දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ සුලු ගින්න පාලනය කෙරේ... කාර්යාල කටයුතු සාමාන්‍ය ආකාරයට...
ගින්න ගොඩනැගිල්ලේ සිසිලන කුළුණක් (cooling tower) සම්බන්ධව ඇතිවූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්තා අනාවරණය කරයි. මෙය මධ්‍යම වායු සමීකරණ පද්ධතියට අදාළ සුළු හදිසි ගිනිගැනීමක් ලෙස වාර්තා වේ.
LSN Sri Lanka ·

කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ අද (නොවැම්බර් 19) පස්වරුවේ ඇතිවූ සුළු ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇත.
</p>
<p>
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොදවා තිබුණි. පස්වරු 3.02 ට පමණ ගින්න පාලනය කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත.
</p>
<p>
ගින්න ගොඩනැගිල්ලේ සිසිලන කුළුණක් (cooling tower) සම්බන්ධව ඇතිවූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්තා අනාවරණය කරයි. මෙය මධ්‍යම වායු සමීකරණ පද්ධතියට අදාළ සුළු හදිසි ගිනිගැනීමක් ලෙස වාර්තා වේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ, ගින්නෙන් කාර්යාල කටයුතුවලට කිසිදු බාධාවක් නොමැති බවත්, දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්ය. ගින්නෙන් සිදුවූ හානියේ ප්‍රමාණය හා නිශ්චිත හේතුව පිළිබඳ වැඩිදුර විමර්ශනයන් සිදුවෙමින් පවතී.