LSN News › Sri Lanka

කාවන්තිස්ස හස්තියා මියගියේ වෙඩි වැදීමකින් නොවේ – සැබෑ මරණ හේතුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිවෙයි!

අධිකරණයට ඉදිරිපත් කළ අතුරු පශ්චාත් මරණ වාර්තාවට අනුව, කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතුව මහාන්ත්‍රයේ ගැටගැසීම, සෙප්ටික් කම්පනය සහ ඉන් ඇති වූ බහු අවයව සංකූලතා වේ.

LSN Sri Lanka · 19 November 2026

කාවන්තිස්ස හස්තියා මියගියේ වෙඩි වැදීමකින් නොවේ – සැබෑ මරණ හේතුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිවෙයි!

කාවන්තිස්ස හස්තියාගේ මරණයට සෘජු හේතුව වෙඩි වැදීමක් නොව, මහාන්ත්‍රයේ ගැටගැසීම් සහ ඒ ආශ්‍රිතව ඇති වූ සෙප්ටික් කම්පනය හේතුවෙන් හටගත් බහු අවයව සංකූලතා බව අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

හස්තියාගේ ශරීරයෙන් මූනිස්සම් කිහිපයක් හමුවී තිබුණද, ඒවායින් අභ්‍යන්තර අවයවවලට හෝ අස්ථීන්වලට කිසිදු හානියක් සිදුවී නොමැති බවද එම වාර්තාව මගින් තහවුරු කර ඇත.

කාවන්තිස්ස හස්තියා මියයෑමේ සිද්ධියට අදාළ නඩුව ගල්ගමුව මහේස්ත්‍රාත් රවීන්ද්‍ර රංජන් බණ්ඩාර හමුවේ ඊයේ (18) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ මහාචාර්ය ආර්.ආර්.එම්.කේ.කේ. විජේසුන්දර විසින් කාවන්තිස්ස හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

වෙඩි වැදීම් මරණයට හේතු නොවූ බවට වෛද්‍ය සාක්ෂි

අධිකරණයට ඉදිරිපත් කළ අතුරු පශ්චාත් මරණ වාර්තාවට අනුව, කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතුව මහාන්ත්‍රයේ ගැටගැසීම, සෙප්ටික් කම්පනය සහ ඉන් ඇති වූ බහු අවයව සංකූලතා වේ.

හස්තියාගේ දකුණු පාදයේ නිදන්ගත තුවාල තුනක් තිබුණද, ඒවා තුළ මූනිස්සම් හෝ උණ්ඩ කොටස් හමුවී නොමැත. දකුණු උදර සහ උරස් බිත්තියෙන් මූනිස්සම් තුනක් හමුවී ඇතත්, ඒවායින් අභ්‍යන්තර අවයවවලට හෝ අස්ථීන්වලට හානි සිදුවී නොමැති බව වාර්තාවේ පැහැදිලිව සඳහන් වේ.

කෙසේ වෙතත්, මහාචාර්ය ආර්.ආර්.එම්.කේ.කේ. විජේසුන්දර ඉදිරිපත් කළ මෙම වාර්තාවේ කරුණු මත මරණය සම්බන්ධව ප්‍රශ්නාර්ථයක් මතු කර ඇති බව ගල්ගමුව මහේස්ත්‍රාත් රවීන්ද්‍ර රංජන් බණ්ඩාර ප්‍රකාශ කළේය.

නීතිඥවරුන්ගේ ඉල්ලීම් සහ මහේස්ත්‍රාත් නියෝග

මරණය සම්බන්ධ විමර්ශන වනජීවී දෙපාර්තමේන්තුවට පවරන ලෙසත්, ජාත්‍යන්තර විශේෂඥ මණ්ඩලයකින් වැඩිදුර පරීක්ෂණ කරන ලෙසත් අතරමැදි පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම් මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය. මීළඟ නඩු දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහකාර පොලිස් අධිකාරී ඉන්දික ගමගේට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණි.

වනජීවී දෙපාර්තමේන්තුවට එල්ල වූ චෝදනා සහ පිළිතුරු

අලි සංරක්ෂණයට වෙන් කළ රුපියල් බිලියන 10 වැය නොකිරීම සහ මේ වසරේ මියගිය අලි ඇතුන් 280කට අධික සංඛ්‍යාව සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වගකිව යුතු බව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණයේදී චෝදනා කළේය. රෝගීව සිටි හස්තියා වීඩියෝගත කර සමාජ මාධ්‍යවල පළ කිරීම සහ ප්‍රතිකාරවලින් පසු නිසි අධීක්ෂණයක් නොකිරීම පිළිබඳවද එහිදී ප්‍රශ්න කෙරුණි.

එමෙන්ම, හස්තියාගේ උදරයේ යට කොටසට වෙඩි වැදීම, හස්තියා බිම වැටී සිටියදී සිදු වූවක් විය හැකි බැවින්, අදාළ වනජීවී නිලධාරීන්ගේ ගිනි අවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත යුතු බව නීතිඥ රෝහිත රාජකරුණා අධිකරණය හමුවේ කියා සිටියේය.

කෙසේ වෙතත් මීගලෑව වනජීවී අඩවි ආරක්ෂකවරයා අධිකරණයට දන්වා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව හස්තියා වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කළ බවත්, එල්ල වන චෝදනා පදනම් විරහිත බවත්ය.