම ඒ ආකාරයෙන්ම තහවුරු කර තිබේ.
LSN Sri Lanka ·
ඉස්ලාම් ආගමට අපහාස කිරීම සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේදී නියම කරන ලද බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය අද (නොවැම්බර් 18) තහවුරු කළේය.

අදාළ දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඉවත දමමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

නඩුවේ පසුබිම

2016 මාර්තු 30 වන දින කොළඹ, කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය පිළිබඳව ඥානසාර හිමියන් පළ කළ ප්‍රකාශයන් පදනම් කර ගනිමින් නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන වගන්තිය යටතේ මෙම නඩුව ගොනු කර තිබිණි. එම ප්‍රකාශයන් මගින් ඉස්ලාම් ආගමට අපහාස සිදුවන බවටත්, විවිධ ජාතීන් හා ආගම් අතර පවතින සංහිඳියාවට බාධා එල්ල වන බවටත් එහිදී චෝදනා එල්ල විය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණය 2024 වසරේදී එම චෝදනාවලට ඥානසාර හිමියන් වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවමක් සහ රුපියල් 100,000ක දඩයක් නියම කළේය.

මහාධිකරණ තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එම අභියාචනය අද දින විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය නියම කළ දඬුවම ඒ ආකාරයෙන්ම තහවුරු කර තිබේ.