Sport · Sri Lanka Bureau
චොර වෙන්නම පරාදය... බලාගෙන ඉන්නේ පරාජයේ කුජීත මීටරය නවතින තැන ගැනය..!
ශ්රී ලංකා කණ්ඩායමට අද (19 බ්රහස්පතින්දා) දිනයේ සැසි තුන පුරාම පන්දුවට පහර දුන්නේ ඉනිමක පරාජයෙන් බේරෙන්නටය. ඉනිකම පරාජයෙන් නම් යන්තම් බේරුනේය. හෙට සිකුරාදා ය. දිවා ආහාරයට පෙර මෙම අවසන් ටෙස්ට් තරගය ජයග්රහණය කර පකිස්ථාන ක්රීඩකයින්ට සිකුරාදා පල්ලි යන්නට හැකිය.
LSN Sri Lanka ·

මැච් එක ගැන අපට තිබුණේ ප්රධාන අපේක්ෂා දෙකකි. එකක් තරගය දින තුනක් ඇතුළත ඉනිමකින් හෝ කඩුළු හත අටකින් පරදින්නේ ද නැතිනම් දින හතරක් තුළ ඉනිමකින් සහ කඩුලු හත අටකින් පරදින්නේ ද යන්නය.

දැන් එක සැකයක් අහවරය. තරගය දින තුකින් සහ ඉනිමකින් පරදින්නේ නැත. හෙට දිනයේ කඩුළු හත අටකින් පරදින්නට නියමිතය. තරගය දවස් හතරක් පැවැත්වෙන්නේය.

“ෂා... ඒකත් ලොකු දෙයක්“ දැන් ඇත්තේ එහෙම කියා හිත හදා ගන්නටය.

ශ්රී ලංකා කණ්ඩායමට අද (19 බ්රහස්පතින්දා) දිනයේ සැසි තුන පුරාම පන්දුවට පහර දුන්නේ ඉනිමක පරාජයෙන් බේරෙන්නටය. ඉනිකම පරාජයෙන් නම් යන්තම් බේරුනේය. හෙට සිකුරාදා ය. දිවා ආහාරයට පෙර මෙම අවසන් ටෙස්ට් තරගය ජයග්රහණය කර පකිස්ථාන ක්රීඩකයින්ට සිකුරාදා පල්ලි යන්නට හැකිය.

තරගයේ තෙවැනි දිනය නිමා වන විට ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 309ක් ලබා ගෙනය. ඔවුන් පාකිස්තානයට වඩා ඉදිරියෙන් සිටින්නේ ලකුණු 82කින් පමණි. දිනය නිමා වන විට මිලාන් රත්නායක නොදැවී ලකුණු 60ක් ලබා සිටි අතර, අසිත ප්රනාන්දු නොදැවී ලකුණු 2ක් ලබා ඔහු සමඟ කඩුල්ලේ රැඳී සිටියේය.

මේ නියත පරාජය සම්බන්ධ ස්ථාවර සොහොන් ලකුනු ශ්රි ලංකා කණ්ඩායම මත වැටුනේ පළමු දිනයේ උදේවරුවේදීය. ඕවර 36ක් යන්නට පෙර සියල්ලන්ම ලකුණු 98කට දැවි යෑම වැනි හතර විලිලජ්ජාවේ පන යන ටෙස්ට් ගැහිල්ලක් ගැන අප තබා පකිස්ථානයේ උන්වත් කල්පනා කළේ නැත.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායකයා සිය වේගපන්දු යවන්නන්ට හිතකර තණතීරුවේ පළමුව පන්දු යැවීමට තීරණය කළේය. තරගය ආරම්භ වී මිනිත්තු 75ක් ඇතුළත ශ්රී ලංකා ඉනිමේ කඩුලු 5ක් දවා ගැනීමට ඔවුහු සමත් වූහ. එහි ප්රතිඵලයක් ලෙස ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 98කට සීමා විය. ඊට පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායමේ කඩුළු පහක් ලකුණු 95කට දවා ගැනීමට ලහිරු කුමාර සමත් වූයේය. ඒත් පකිස්ථාන ක්රීඩකයෝ ලකුණු 325ක් රැස් කළහ. ලකුණු 325ක් යනු ටෙස්ට් ඉනිමක මහ ලොකු ලකුණක් නොවේ. එහෙත් පළමු ඉනිමේ අප දැවී ගොස් තිබුණේ ලකුණු 98කට ය. එවැනි කුජිත ගැහිල්ලකින් පසු ඔවුන් හිටියේ අපට වඩා ලකුණු 227ක දැවැන්ත පළමු ඉනිමේ වාසියක් සමගය.

