LSN News › Sri Lanka

අක්වාන් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය අහිතකර හා දැඩි අහිතකර මට්ටමට!

පවතින අහිතකර වායු තත්ත්වය හමුවේ කුඩා දරුවන්, වැඩිහිටියන්, ගර්භනී කාන්තාවන් සහ ශ්වසන ආබාධ ඇති පුද්ගලයින් මේ පිළිබඳව විශේෂ අවධානයකින් පසුවිය යුතු බව සෞඛ්‍ය හා පරිසර අංශ අවධාරණය කරයි. එළිමහන් කටයුතු හැකිතාක් සීමා කිරීමටත්, අත්‍යවශ්‍ය ගමන් බිමන්වලදී KN95 හෝ N95 වර්ගයේ මුව ආවරණ පැළඳීමටත් මහජනතාවට නිර්දේශ කෙරේ.

LSN Sri Lanka · 19 November 2026

අක්වාන් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය අහිතකර හා දැඩි අහිතකර මට්ටමට!

දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ බස්නාහිර පළාත්වල ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය අහිතකර හා දැඩි අහිතකර මට්ටමකට පහළ වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

අද (නොවැම්බර් 19) උදෑසන සිදු කළ මිනුම්වලට අනුව යාපනයේ වායු ගුණාත්මක දර්ශකය (AQI) 200 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, එය “දැඩි අහිතකර” කාණ්ඩයට අයත් වේ.

මීට අමතරව බත්තරමුල්ල (179), හලාවත (164), කිලිනොච්චිය (158), අනුරාධපුරය (157), මන්නාරම (155) සහ ත්‍රිකුණාමලය (151) යන ප්‍රදේශවලද වායු ගුණාත්මක දර්ශක අගයන් “අහිතකර” මට්ටමේ පවතී.

මෙම තත්ත්වය උද්ගත වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට වර්ධනය වී පවතින

අක්වාන් (Akvan) සුළි කුණාටුවයි. මේ වන විට ප්‍රචණ්ඩ සුළි කුණාටු (Severe Cyclonic Storm) මට්ටමේ පසුවන අක්වාන් සුළි කුණාටුව ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් කිලෝමීටර් 700ක් පමණ දුරින් ස්ථානගතව තිබේ. එය තවදුරටත් උතුරු-වයඹ දෙසට ගමන් කරමින් හෙට (නොවැම්බර් 20) පමණ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කළේ, අක්වාන් සුළි කුණාටුව හේතුවෙන් සුළං රටාව වෙනස් වී ඉන්දියාව දෙසින් දූෂක කාරක (විශේෂයෙන් PM2.5 සහ PM10 අංශු) මෙරටට ගෙන එන බවය.

මේ හරහා සිදුවන අන්තර් දේශසීමා වායු සංසරණය මගින් වායු දූෂණය පළමුව උතුරු ප්‍රදේශයෙන් ආරම්භ වී ක්‍රමයෙන් රට මැදට ව්‍යාප්ත වී ඇත. සාමාන්‍යයෙන් මෙම කාලසීමාවේදී ඊසාන දිග මෝසම දූෂක ප්‍රවාහනය සඳහා පසුබිමක් සැපයුවද, මෙවර මෙම තත්ත්වයට සෘජු හා ප්‍රබලතම හේතුව වී ඇත්තේ අක්වාන් සුළි කුණාටුව නිසා හටගත් සුළං ප්‍රවාහයයි. පසුගිය වසරවලද මෙම කාලසීමාව තුළ මෙවැනිම අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වූ බව ආචාර්ය අජිත් ගුණවර්ධන වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

වායු ගුණාත්මකභාවය පහළ යාමත් සමඟ කොළඹ, ගම්පහ සහ ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයක අද උදෑසන මීදුම් සහිත ස්වභාවයක් ද දක්නට ලැබුණි. මධ්‍යම පරිසර අධිකාරිය පුරෝකථනය කරන පරිදි මෙම අහිතකර වායු තත්ත්වය තවත් දින දෙකක් හෝ තුනක් පැවතිය හැකි අතර, අක්වාන් සුළි කුණාටුව ඉන්දියාවට ගොඩබැසීමෙන් පසු සුළං රටාව වෙනස් වී තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පවතින අහිතකර වායු තත්ත්වය හමුවේ කුඩා දරුවන්, වැඩිහිටියන්, ගර්භනී කාන්තාවන් සහ ශ්වසන ආබාධ ඇති පුද්ගලයින් මේ පිළිබඳව විශේෂ අවධානයකින් පසුවිය යුතු බව සෞඛ්‍ය හා පරිසර අංශ අවධාරණය කරයි. එළිමහන් කටයුතු හැකිතාක් සීමා කිරීමටත්, අත්‍යවශ්‍ය ගමන් බිමන්වලදී KN95 හෝ N95 වර්ගයේ මුව ආවරණ පැළඳීමටත් මහජනතාවට නිර්දේශ කෙරේ.

දිවයිනේ නවතම වායු ගුණාත්මක දත්ත පිළිබඳ තොරතුරු මධ්‍යම පරිසර අධිකාරියේ AirShare වේදිකාව (aq.cea.lk) ඔස්සේ පරීක්ෂා කළ හැකිය.