නීතිවිරෝධී මද්‍යසාර භාවිතයයෙන් මත්පැන් නිශ්පාදනය - තින්දුවට අභියෝග කරමින් හිඟුරාන ඩිස්ටිලරීස් සමාගම ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි - රජයට රුපියල් මිලියනයක නඩු ගාස්තු ගෙවීමට නියෝග!
මෙම නඩුව 2015 වසර දක්වා දිවයන්නක් වන අතර, රේගු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස ආනයනය කළ බවට සැකකෙරෙන එතිල් ඇල්කොහොල් (Ethyl Alcohol) ලීටර් 51,860ක පමණ ප්‍රමාණයක් හිඟුරාන ඩිස්ටිලරීස් සමාගම විසින් භාවිත කර ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව එවකට විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
LSN Sri Lanka ·

මත්පැන් නිෂ්පාදනය සඳහා නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද මද්‍යසාර භාවිත කිරීමේ චෝදනාවකට අදාළව ශ්‍රී ලංකා රේගුව විසින් ගනු ලැබූ තීරණයකට එරෙහිව හිඟුරාන ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම (Hingurana Distilleries (Pvt) Ltd) සහ එහි කළමනාකාර අධ්යක්ෂවරයා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

එමෙන්ම, පෙත්සම්කරුවන්ට රජය වෙත රුපියල් මිලියනයක (රු. 1,000,000) නඩු ගාස්තුවක් ගෙවන ලෙස ද අධිකරණය විසින් නියෝග කර ඇත.

බී. සසී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරු මඩුල්ල විසින් බදාදා (18) දින මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. විනිසුරු බී. සසී මහේන්ද්‍රන් විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම තීන්දුවට විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ද සිය එකඟතාව පළ කර තිබේ.

මෙම නඩුව 2015 වසර දක්වා දිවයන්නක් වන අතර, රේගු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස ආනයනය කළ බවට සැකකෙරෙන එතිල් ඇල්කොහොල් (Ethyl Alcohol) ලීටර් 51,860ක පමණ ප්‍රමාණයක් හිඟුරාන ඩිස්ටිලරීස් සමාගම විසින් භාවිත කර ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව එවකට විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එම රේගු පරීක්ෂණයෙන් අනතුරුව, 2015 වසරේ අප්‍රේල් මාසයේදී අදාළ සමාගමට, එහි කළමනාකාර අධ්යක්ෂවරයාට සහ සේවකයින්ට මූල්‍ය දණ්ඩන (Financial Forfeitures) පැනවීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගත්තේය.

කෙසේ වෙතත්, රේගුවේ එම තීරණය අවලංගු කරන ලෙසත්, දණ්ඩන වශයෙන් ගෙවූ බවට සමාගම විසින් ප්‍රකාශ කරන රුපියල් මිලියන 270ක මුදල ආපසු ලබා දෙන ලෙසත් ඉල්ලමින් හිඟුරාන ඩිස්ටිලරීස් සමාගම සහ එහි කළමනාකාර අධ්යක්ෂ වී.ඒ.ඩී.එන්.පී. පෙරේරා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි.

මුල් රේගු පරීක්ෂණය අතරතුරදී, පෞද්ගලික මූල්‍ය ලාභ අපේක්ෂාවෙන් තෙවන පාර්ශ්වීය සැපයුම්කරුවෙකුගෙන් පෞද්ගලිකව මද්‍යසාර මිලදී ගෙන මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කළ බවට සමාගමේ සේවකයින් දෙදෙනෙකු විසින් පිළිගෙන තිබූ බව සඳහන් විය. එම ක්‍රියාකාරකම් සමාගමේ කළමනාකාරීත්වයේ දැනුවත්භාවයකින් හෝ මැදිහත්වීමකින් තොරව සිදුවූ බවට පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ තර්ක කර තිබුණි.

එහෙත්, ප්‍රමාණවත් අධීක්ෂණයක් සහ අභ්‍යන්තර පාලනයක් නොතිබූ බව පවසමින් රේගු පරීක්ෂණය අතරතුරදී කළමනාකාර අධ්යක්ෂවරයා විසින් ඒ පිළිබඳ වගකීම භාරගෙන ඇති බව අභියාචනාධිකරණය නිරීක්ෂණය කළේය. තවද, රේගුවේ තීරණය වෙනත් අධිකරණයකදී හෝ ආයතනයකදී අභියෝගයට ලක් කිරීමට තමන් අදහස් නොකරන බවට ඔහු එම පරීක්ෂණය අතරතුරදී පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ද අධිකරණය සඳහන් කළේය.

අධිකරණමය මැදිහත්වීමක් අවශ්‍ය වන පරිදි රේගුවේ තීරණය නීතිවිරෝධී, අසාධාරණ හෝ නීතියේ දෝෂයකට ලක්වූවක් බව තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අපොහොසත් වී ඇති බව අභියාචනාධිකරණය සිය තීන්දුවේදී පෙන්වා දුන්නේය.

මීට අමතරව, මුල් රේගු තීරණයෙන් සෘජුවම බලපෑමට ලක්වූ පුද්ගලයින් මෙම රිට් පෙත්සමේ පාර්ශ්වකරුවන් ලෙස ඇතුළත් කර නොමැති බව ද අධිකරණය වැඩිදුරටත් නිරීක්ෂණය කර තිබේ. එමෙන්ම, මීට පෙර වගකීම භාරගැනීම සහ රේගු නියෝගයට අභියෝග නොකරන බවට ලබා දුන් ප්‍රතිඥාව ඇතුළු වැදගත් කරුණු කළමනාකාර අධ්යක්ෂවරයා විසින් සිය දිවුරුම් ප්‍රකාශයේ හෙළිදරව් කිරීමට අපොහොසත් වී ඇති බව ද අධිකරණය තීරණය කළේය.

ඒ අනුව, අදාළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය, රජය වෙත රුපියල් මිලියනයක නඩු ගාස්තුවක් ගෙවන ලෙස පෙත්සම්කරුවන්ට නියෝග කළේය.