බ්රහස්පතින්දා දිනය ආරම්භ වන විට ශ්රී ලංකා දෙවැනි ඉනිම සටහන් වූයේ කඩුලු 3කට ලකුණු 74ක් ලෙසිනි. පෙර දිනයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි පිතිකරුවන් දෙදෙනාම සාර්ථක ආරම්භයක් ලබා ගත්තද, ඔවුන් දෙදෙනාටම අර්ධ ශතක කරා ළඟා වීමට නොහැකි විය. ආමර් ජමාල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ධනංජය ද සිල්වා ලකුණු 37කට දැවී ගියේය. ඉන් අනතුරුව රසාඋල්ලා යොමු කළ පන්දුවකට කඩුලු රකින ක්රීඩක ඝාසි ඝෝරි වම් පසට පැන රැකගත් විශිෂ්ට උඩපන්දුවක් හේතුවෙන් පසිඳු සූරියබණ්ඩාරගේ ඉනිම ලකුණු 38කට නිමා විය.

කෙසේ වෙතත්, නායක කුසල් මෙන්ඩිස් සහ සොනාල් දිනූෂ එක්ව ශ්රී ලංකා ඉනිමට යම් බලාපොරොත්තුවක් ගෙන දුන්හ. ඔවුන් දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සබඳතාවක් ගොඩනැගූහ. ලකුණු 53ක් ලබා සිටි කුසල් මෙන්ඩිස්, සල්මාන් අඝාගේ පන්දුවකට ස්වීප් පහරක් එල්ල කිරීමට යාමේදී පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

අනතුරුව මිලාන් රත්නායක සමඟ එක් වූ සොනාල් දිනූෂ තවත් ලකුණු 53ක සබඳතාවක් ගොඩනගමින් පාකිස්තානය සතුව තිබූ පළමු ඉනිමේ ලකුණු පරතරය මකා දැමීමට සමත් විය. නමුත් පාකිස්තානය දෙවැනි නව පන්දුව ලබා ගැනීමත් සමඟ යළිත් තරගයේ පාලනය සියතට ගත් අතර, ආමර් ජමාල්ගේ පන්දුවකට මිඩ්-විකට් කලාපයට පුල් පහරක් එල්ල කළ දිනූෂ උඩපන්දුවක් ලබා දෙමින් ලකුණු 54කට දැවී ගියේය.

දිනයේ අවසන් පන්දුවාරය දක්වාම සටන්කාමී පිතිහරඹයක නිරත වූ මිලාන් රත්නායක, මොහොමඩ් අබ්බාස්ගේ පන්දුවකට පන්දු යවන්නාගේ හිසට ඉහළින් අලංකාර හතරේ පහරක් එල්ල කරමින් පන්දු 82කදී නොදැවී ලකුණු 60ක් ලබා දිනය නිමා කළේය.

සිකුරාදා දිනයේදී පාකිස්තානයට හඹා යාමට සිදුවන ඉලක්කය කොපමණද යන්න තීරණය වනු ඇත්තේ රත්නායක සහ අසිත ප්රනාන්දු අතර පවතින මෙම අවසන් කඩුල්ලේ සබඳතාව මතය. සිකුරාදා උදෑසන මෙම යුගලයට අමතර ලකුණු එක් කිරීමට නොහැකි වුවහොත් පාකිස්තානයට හිමිවන ජයග්රාහී ඉලක්කය ලකුණු 83ක් පමණක් වනු ඇත. තරගය දිවා ආහාරයෙන් ඔබ්බට රැගෙන යාමට නම් ශ්රී ලංකා කණ්ඩායමට මිලාන් රත්නායකගෙන් තවත් අමතර ලකුණු කිහිපයක් හිමි විය යුතුය. නැතිනම් නව පන්දුවෙන් පාකිස්තාන ඉනිමේ මුල් කඩුලු කිහිපයක් ඉක්මනින් දවා ගත යුතුය.

මේ ඉනිම ක්රිඩා කරන ආකාරය ගැන මිලාන් රත්නායකට හිස නමා ආචාර කළ යුතුය. කොහොම උනත් පරාද වීම ස්ථිරය. පරාජයේ කුජිත මීටරය නවතින තැන හෙට තීරණය වනු ඇත.